
(ප්‍රදීප් කුමාර කුලරත්න)
හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ව්‍යාජ කච්චේරික් වටලා එහි තිබී ජාතික හැඳුනුම්පත් , ආදායම් බලපත්‍ර , ඇතුළු ව්‍යාජ ලේඛන තොගයක් හා ඒවා සැකසීමට භාවිතා කරන උපකරණ සමග අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
ඒ අනුව සැකකාර යුවළ පදිංචි හොරණ පෝරුවදන්ඩ ප්‍රදේශයේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී එහි තිබී ව්‍යාජව සකසන ලද ජාතික හැඳුනුම්පත් අටක්,රක්ෂණ සහතික තුනක්, රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා භාවිතා කරන කාඩ්පත් 12, ආදායම් බලපත්‍ර 03 , දුන් සහතික 03,නැවත පවරා නොගැනීමේ සහතිකයක්, ඩී.වී.ඩී හා සී.සී පට 48 , ලැප්ටොප් යන්ත්‍රයක්, ජංගම දුරකථන 03 පොලිස් භාරයට ගෙන තිබේ.
පසුව සැකකාර යුවළ පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී එම ව්‍යාජ සහතික මුද්‍රණය කිරීම සදහා භාවිතා කරන වර්ණ ප්‍රින්ටරයක්, ලැමිනේටින් යන්ත්‍රයක් ,ස්කෑනර් යන්ත්‍රයක්, පොලිමර් සීල් හදන යන්ත්‍රයක්, ඒ සදහා භාවිතා කරන වර්ණ තීන්ත තොගයක්, තිබී හමුවූ බවත් ඒ අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් , ෆිනෑන්ස් ආයතන ප්‍රධානීන්ගේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිල මුද්‍රා 28 තිබී හමුවූ බවත් පැවසේ.
පොලිස් භාරයට ගත් නිල මුද්‍රා අතර මිනුවන්ගොඩ , මින්නේරිය , පුත්තලම, හිඟුරක්ගොඩ හා බටපොල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා රක්ෂණ නියෝජිතයින්ගේ මුද්‍රා තිබී හමුවූ බව ද කියයි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර කච්චෙිරියක් වටලා යුවළක් අත්අඩංගුවට
විද්‍රර Monday, 10 February 2025 06:22 PM
මහරගම අපේක්ෂා රෝහලේ හිටපු නිර්වින්දන දොස්තර කාරයෙකුත් ඔය වැඩේ කරනවා.