IMG-LOGO

2023 ජුනි මස 07 වන බදාදා


පාලකයෝ හිතාමතාම රට වැට්ටුවා

මේවන විට දේශපාලන සමාජීය ප්‍රශ්න ගණනාවක් රට තුළ උද්ගතවී තිබේ. පළාත්පාලන ඡන්දය පැවත්වීම පිලිබඳ තවමත් නිශ්චිත පිළිතුරක් නැත. මේ සියලු කරුණු කාරණා සම්බන්ධව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ ​ෙවෛද්‍ය ජී. වීරසිංහ මහතා සමඟ සිදුකළ සංවාදය පහත දැක්වේ.

• මේ මොහොතේ අපේ රට අර්බුදයක තිබෙන බව රහසක් නොවෙයි. මේ සඳහා වගකිවයුත්තන් පිළිබඳව අදහසක් ඔබ පක්ෂයට තිබෙනවා ද?

ඇත්තටම අපේ රට අර්බුදයක තිබෙන්නේ ඒ සඳහා විවිධ අර්ථ දැක්වීම් කරන්න අපට පුළුවන් මේ තත්ත්වය සිදුවන බව දැන දැනත් ක්‍රියා නොකළ නිසා රට කඩා වැටීමට ලක්වුණා. මේ කාරණාවේ දී බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන අය ඍජුවම වගකීම බාර ගත යුතු බවට අප චෝදනා කරනවා. මේ අර්බුදය දවසින් දෙකින් ඇතිවුණු තත්ත්වයක් නොවෙයි. පාලකයන් හිතා මතාම රට වැට්ටුවා.

• වත්මන් ජනාධිපතිවරයා රට යම් ස්ථාවර තැනකට ගෙන එමින් තිබෙනවා නේද?

මේ මොහොතේ යම් සාර්ථකත්වයක් තිබෙන බව පේනවා. පෝලිම් නැති බව යම් සත්‍යයක්. එහෙත් මතුපිටින් බලා සාර්ථකත්වයක් තිබෙනවා යයි කියන්න  ඉක්මන් වෙන්න සුදුසු නැහැ.
මේ ප්‍රශ්නයේ තිබෙන රෝග නිධානය හඳුනාගෙන ඊට ප්‍රතිකාර කළ යුතු යැයි අප කල්පනා කරනවා. ඒ සඳහා උත්තර සපයන වැඩපිළිවෙළක් අවශ්‍යයි.

• ඇමරිකානු ව්‍යාප්තවාදය පිළිබඳව ඔබ පක්ෂය සෑහෙන උනන්දුවකින් වැඩ කටයුතු කරනවා නේද?

මේ සෑම ප්‍රශ්නයකටම හේතුගත වූ ජාත්‍යන්තර පසුබිමක් තිබෙනවා. ඇමරිකාව මේ කලාපයට විශාල බැල්මක් හෙළමින් කටයුතු කරනවා කියන එක රහසක් නොවෙයි. ඇමරිකානු තානාපතිනිය අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසමින් සිටිනවා. ලංකාවේ කටයුතු පිළිබඳව දිනපතාම පණිවුඩ නිකුත් කළා. ලංකාවේ බල පෙරැළියක් සිදුවන අවස්ථාවෙන් උවමනාවට වඩා මැදිහත්වීම් කළා.

• මේ චෝදනා ඔබ එල්ල කරන්නේ සාක්ෂි ඇතුව ද?

ඇමරිකාවේ කණ්ඩායම් දෙකක් පසුගිය කාලයේ දී අවස්ථා දෙකක දී ලංකාවට ඇවිත් ගියා, ඒ සමහර ආපු අවස්ථාවල රෙකෝඩ් පවා ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නැහැ. ඒ කණ්ඩායම් කොළඹ හයිවේ එක වහගෙන තමයි කොළඹට ආවේ. අපට ආරංචි විදියට ඇමරිකාවෙන් ඉල්ලීම් හතරක් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් වී තිබෙනවා. IMF ලංකාවට ලබා දීමේ දී බහුතරයක් නියෝජනය කරන්නේ ඇමරිකාව නිසා අපට විශාල අභියෝගයක් එල්ලවී තිබෙනවා.

