IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


නිල සංචිත ඩොලර් මිලියන 57 කින් පහළ යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිල සංචිත ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මිලියන 57 කින් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි.

මෙරට නිල සංචිත දෙසැම්බර මාසයේදී ඩොලර් බිලියන 6.12 ක් ලෙස සටහන් වූ අතර මෙලෙස සියයට 0.9 කින් නිල සංචිත පහළ යෑමට පසුගිය මාසයේදී මෙරට විදේශ විනිමය සංචිත සියයට 1 කින් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි මහ බැංකුව ප්‍රකාශ කළේය.

පසුගිය මාසයේදී මෙරට විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 6.04 සිට 5.98 දක්වා පහත වැටී තිබිණි. මෙරට නිල සංචිත වලට කොන්දේසි සැපිරීමෙන් පසුව භාවිතයට ගත හැකි විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ චීනය මෙරටට ලබාදුන් ඩොලර් බිලියන 1.4 ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මෙරට සංචිත අඛන්ඩව පහළ ගිය තෙවැනි මාසය පසුගිය ජනවාරි මාසය වූ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මෙරට නිල සංචිත සුළු වශයෙන් පහළ යමින් පවතී.



අදහස් (17)

නිල සංචිත ඩොලර් මිලියන 57 කින් පහළ යයි

karolis Saturday, 08 February 2025 08:08 PM

බොරු කීමේ හැකියාවයි, තණකොළ බුදින 68 ලක්ශෙකුයි හිටපු හින්දා ගත්තාට, ගත්තු දවසේ ඉඳලා ඉවරයි...

:       8       69

janabala asamagiThursday, 13 February 2025 01:47 PM

වින කරපු අයද හරියට කළේ... ඔහෙත් පහුගිය කාලේ හොටු පෙරා ගෙන තෙල් පෝලිමේ ඉන්නවා අපි දැක්කා.

:       0       1

janahithaThursday, 13 February 2025 02:35 PM

කරෝලිස්ලා කන්නේ, කෑවේ රයිස් නොවැ

:       0       0

ජයනාත් Saturday, 08 February 2025 09:29 PM

මේක නම් හොඳ ප්‍රවණතාවක් නෙවෙයි. වාහන ගෙන්වන්න පටන් ගත් ගමන් තවත් පහළ යයි.

:       0       56

සමන්ත Saturday, 08 February 2025 11:46 PM

දැන් සැපයි ද..? තව ඉස්සරහට තමයි හොඳම සැප ලැබෙන්නේ. කලබල වෙන්න එපා.

:       5       53

janahithaThursday, 13 February 2025 02:36 PM

හත්වලාමේ හොරු නැතිව කරුවලු වෙලා තියන හැටි.

:       0       0

Toni Sunday, 09 February 2025 12:14 AM

කෝ මේ ලොන්ඩරි කාරයෝ ටික..? බද්‍රානි, සෙනෙවිරත්න රටවල්වලට එන්න... එන්න ඉක්මණට, ලොකු කුණු ගොඩක් තියෙනවා.

:       5       34

ගුණරත්න Sunday, 09 February 2025 08:09 AM

සීයා හදලා දුන්නු රටේ දැන් තියෙන්නේ පෙන්නලා දුන්නු මාර්ගයේ යන්න, වයසක ඥාණවන්ත මුදලාලි මහත්තයා බිස්නස් එක හදල දීලා පුතෙක්ට පැවරුවාම පුතා කියනවා ඒකා තනියම හරිම අමාරුවෙන් බින්දුවෙන් පටන්ගත් බිස්නස් එක කියලා. ඒ වගේ දැන් ආණ්ඩුවට අවශ්‍ය පදනම සීයා හදලා දුන්නා. ඉතින් පච විඳින්නේ නැතිව මිනිස්සුන්ට ඇත්ත තත්වය කියලා රට ඉදිරියට ගෙනියන්න ඕනෑ, එතකන් බූරු පුත්තු කරන්නේ හදලා තිබ්බ ටිකත් කාලා දාන එක...

:       8       50

fairoos Sunday, 09 February 2025 10:48 AM

නන්දසේනගේ කාලේ වගේ නම් වෙන්නේ නැහැ.

:       49       7

samanMonday, 10 February 2025 01:46 PM

නන්දසේනගේ කාලේ COVID තිබුනා , සංචාරකයෝ ආවේ නෑ, විදේශ ප්‍රේෂණත් අඩුයි. ඒ මදිවට මිලත් වැඩියි . නිකන් බොරුවට තප්පුලන්න එපා.

:       1       3

janahithaThursday, 13 February 2025 01:50 PM

ණය හොරා කෑවේ නැහැ. ජනතාව අපා දුක් විඳිද්දීත් කොමිස් ගැහුවේ නැහැ. හොර බෙහෙත් ගෙනාවේ නැහැ. භාණ්ඩාගාරයේ මුදල් හෙංචයියන්ට බෙදලා දුන්නේ නෑ. අයියලා කියන විදිහට වැඩ කළා.

:       0       0

Joo Sunday, 09 February 2025 03:26 PM

කෝ මේ මාලිමා ලොන්ඩරි ටික? ඉක්මණට වරෙල්ලා.. අසූචි ගොඩක් තියෙනවා හෝදන්න.

:       8       33

M.G.Chithrananda Monday, 10 February 2025 06:19 AM

උඹලා සට්ටම්බිකම් කරන මහා එකාලා මේ රට බංකොලොත් කරලා බාරදුන්නේ.එහෙම නැතිව සුරපුරයක් නෙවෙයි බාරදුන්නේ.තවත් බොලාට ලැජ්ජාවක් නැහැ.බත් කන්න එපා.

:       5       4

සෙනෙවිරත්න Sunday, 09 February 2025 07:05 PM

මේක රනිල්ගෙ බොරුවක්, නොවැම්බර් දෙසැම්බර් කලින්ට වඩා වැඩි බවයි කියැවුනේ. ජනවාරි කෙසේ වෙතත්. රනිල් සජිත් හිටියා නම් ඩොලර් මවනවාද? ආනයන ඉහළ ගිහින් ඒකයි, විදේශ ප්‍රේශණ සංචාරකයින් වැඩි බව කියැවුණා. ඉතින් අඩුවෙන්නෙ ණය පොලියක් ගාවනවා ඇති... මහ බැංකුව මෙහෙම කතාවක් කිව්වේ නැහැ.

:       34       6

සමන්තSunday, 09 February 2025 09:28 PM

“ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.065 දක්වා සියයට 0.9 ක ප්‍රතිශතයකින් එසේත් නැතිනම් ඩොලර් මිලියන 57 කින් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි.” මහා බැංකුව එහෙම කියලා නැත්නම්, ඔය දත්ත හැදුවේ උඹලගේ බාප්පා ද?

:       0       5

Jamal Sunday, 09 February 2025 10:19 PM

සෙනෙවිරත්න ටිකක් හේදුවා... තව ඉතුරු වෙලා... අනික් අයත් එන්ඩෝ....

:       1       4

Sanchitha Thursday, 13 February 2025 02:43 PM

නිෂ්පාදනය වැඩි කිරීමෙන් ඩොලර් සංචිත හදාගන්න පුළුවන්. තවත් විදේශවල සඟවා ඇති අපේ සංචිත පවරා ගන්නවා නම්, එහෙමත් නැතිනම් මහින්ද මහත්තයා එක්ක සුහදව කතාබහ කරලා සංචිත ටිකක් අරන් ගොඩ යමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 988 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 311 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 546 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 953 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 668 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 842 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1199 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1498 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site