ශ්‍රිලනිප විධායක සභාවට එරෙහි වාරණය ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ විශේෂ රැස්වීම අද පස්වරු 2.30 කැඳවීම වළක්වමින් ඇමති නිමල් සිරිපාලද සිල්වාට හා දුමින්ද දිසානායක මහත්වරුන්ට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි එම පක්ෂයේ සාමාජිකයින් තිදෙනෙකු කළ ඉල්ලීම කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය. 19 June 2024
මට කිසිවක් ඇහෙන්නේ නැතිව ගියා - අල්කා යාග්නික් බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය පසුබිම් ගායිකාවක වන අල්කා යාග්නික් දුර්ලභ ශ්‍රවණාබාධ රෝගී තත්ත්වයකින් පෙලෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 19 June 2024
පේරාදෙණිය සරසවියේ අනධ්‍යන සේවකයින් සත්‍යග්‍රහයක දැනට දින 50කට ආසන්න කාලයක සිට වැඩ වර්ජනයක නිරතව සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් ගලහ මංසන්ධියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කොට තිබේ . 19 June 2024
බටහිර රටවල් කනස්සල්ලෙන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට පූර්ණ සහාය ලබා දෙන බව, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරටට පැමිණි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පවසා ඇත. මෙය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි කනස්සල්ලට හේතුවක් වී තිබේ. 19 June 2024
ණය දුන් රටවල් සමග ගිවිසුමක් ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 June 2024
පසු අස්වනු හානිය සියයට 25කින් පහලට එළවළු හා පළතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 19 June 2024
මුද්දරයක අවම මිල 100 වෙයි තැපැල් මුද්දරයක අවම මිල රුපියල් සියය දක්වා ඉහල දැමීමට අනුමැතිය ඉතා මෑතකදී ම ලැබෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි. 19 June 2024
’’කණ්ඩායමේ වැරදි නිසා තරඟාවලිය අහිමි වුණා’’ ‘අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා මේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. මම කණ්ඩායමේ නායකයා සහ ක්‍රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව ගොඩක් කණගාටු වෙනවා ‘ යැයි වනිදු හසරංග අද(19 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පැවසීය . 19 June 2024
විමධ්‍යගත මුදල් හැඳි දෙකකින් බෙදලා විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත අරමුදල් සතයක්වත් ලැබී නැතත් සමහරුන්ට මිලියන සීයක්, දෙසීයක් බැගින් බෙදා දී ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී අද(19)පැවසීය. 19 June 2024
මිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්න මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 19 June 2024
සැකකරු සැරයන්ගේ හිසට දුරකතනයෙන් පහරදීලා බීමතින් ත්‍රී රෝද රථයක් පැදවීම සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ස්වසන නල පරීක්ෂාව සිදුකරමින් සිටියදී සැකකරු ජංගම දුරකතනයෙන් පොලිස් සැරයන්වරයගේ හිසට පහරදීමෙන් තුවාල ලැබූ සැරයන්වරයා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි. 19 June 2024
පියුමිගේ ගිණුම් 19 ක වාර්තා කැඳවන්න අධිකරණ නියෝගයක් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා රහස් පොලිසියට අවසර ලබා දුන්නේ දුන්නේය. 19 June 2024
නිදා සිටියදී අවදි කළැයි කොස්තාපල්ට වෙඩි තියන්න හදලා කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරී යෙදී සිටි නිලධාරියා නිදාගෙන සිටියදී අවදි කළ බව කියන සිද්ධියකට උරනව තවත් කොස්තාපල්වරයෙකුට පිස්තෝලයකින් වෙඩි තැබීමට තැත් කලයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප සේවක රාජකාරියේ සිටි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 19 June 2024
වැස්ස වැඩිවෙයි දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 June 2024
වවුනියාව පොළොව සෙලවෙයි වවුනියාව හා කැබිතිගොල්ලෑ අතර ප්‍රදේශයන් හි පොළවේ ඊයේ (18) රාත්‍රී 11.02 පමණ කාලයේ සුළු භූ කම්පන තත්වයක් අැතිවූ බවට ප්‍රදේශය වාසීහු පවසති. 19 June 2024