ඇමරිකාව අපෙන් ඉල්ලා සිටි කාරණා විදියට අපට ආරංචි වන්නේ ඒ අය සූදානම් අපි එක්ක එකතු වෙලා බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමට, ඒ වගේම ලංකාවේ ජීව විද්‍යාත්මක තොරතුරු ලබා ගැනීමට ඇමරිකාවටත් අවස්ථාවක් ලබා ගැනීම මුහුදු යට සන්නිවේදන කේබල් වල තොරතුරු සඳහා ඒ අයත් සම්බන්ධකර ගැනීම, සෝපා ගිවිසුම සක්‍රීය කර ගැනීම හෙවත් ඇමරිකන් හමුදාවටත් ලංකාවට පැමිණ නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ගොඩනගාගැනීම ත්‍රිකුණාමලයේ ඇමරිකන් හමුදා කඳවුරක් ඉදිකර ගැනීම.

අපි විශ්වාස කරන විදියට ඉන්දියානු සාධකය අපි නොසළකා හැරියොත් ඉන්දියාව අප සමඟ තරහා වෙනවා. මේ පිළිබඳව රටේ ජනතාව දැනුම්වත් විය යුතුය. ඇමරිකානු නියෝජිතයන්ගේ පැමිණීම අපි ප්‍රශ්න කරන්නේ ඒ නිසයි. අපේ රටට ඇතිවී තිබෙන තර්ජනය අප තේරුම් ගත යුතුයි. අපි අපේ රට බේරා ගැනීමට දෙවන නිදහස් අරගලයක් කළ යුතුයි.

• ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය කියවා ගැනීමට කොමියුනිස්ට් පක්ෂයට හැකියාවක් තිබෙනවා ද?

අර්බුද පිළිබඳ අපේ කියවීම නිධන්ගත වෙළෙඳ හිඟය. ආනයනය අපනයන ප්‍රතිපත්තිය ඒක අපි යම් තරමකට පාලනය කර ගැනීමට හැකිවුණා. සංචාරක කර්මාන්තය හා ගෘහ සේවය නිසා අපේ තිබෙන බදු ප්‍රතිපත්තියන් ඉතාම අවුල්වාදී තැනක තිබෙන්නේ. ඒක නිසා රාජ්‍ය ආදායම නොලැබෙන තත්ත්වයට පත්වී තිබෙනවා. ණය ගැනීම තමයි හැම ආණ්ඩුවකම ප්‍රතිපත්තිය.

අපි නිෂ්පාදන ආර්ථකයෙන් ඉවත්වීම තමයි අපේ රටට ඇතිවුනු ලොකුම හෙණය. වැරදුණු තැන් තේරුම් ගැනීම නැතිව අප රටක් විදියට ඉදිරියට යන්න බැහැ. මේ රට මේ තත්ත්වයට පත්වුණේ දූෂණය නිසා පමණක් කියන කාරණාව අපට පිළිගන්න බැහැ. වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ IMF ලබාගෙන තව තවත් රට ණය උගුලක හිර කිරීම පමණයි. දියවැඩියාව හැදුණු කෙනෙකුට තව සීනි දීලා වැඩක් නැහැ. විදේශ විනිමය වැඩි කරන ක්‍රමවේයකට අප යා යුතුයි.

• පොහොට්ටුවට සමුදීලා හෙළිකොප්ටරයේ නැග සිටින ඔබලාට ජනතා ආකර්ශනය ගැනීමට හැකිවේ ද?

ඇත්තටම පුළුවන් අපේ කඳවුර නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ 36 ක් සිටිනවා. අපි අපේක්ෂකයන් 6000 ක් පුංචි ඡන්දයට ඉදිපත් කර තිබෙනවා. ජනපති  දිනෙන් දින මැතිවරණ කල්දාන බව පැහැදිලියි. අපි දැන් ‘‘වහාම මැතිවරණය පවත්වව්’’ කියන තේමාවෙන් රටපුරා රැස්වීම් පවත්වමින් යනවා.

• මැතිවරණය ආණ්ඩුව තව දුරටත් කල්දැම්මොත් ඔබලාගේ ක්‍රියාමාර්ගය කුමක්ද?

ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. රට පුරාම අපි දැනට රැස්වීම් පවත්වන්නේ මැතිවරණය තබන්න යැයි බලකරමින්, විපක්ෂයේ සියලු පිරිස් දැනට ඒ සඳහා ඒකරාශී වී සිටිනවා. ආර්ථික අර්බුදය නිසා මැතිවරණ තියන්න බෑ කියන එක බොරුවක්. මැතිවරණය තිබුණේ නැති වුණොත් තියෙන ආර්ථික අර්බුදය තවත් උග්‍ර වේවි. මැතිවරණය කල්දාලා රට විෂම චක්‍රයකට තල්ලු කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ.

• ප්‍රධාන පක්ෂ දෙකම ජනතාව එපා කියන තත්ත්වයකට පැමිණ තිබෙනවා. මාලිමාවේ මේ තියෙන ජනරැල්ල ඇත්ත එකක්ද බොරු එකක්ද?

ආකර්ෂණයක් තිබෙන බව බැලූ බැල්මට පේනවා. අපට පේන විදියට ඒ රැල්ල දන්න මාලිමාව විශාල මුදලක් වියදම් කරනවා. ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය තමයි දූෂණයට එරෙහිවීම, එහෙම කියලා තමයි ඒ අය බලයට ඒමට උත්සාහ කරන්නේ. කොමියුනිස්ට් පක්ෂය බලයට ඒමට කෙටි මාර්ග භාවිත කරන්නේ නැහැ. අපි හොරකම් කරලා නැහැ. ජනතාව හොයන්නේ පිවිතුරු දේශපාලනයක් නම් ජනතාව ඡන්දය දෙන්න ඕන අපට. අපේ අත්වල ලේ තැවරිලා නැහැ. ජවිපෙ තමන් කරපු වැරැදි පිළිගනිමින් සිටිනවා. ජාතික ජන බලවේගයවත් සමගි ජන බලවේගයවත් අපට අභියෝග නොවේ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ ​වෛද්‍ය  ජී. වීරසිංහ

සටහන අමිල චින්තක ගමගේ



අදහස් (0)

පාලකයෝ හිතාමතාම රට වැට්ටුවා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථීකයේ අර්බුදයෙන් ඔබ්බට...
2023 ජුනි මස 07 67 0

මැයි මාසයට අදාල උද්ධමනය පිළිබඳ දත්ත මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව 2023 වර්ෂයේ අප්‍රේල් මාසය හා සන්සන්දනය කරන විට මැයි මාසයේ උද්ධමන අනුපාතය


දරුවන්ගේ කුසලතා වර්ධන වැඩසටහන් නතර කරනු එපා
2023 ජුනි මස 07 15 0

මුදල් ප්‍රතිපාදන වෙන් වී නැති නිසා මේ වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නොපැවැත්වීමට ඉඩ ඇති බව නොබෝදා අප පුවත්පත වාර්තා කළේය. වාර්ෂිකව රටේ ළමා නාට්‍ය රචකයන්


සුභාවිත ගීතයේ රත්න ශ්‍රී ලකුණ
2023 ජුනි මස 06 285 0

ප්‍රවීණ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ සැත්තෑවැනි ජන්ම දිනයත් අඩසියවසක නිර්මාණ දිවියත් නිමිත්තෙන් ඇගැයුම් උළෙලක් කොළඹ පදනම් ආයතනයේදී පසු


ආර්ථික ප්‍රතිසංස්කරණ ඉන්දියාවෙන් පාඩමක්
2023 ජුනි මස 06 204 0

සංවර්ධන සැලැසුම් හා ප්‍රතිපත්ති සකස් කිරීම, ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම හා මහජනතාව රැකබලාගැනීම යන සියලු පැති ආණ්ඩුවකට පමණක්, සාර්ථකව කළ නොහැකි බව නවී


මෙහෙම වරප්‍රසාද තිබිලා මොකටද?
2023 ජුනි මස 06 707 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තවලින් පරීක්ෂාවකින් තොරව පැමිණීමට දී ඇති වරප්‍රසාද ඉවත් කළ යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහි


සමෘද්ධියෙන් දුප්පත්කම නැතිවේද?
2023 ජුනි මස 05 374 0

මනුෂ්‍යයකුට නොමැරී ජීවත් වීමට අවශ්‍ය ආහාර, බෙහෙත්හේත්, ඇඳුම් පැලඳුම් ආදී මූලික දේවල් නොලැබෙන තත්ත්වයක් දරිද්‍රතාව ලෙස හැඳින්විය හැකිය. එකී මූලික අවශ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 261 1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1442 2
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 776 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site