IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නැති ලෙඩ හදන දුම්කොළ මාරයා

දුම්කොළ පිළිබඳව කතා කිරීමේදී මනස එකවර යොමුවනුයේ දුම්වැටි හේතුවෙන් සිදුවන අහිතකර ප්‍රතිඵල පිළිබඳවය. දුම්වැටිවලට වැඩි අවධානයක් යොමුවුවද දුම්රහිත දුම්කොළවලින් සිදුවන හානිය නිහඬ විනාශයක් සිදුකරන බව පසක්කර ගත යුතුය.

දුම්රහිත දුම්කොළ ලෙස බුලත්විට සමග හපන දුම්කොළ, දිවයට තබාගන්නා, නාසයෙන් උරන (Snuff) දුම්කොළ ලෙස ක්‍රම කීපයකට පෙන්වා දිය හැකිය. බුලත් විට සමඟ දුම්කොළ භාවිතය සහ ඒ සමඟ පුවක්ද මිශ්‍රකර බුලත් සැපීම නිසා දුම්කොළවලින් සිදුවන අහිතකර බලපෑම වැඩිකිරීමට පුවක්ද අත්වැලක් ලබාදෙන බව සැලකේ. දුම්රහිත දුම්කොළ හපන විට ප්‍රධාන පිළිකා ජනක රසායන සංයෝග 28 ක් පමණ නිදහස් වන අතර පුවක්වල පිළිකා ජනක රසායන සංයෝග 4 ක් පමණ දැකිය හැකිය. බොහෝ පිරිස් බුලත්විට භාවිත කළද එයින් සිදුවන අහිතකර තත්ත්වය පිළිබඳව තවමත් නොදන්නවා නම් මෙම ලිපිය ඔවුනට ඉතා වැදගත් වනුඇත.


බුලත්විට වලට අමතරව, මාවා, පාම්පරා, බාබුල්, හාන්ස්, පැණි පුවක් වැනි දේශීය සහ පාකිස්ථානය, ඉන්දියාව, මැදපෙරදිග ඇතුලු රටවලින් ආනයනය වන දුම්කොළ හා පුවක් මිශ්‍රිත නිෂ්පාදන සැපීම නිසා පිළිකා තත්ත්වවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවී තිබේ. දුම්කොළ හා පුවක් හේතුවෙන් සිදුවන සෞඛ්‍ය හානි ලෙස මුඛ පිළිකා, ගලනාළ පිළිකා මෙන්ම නවතම පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ අග්න්‍යාශයේ පිළිකාද ඇතිවන බවය.

පාසල් ආශ්‍රිත දරුවන් සහ තරුණ පරපුර අතර මෙවැනි දුම්කොළ හා පුවක් මිශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිතවීම බහුලව දක්නට ලැබේ. මත් ගතිය ඇතිවීම සහ ඇබ්බැහිවීම මෙමගින් සිදුවේ. පිළිකා ජනක රසායනික සංයෝග මෙන්ම ඇබ්බැහිවීම වැඩිකරන රසායනික ද්‍රව්‍යද මෙහි අඩංගුවේ. දුම්කොළවල නිකෝටින් සහ පුවක්වල ඇති ඇල්කොලොසිඞ් ඇබ්බැහිකාරකය හේතුවෙන් මේවායින් වැළැකීම සමහර පුද්ගලයන්ට අපහසු කාර්යයක් වී තිබේ. එහෙත් තරුණ පරපුර සිහිතබාගත යුත්තේ දුම්කොළ, පුවක් වැනි දෑ වලට ඇබ්බැහිවීමෙන් ඉතා කෙටි කලකදී අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවීමට ඉඩ ඇති බවය.

මේවන විට තරුණ වයස් කාණ්ඩවල දුම්කොළ සහ පුවක් භාවිත කරන තරුණයන් අතර මුඛ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව වැඩිවී තිබේ.

මුඛ පිළිකාව ශ්‍රී ලංකාවේ පිරිමි පාර්ශවය අතර සුලභවම දක්නට ලැබෙන පිළිකා වර්ගය මුඛ පිළිකාවයි. ඊට ප්‍රධාන හේතුව ලෙස දුම්කොළ සහ පුවක් මිශ්‍රිත නිෂ්පාදන සහ දුම්වැටි භාවිතය සහ මධ්‍යසාර භාවිත පෙන්වා දිය හැකිය. සාමාන්‍ය වශයෙන් වසරකට මුඛ පිළිකා සහිත අලුත් රෝගීන් 2000 ත් 2500 ත් අතර පිරිසක් ලියාපදිංචි වෙති. මුඛ පිළිකාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ වසරකට 1100 කට ආසන්න රෝගීහු මියයති. ඒ අනුව දිනකට තුන්දෙනකු මියයාමේ ප්‍රවණාවක් පවතී. 16,000 කට අධික රෝගීන් සංඛ්‍යාවක් වසරකට පිළිකා ඇතිවීම හේතුවෙන් ලියාපදිංචි වන අතර මුළු පිළිකා ප්‍රතිශතයෙන් සියයට 14 ක් පමණ මුඛ පිළිකා රෝගීන් ලෙස වාාර්තාවේ.

ගලනාළ පිළිකා ගලනාල පිළිකා කල්තියා හඳුනා ගැනීම ඉතා අපහසු කාර්යයක් වන අතර ඒ තත්ත්වය හඳුනා ගැනෙන්නේ උගුරෙන් පහළට ආහාර, දියර ගිලීමට නොහැකිවූ විටය. මෙම තත්ත්වය කාන්තාවන් සහ පිරිමින් අතර සමසේ බෙදීයාම දක්නට ලැබේ. සාමාන්‍ය වශයෙන් වසරකට 1000 ක පමණ රෝගීන් ලියාපදිංචිය සිදුවේ.

