ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ බලය වසර 27 කට පසු භාරතීය ජනතා පක්ෂය සතු විය. ඒ, පසුගිය 5 වැනිදා පැවැති දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණය ජය ගනිමිනි.
පසුගිය වසර 10 ක කාලය පුරාවට, දිල්ලි ප්‍රාන්තය, දූෂණ විරෝධී ක්‍රියාකාරී අරවින්ද් කෙජ්රිවාල්ගේ ‘ආම් ආද්මී’ (පොදු මිනිසා) පක්ෂයේ බලකොටුව විය.
ආසන 70 කින් සමන්විත දිල්ලි ප්‍රාන්ත සභාවේ බහුතරය සඳහා ආසන 36 ක් දිනා ගැනීම කළ යුතු වූ අතර, මැතිවරණ ප්‍රතිඵල ඊයේ (8) නිකුත් වෙද්දී, භාරතීය ජනතා පක්ෂයට ආසන 48 ක් දිනා ගෙන තිබුණි. කෙජ්රිවාල් සහ ඔහුගේ ‘ආම් ආද්මී’ පක්ෂයට දිනා ගැනීමට හැකි වී තිබුණේ ආසන 22 ක් පමණි.
දිල්ලි ප්‍රාන්තයේ බලය තම පක්ෂය සතු වීම, ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණයක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයකින් පැවැසුවේ, ඡන්දය දුන් සහ නොදුන් සැමට ස්තුති කරමිනි.
පසුගිය වසර 10 ක් තිස්සේ රැකගත් බලය අහිමි වීම, ‘ආම් ආද්මී’ පක්ෂය පමණක් නොව, එහි නායක අරවින්ද් කෙජ්රිවාල් ද ලැබූ දැවැන්ත පරාජයක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
‘ආම් ආද්මී’ පක්ෂය ‘ඉන්දියා’ යන නමින් හැඳින්වෙන ඉන්දීය විපක්ෂ සන්ධානයේ හවුල්කාර පක්ෂයකි. ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානයට නායකත්වය දෙන්නේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොංග්‍රස්’ පක්ෂයයි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වසර 27 කට පසු දිල්ලිය මෝදිට