
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ අහමදාබාද් හි පැවැත්වෙන බිම්ස්ටෙක් තරුණ සමුළුව සඳහා සහභාගී වන තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායම අද (7) දිවයිනෙන් පිටත් වූහ.
මෙම සමුළුව පෙබරවාරි 7වැනි දා සිට 11 වැනිදා තෙක් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ අහමදාබාද් හි පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළුව විවිධ ක්ෂේත්‍ර සහ ආයතන නියෝජනය කරමින් 10 දෙනෙකු සහභාගී වෙති. දින 4ක් පැවැත්වෙන මෙම සමුළුවේ දී තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල්කරණය යන තේමාවන් ඔස්සේ දේශන, කණ්ඩායම් සාකච්ඡා සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් පැවැත්වීමට සැලසුම් කර ඇත.
බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව (BIMSTEC) යන ජාත්‍යන්තර සංවිධානය, දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ ජාතීන් 7 කින් සමන්විත වූවකි. BIMSTEC රටවල් අතර බෙංගාල බොක්ක මත රඳා පවතින රටවල් ඇතුළත් වන අතර, බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, භූතානය සහ නේපාලය මෙහි සාමාජික රටවල් වේ. එම රටවල් බිලියන 1.5 ක ජනතාවකින් හා ට්‍රිලියන 2.5 ක ඒකාබද්ධ ආර්ථිකයන් ගෙන් ද සමන්විත වේ.
2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
862
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බිම්ස්ටෙක් තරුණ සමුළුවට ලංකා කණ්ඩායම යයි