අග්න්‍යාශ පිළිකා මධ්‍යසාර, දුම්වැටි, දුම්කොළ සහ පුවක් සහිත නිෂ්පාදන භාවිතය නිසා අගන්‍යාශ පිළිකා ඇතිවන බව නවතම සොයාගැනීමයි. මේවන විට වසරකට රෝගීන් 100 ක් පමණ වාර්තාවේ.

දුම්කොළ, පුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හේතුවෙන් පිළිකාවලට අමතරව තවත් භයානක රෝගයක් වන මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියාව ඇතිවේ. මෙම තත්ත්වය සහිත රෝගීන් අවම වශයෙන් ලක්‍ෂ 2 කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සිටින බවට තොරතුරු අනාවරණයවී තිබේ. මෙය භයානක රෝගී තත්ත්වයක් වන අතර බුලත්විට ඇතුලු පාම්පරා, බාබුල්, බීඩා, හාන්ස් වැනි ආනයනික නිෂ්පාදනවලින් ඇතිවන බව සනාථවී තිබේ. මෙම රෝගය කෙළවර වනුයේ පිළිකා තත්ත්වයක් ඇතිවීමෙනි. කෙසේ වුවද මෙම රෝගී තත්ත්වය ඇතිවූ විට ඉතාමත් දුක්විඳීමට සිදුවේ.

මෙම රෝගයේ ආරම්භයේදී මිරිස් ගෑවෙන විට දැවිල්ල ඇතිවීම, තොල්පෙති සහ මුඛ ශ්ලේෂ්මල සුදු පැහැතිවීම රෝග ලක්‍ෂණ ලෙස දැක්විය හැකිය. කාලයත් සමඟ මුඛයේ තන්තු ඝනවී මුඛයේ අභ්‍යන්තරයේ දාර වැනි තත්ත්වයක් ඇතිවේ. පසුකාලීනව මුඛය විවෘත කිරීමට පවා නොහැකිවේ. මෙම තත්ත්වය ඇතිවූ සමහර රෝගීන්ට මුඛයේ ජලය ගෑවෙන විට පවා වේදනාවක් ඇතිවේ. මෙම තත්ත්වය ප්‍රතිකාර කිරීමට මෙන්ම සුවකිරීමටද අපහසු රෝගී තත්ත්වයක් ලෙස හැඳින්වේ.

දුම්කොළ සහ පුවක් සැපීමෙන් වැළැකීමෙන් පිළිකා තත්ත්ව සහ මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියා තත්ත්වය වළක්වාගැනීමට හැකියාව ලැබේ.

මෙවැනි රෝග හේතුවෙන් තරුණ ජීවිත අකාලයේ මියයාමට ඉඩ නොදී දැනටමත් නොයෙකුත් දුම්කොළ සහ පුවක් වර්ග, දුම්පානය, මත්පැන් භාවිත කරන්නේ නම් ඒවායින් මිදීම නුවණට හුරුය. බොහෝ තරුණ, වැඩිහිටි පුද්ගලයන් දුම්කොළ සහ පුවක් වර්ග විනෝදාංශයට භාවිත කළද ඒවා තමන්ගේ ජීවිතය විනාශ කරන බෝම්බ
බව මතක තබාගත යුතුය.

පිළිකාවක් කල්තියා හඳුනාගැනීමෙන් පිළිකාව ඇතිවූ ස්ථානය ශල්‍යකර්මයකින් ඉවත්කළ හැකිවන අතර නිට්ටාවට සුවකිරීමේ හැකියාවද ඇත. එය පැතිර තිබුණ හොත් විකිරණ ප්‍රතිකාර, පිළිකා නාශක ප්‍රතිකාරවලින් මර්දනය කළ හැකිය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරිය, ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව සිදුකරන ලද සමීක්‍ෂණයකට අනුව දුම්කොළ සහ මධ්‍යසාර භාවිත කිරීම හේතුවෙන් රෝගීන්ට කිරීමට යන ප්‍රතිකාර සහ ඔවුන් අකාලයේ මියයාම සහ රෝගීවීම නිසා ඔවුන්ගෙන් රටට නැතිවන ආදායම ගණනය කිරීම් මගින් බිලියන 212 ක මුදලක් රජයට අහිමිවන බව සමීක්‍ෂණයකින් පෙන්වාදී තිබේ.

ජාතික දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරියේ 2016/27 පනතේ 33 වැනි වගන්තය යටතේ සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් 2016 සැප්තැම්බර් 1 වැනිදා සිට ශ්‍රී ලංකාව තුළ සියලුම දුම් රහිත දුම්කොළ නිෂ්පාදනය කිරීම, විකිණීම, ආනයනය කිරීම, විකිධෑමට ඉදිරිපත් කිරීම සපුරා තහනම් කර ඇති බවට ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

- ගයාන් සූරියආරච්චි



අදහස් (1)

නැති ලෙඩ හදන දුම්කොළ මාරයා

ඩබ්ලිව් ජයසිරි Wednesday, 28 June 2017 08:18 PM

මෙම ලිපිය මගින් මම බොහෝ දැනුවත් කිරීමට සමත් විය. ඒ නිසා මම අද පටන් බුලත් විට හපන නරක පුරුද්ද නවතා දමන ලෙසට පොරොන්දු වෙනවා. ඔබ තුමාට බොහෝ පින්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site