IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ ගිනි ගැනීම් දෙකකින් කෝටි ගණනක අලාභයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මුල්ලේරියාව සහ දෙමටගොඩ ප්‍රදේශවලින් අද සවස ගිනි ගැනීම් දෙකක් වාර්තා වූ බව පොලිසිය කියයි.

අංගොඩ හන්දියේ වසා තිබූ  වාහන අමතර කොටස් අලුත් වැඩියා කරන ස්ථානයක ඇතිවූ ගින්න එම ගොඩනැගිල්ලට යාබදව පිහිටි දෙමහල් නිවසකටද පැතිරී ගිය බව මුල්ලේරියාව පොලිසිය සඳහන් කරයි.

ඇතිවූ ගින්නක් සමගම කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවන රථයක්ද පැමිණ ගින්න පාලනය කිරීමට සමත් වීමෙන් අවට වෙළඳසැල්වලට පැතිරීම වැළැක්වීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඇතිවූ ගින්නෙන් වාහන අමතර කොටස් අලුත් වැඩියා කරන ස්ථානය හා හිමිකරු පදිංචි දෙමහල් නිවසේ උඩුමහල සහ පහත මහලේ ගබඩා කර තිබූ මෝටර් රථ අමතර උපාංග සමග සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම දෙමහල් නිවසේ උඩුමහලේ පදිංචිව සිටි සිටි ගරාජයේ හිමිකරුගේ මව ඇතිවූ ගින්නක් සමගම ප්‍රදේශවාසීන් සහ පොලිසියේ එක්ව බේරාගෙන ඇත.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ මෙන්ම මුල්ලේරියාව පොලිස් නිලධාරීන්ද,කැලණි මුල්ල යුද හමුදා කඳවුරේ නිලධාරීන්ද මෙන්න ප්‍රදේශවාසීන්ද දැඩි පරිශ්‍රමයක් දැරූ අතර කැලණි මුල්ල යුද හමුදා කණ්ඩායමක්ද එහි අණ දෙන නිලධාරියා සමග පැමිණ සහාය දැක්වූහ.

ගින්න පැවති ගරාජය ඉදිරිපිට කැලණිමුල්ල පැය දෙයකට අධික කාලයක් තාවකාලික වසා දැමීමට පොලිසිය මගින් පියවර ගැනිණි.

 



අදහස් (0)

කොළඹ ගිනි ගැනීම් දෙකකින් කෝටි ගණනක අලාභයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 510 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site