IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අලි මට්ටු කරන්න කුරුඳු වවයි

(අංජුල මහික වීරරත්න)

බෝග නිෂ්පාදනයේ දී ඇතිවන වල් අලි හානි අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස මහවැලි ඊ කලාපයේ හෙට්ටිපොළ විල්ගමුව කොට්ඨාශ වල කුරුඳු වගාව ප්‍රචලිත කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.

මහවැලි ඊ කලාපයේ පැවැත්වෙන පුනරුද සතියට සමගාමීව විල්ගමුව සහ හෙට්ටිපොළ ගොවීන් සිය දෙනකු තෝරාගෙන වගාව ප්‍රචලිත කිරීමට සැලසුම් කර ඇත.මෙම ව්‍යාපෘතිය යටතේ වගා කිරීමට නියමිත කුරුඳු පැළ සංඛ්‍යාව ලක්ෂයකි.

ලංකාවේ කුරුඳු සඳහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බැවින්, මෙම වගාව මහවැලි ඊ කලාපයේ ප්‍රචලිත කිරීම මගින් එම ප්‍රදේශ වල ගොවීන්ගේ ආර්ථිකයද ශක්තිමත් වන බව මහවැලි අධිකාරියේ ඊ කලාපයේ නේවාසික කළමනාකරු එච්.එම්.කේ.ආර් හේරත් මහතා පවසයි.

කුරුඳු වගාවට වල් අලින්ගෙන් හානි නොවන නිසා එම ප්‍රදේශ වල අලි මිනිස් ගැටුම ද මෙමගින් අවම කර ගත හැකි බව හේරත් මහතා වැඩිදුරටත් කීය.



අදහස් (4)

අලි මට්ටු කරන්න කුරුඳු වවයි

පිටරටවැසියා Sunday, 09 February 2025 07:04 PM

කුරුඳු වලට වඩා හොඳයි "දෙහි, ලෙමන්, දොඩම්, වැල් දොඩම්, පැණි දොඩම්, නාරං, නස්නාරං" වැනි පැඟිරි ශාක වර්ග. පැඟිරි සුවඳට අලි-ඇතුන් අකමැතිලු. කටු සහිත ශාකයක් නිසා එයට හානි කිරීමට ළඟට එන්නෙත් නෑ. හැබැයි වැටක් වගේ කිසිම හිඩැසක් කුරුඳු වලට වඩා හොඳයි... "දෙහි, ලෙමන්, දොඩම්, වැල් දොඩම්, පැණි දොඩම්, නාරං, නස්නාරං" වැනි පැඟිරි, ශාක වර්ග. පැඟිරි සුවඳට අලි-ඇතුන් අකැමැතිලු. කටු සහිත ශාකයක් නිසා එයට හානි කිරීමට ළඟට එන්නෙත් නෑ. හැබැයි වැටක් වගේ කිසිම හිඩැසක් නැතිව දිගටම, වනාන්තර වටේටම තියෙන්න ඕනෑ. රටේම ජනතාව උනන්දු කරවලා, නිවාසවල පැලකරලා, ළඟම තියෙන කෘෂිකර්ම හෝ රජයේ කාර්යාලයක් මගින් පැල මිළට ගැනීම මගින් අත්‍යවශ්‍ය කරන පැල ප්‍රමාණය ඉතා ඉක්මනින් සපයාගන්න පුළුවන්. මෙම වගාකිරීම මගින් ප්‍රාදේශීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්. ඵලදාව මිලට ගැනීමට සහ අතිරික්ත ඵලදාව අපනයනයට නිසි වැඩපිළිවෙලකුත් සකස්වෙන්න ඕන. වනජීවී, කෘෂිකර්ම, අහාර පිළිබඳ අමාත්‍යංශයන් එකතුව නිසික්‍රමවේදයකට අනුව වැඩේ කළොත්, ගම්මානවලට තියෙන අලි කරදරය වසර පහක් වැනි කාලයකදී ඉතාම අවම කරගත හැක. තවත් කෙටිකාලයකදී සමහරවිට නැත්තටම නැතිවේවි...!!!

:       3       46

meretiya Monday, 10 February 2025 11:06 AM

ශුවර්ද ආයුබොවන්ඩ

:       1       6

senukaMonday, 10 February 2025 11:52 AM

සිහින

:       1       1

pj Monday, 10 February 2025 11:29 AM

අලි ආවත්, නැතත් නිකන් තිබෙන ඉඩම්වලට කුරුඳු වගාව නරක නැහැ. අස්වැන්නක් ලැබීමට යන කාලය වැඩි නිසා ගොවියන්ගේ ආර්ථිකය නම් බිඳ වැටේවි..!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site