IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති හෙට අරාබියට

 

(අංජුල මහික වීරරත්න)

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයක් පරිදි  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේ නිරත වේ.

මෙම සංචාරයේදී ජනාධිපති අනුර දිසානායක මහතා ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමටද නියමිතව ඇත.

ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් සහ ආණ්ඩු ප්‍රධානීන් සමඟ ද ජනාධිපති අනුර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා  සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහත්වරුන් අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා වටයක්ද පැවැත්වීමට නියමිතව ඇති අතර එමගින් දෙරට අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති අනුර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහත්වරුන් ද හමුවීමට  නියමිතය.

ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්තිය, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙලේ ගෝලීය සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් ගණනාවක් සමඟ ද ජනාධිපතිවරයා මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.  හෙට (10) සිට 13 වැනිදා තෙක් ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයේ නිරත වනු ඇත.

 

 

 



අදහස් (8)

ජනපති හෙට අරාබියට

පිටරැටියා Sunday, 09 February 2025 02:54 PM

සුබ ගමන් ජනපතිතුමෙනි, අපේ රටට යහපතක්ම වේවා...!

:       54       37

Kolitha Sunday, 09 February 2025 03:23 PM

මහ චේතිය...!

:       16       55

Gamage Gunarathne Sunday, 09 February 2025 04:17 PM

පච ටිකක් ඕනෑ...

:       22       41

පොඩිඑකා Sunday, 09 February 2025 05:47 PM

ජොලි සීයා කියූ පරිදි අපේ රට ජාත්‍යන්තරයෙන් කොන්වී ඇත.!

:       23       7

Wasantha Sunday, 09 February 2025 10:29 PM

එක්සත් අරාබි එම්ර් රාජ්‍යයට සාධරයෙන් පිළිගන්නවා

:       1       7

m. saman perera Monday, 10 February 2025 09:35 AM

සුබ ගමන් ජනපති තුමනි...

:       1       8

fairoos Monday, 10 February 2025 10:51 AM

සුභ ගමන් ජනපතිතුමා... කටාර් සහ සෞදි නායකයන්වත් හමුවෙලා ආවොත් හොඳයි.

:       1       4

රුවන් Monday, 10 February 2025 11:21 AM

අනුර කුමාරත් හරියට සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, දකුණු කොරියාවේ පාර්ක් චුන්ග් හී වගේ රටවල් වලට ගිහින් හිගාකනවා. අද සිංගප්පූරුව, දකුණු කොරියාව දියුණු රටවල් ද? රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ බංග්ලාදේශය, උගන්ඩාව, සෝමාලියාව වගේ දියුණු රටවලට යන්න ඕනේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 510 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site