‘ෆයිසර්’ එන්නතට වැඩ වරදින ලකුණු අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැස්සාස් ජනපදය, ෆයිසර් සමාගමට නඩු පවරා ඇත. 19 June 2024
ගිංතොට ප්ලයිවුඩ් අධ්‍යක්ෂකට ලක්ෂ 75ක දඩයක් බදු නොගෙවා පැහැර හැරියේ යැයි කියන ගිංතොට ප්ලයිවුඩ් සමාගමේ අධ්යක්ෂ යසසිරි කස්තුරි ආරච්චිට රුපියල් (7502688.82 ) ලක්ෂ 75ක දඩ නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා නියෝග කළේය. 19 June 2024
හජ් වන්දනාවේ ගිය 550 ක් මියගිහින් මෙවර හජ් වන්දනා සමයේ, ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේ දී සිදුවුණු තෙරපීම් හේතුවෙන් මියගොස් ඇති බව සෞදි රජය පවසයි. 19 June 2024
එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත හිතා මතා මකලා ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණයක් සිදුකරමින් මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් පසුව හිතාමතාම මකාදමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ කරුණු දක්වමින් පැවසීය. 19 June 2024
ත්‍රි‘මලේ සිසුවියන් හැත්තෑවකගේ ප්‍රතිඵල අත්හිටුවලා ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගය පෙනී සිටි සිසුවියන් හැත්තෑවකගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි එම විද්‍යාලයේ විදුහල්පති ඒ. එම්. මුහයිත් මහතා පවසයි. 19 June 2024
රංගනයක යෙදී මුදල් ගැරූ හිටපු මේජර් මාට්ටු සති අග ඉංග්‍රීසි පුවත්පත්වල මංගල දැන්වීම් පළකර පියකු සහ පුතෙකු ලෙස ද්විත්ව රංගනයක යෙදෙමින් මත්ද්‍රව්‍ය වලට පුනරුත්ථාපන වූ පුද්ගලයෙකුගේ හැඳුනුම්පත යොදාගෙන මුදල් වංචාවේ යෙදුණු සේවය අත්හැර ගිය යුද හමුදා මේජර් මේජර්වරයෙකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි. 18 June 2024
‘‘2030 පිලිකා රෝගීන් දෙගුණයක් වෙයි‘‘ ලෝකයේ පිළිකා රෝගීන්ගේ ගණන 2030 වන විට දෙකෝටි විසි ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය සඳහන් කළාය. 18 June 2024
පොලීසියට එරෙහි තාබුගලගේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න දිනයක් පොලිසිය කප්පම් ඉල්ලා සිටියේ යැයි කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරු සිදු කරන ප්‍රකාශය ලබන 24 දින ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (18) දන්වා සිටියේය. 18 June 2024
අනධ්‍යයන සේවක සාකච්ඡා අසාර්ථකයි විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය හා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා අතර අද (18) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් අවසන් වූ බව එම කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා ලංකාදීපයට පැවසීය. 18 June 2024
අතුරුදන් වූ සිඟිත්තා ළඳු කැලෑවකින් හමුවේ නොර්වුඩ් ඩන්කන් වතුයායේදි ඊයේ (17) දින රාත්‍රියේ අතුරුදහන් වූ සිව් හැවිරිදි දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි අද සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර කොහොල්දෙණිය මහතා පවසයි. 18 June 2024
‘බුදු දහමට හානි වන කිසි තීරණයක් පිළි ගන්නේ නෑ‘ කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වල ඇතුළත් වන බවත් එම කටයුතු වලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 18 June 2024
ආබාධ සහිත ප්‍රජාවගේ අයීතින් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සභාපතිත්වය ලංකාවට ලබන 2025 සහ 2026 වසර වල පැවැත්වීමට නියමිත ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ 18 June 2024
ඉන්දීය විදේශ ලේකම් අනිද්දා දිවයිනට ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස් ජය ශංකර් මහතා අනිද්දා(20) දිවයිනට පැමිණීමට නියමිතය. 18 June 2024
විදුලි සංදේශ පනත ශ්‍රේෂ්ඨාධිකරණ මතය මැති සබයට විදුලි සංදේශ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැන් බැවින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 June 2024
’’නීතිපතිට සේවා දිගුවක් නෑ’’ නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව අද (18) ප්‍රතික්ෂේප කර ඇත. 18 June 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025