
(මදුශානි අබේසිංහ)
පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ, ත්‍රීරෝද රථයේ රියැදුරු වන සෝමපුර, සිරිමංගලපුර, පදිංචි සිටි 70 වියති, එච්.එම්. කරුණාරත්න යන අය වන අතර තුවාල ලැබූ තවත් තිදෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලබන බව පරීක්‍ෂණ සිදුකරන පොළොන්නරුව රෝහල් පොලිසිය පවසයි.
මෙම අනතුර අද (08) උදෑසන හයයි තිහට පමණ සිදුව ඇති බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
862
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට
ගුණරත්න Sunday, 09 February 2025 06:30 PM
මේ විදියේ අනතුරු වෙලා හැම අවුරුද්දෙම සෑහෙන පිරිසක් මැරෙනවා. ඔය ලොරි කාරයෝ වාහන නවත්තනකොට පාරේ දෙපැත්තේම වංගු නැති තැනක් බලල පුළුවන් තරම් අයින් කරලා නවත්වන්න දැනගන්න ඕනෑ, වාහනේ දුරට දර්ශනය වෙන්නේ නැත්නම් අනතුරු අඟවන සංඥා ලාම්පුවක් හරි එල්ලන්න ඕනෑ.