IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බුද්ධ ශාසන ඇමති පොලිසි යයි

(අංජුල මහික වීරරත්න)

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ව්‍යාපාරික මිතුරකු සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා යනුවෙන් සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් අදාල පැමිණිල්ල කළ බව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා කීය.

මේ කියන විදියේ ව්‍යාපාරික මිතුරෙක් තමාට නැතැයි කී අමාත්‍යවරයා මෙවන් බොරු පුවත් පළ කිරීම නිසා පෞද්ගලිකව තමාටත් රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වලටත් අප කීර්තියක් සිදුවී තිබෙන බව සඳහන් කළේය.

බොරු තොරතුරු පළ කළ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් වැඩිදුරටත් කීය.

 



අදහස් (11)

බුද්ධ ශාසන ඇමති පොලිසි යයි

උපාසක Sunday, 09 February 2025 02:26 PM

බුද්ධ ශාසන ඇමැති මොකටද පතල් කපන්නේ...? එතුමාට අයිති වැඩේ කෙරුවා නම් ඉවරයි නේ. ඇත්තටම මේ ඇමැතිතුමාගේ කාර්ය මොකද්ද?

:       45       131

ජිල්බු Sunday, 09 February 2025 08:09 PM

බුද්ධ ශාසනේ කරන එක?

:       0       46

ගමේ එකාලා Sunday, 09 February 2025 02:48 PM

පරාජිත, බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන්ට දැන් කරකියා ගන්න දෙයක් නැතුව කරන වැඩ...

:       91       69

Ram Sunday, 09 February 2025 04:07 PM

සම්බන්ධයක් තිබ්බත්, නැතත් එම ප්‍රදේශයේ මහජන නියෝජිතයෙකු හැටියට පතල වහන්න කටයුතු කරන්න.

:       3       93

අරුණි Sunday, 09 February 2025 05:02 PM

උගන්ඩාවට ඩොලර්, ලක්ශ 12ට කාර් වංචනික ,ආකර්ෂණීය අධ්‍යාපනික සුදුසුකම් මෙකී නොකී කරනු දක්වමින් අපේ චන්දේ හොරකම්කරමින් පසුගිය සැප් 21ට සාපේක්ෂව ඉසිලිය නොහැකි දරුණු ආර්ථික අවපාතකයකට අපිව පත්කරමින් අපේක්ශා භංගත්වයකට පත්කිරීමට එරෙහිව ජනාධිපති, අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලය විත්තිකරුවන්සේ නම් කරමින් අපිද නඩු ගොනු කරමු.

:       26       86

පුංචිබන්ඩා Sunday, 09 February 2025 05:44 PM

ඊළඟට යන්න වෙන්නේ ජාතික පුස්තකාලෙට පත් කරපු සභාපතිතුමා කොහේද ඉන්නේ කියලා හොයා ගන්න බැරුව...

:       0       47

Nimal Sunday, 09 February 2025 05:57 PM

NPP එකට බනින අය ගොඩක් තමාට අනීතික ප්‍රතිලාභ අහිමි වුණ වේදනාවට කෑ ගහන්නේ...

:       56       26

ජිල්බු Sunday, 09 February 2025 06:04 PM

බුද්ධ ශාසන ඇමැති පන්සල් යන්නැතිව පොලිසි ගියාම, ආරක්ෂක ඇමැතිද පන්සල් යන්න ඕනෑ...? මොකක්ද ආචාර්ය මහත්තයෝ මේ පැටලීම...?

:       8       55

Nishan Monday, 10 February 2025 02:36 AM

හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා වගේ. බොහෝම ලේසි උත්තරයක්. මට එහෙම යාළුවෙක් නෑ. මම එහෙම කෙනෙක්ව දන්නේ නෑ.

:       3       10

අරවින්ද මොණරවිල Monday, 10 February 2025 11:33 AM

සජබ, පොහොට්ටු කල්ලිය පිස්සු වැටිලා අද බලයට පත්වෙලා ඉන්න ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට කෙළවරක් නැතිව මඩ ගහනවා. ඔවුන්ට නීතියෙන් දඬුවම් ලැබෙනවා ඒකාන්තයී...

:       2       2

ගුණරත්න Monday, 10 February 2025 01:50 PM

ගොන් පාට්, කෙරෙන්න ඕන වනාන්තර රක්ෂිතය විනාස කිරිල්ලට එරෙහි වෙන එක මිසක් එක ගැන කරපු වාර්තා වල පිල්ලම් දෝෂ හොයන එක නෙවෙයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site