ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුකළ හැකිද, විපක්‍ෂයේ භූමිකාව ශක්තිමත්ද යනාදී කරුණු පිළිබඳව මෙවර රජ වීදියෙන් අදහස් දක්වන්නේ ගම්පහ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාය.
• රටේ යම් වෙනසක් සිදුවෙමින් තිබෙනවා. විපක්‍ෂය ඒ සත්‍යය පිළිගන්න සූදානම්ද?
ඉතා පැහැදිලිවම පිළිගන්නවා. රටක් විදියට රටට හොඳ දේවල් වෙනවනම් අත්දෙකම ඔසවා ඊට එකඟතාව පළ කරන්න අපි සූදානම්. ඒ වගේම විපක්‍ෂය විදියට රටට අහිතකර යමක් වෙනවානම් කට පියාගෙන පැත්තකට වෙලා ඉන්නත් අපි සූදානම් නැහැ. ප්‍රතිත්‍රස්ත පනත ආපු වෙලාවේ එහි අහිතකර බව රටට කියලා ඊට විරුද්ධව අපි නැගී සිටියා. ඒ වගේම විකාශන අධිකාරි පනතටත් අපි විරුද්ධයි. හොඳ දේවල්වලට හොඳයි කියනවා වගේම නරක දේවල්වලට විරුද්ධ වෙන්නත් අපි පැකිලෙන්නේ නැහැ.
• රටේ තිබුණු ගෑස් පෝළිම්, තෙල් පෝළිම් නැති වුණේ ජනපති රනිල්ගේ දක්‍ෂතාව නිසා කියලා විපක්‍ෂය විශ්වාස කරනවද?
පැහැදිලිවම. අපි කුහක නැහැ. හරි දේවල්වලට හරි කියනවා. ඉන්ධන, ගෑස් පෝළිම් නැති කිරීම ඉතාම හොඳයි. රටේ ආර්ථික තත්ත්වය ඒ ආකාරයට ගොඩ නැගුවත් ජනපතිවරයාට අමතක වෙලා තිබෙන දේ තමයි මේ රට ආර්ථික වශයෙන් පහළට ඇද දැම්මේ කවුද කියන එක. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළි අරන් තිබෙනවා මෙරටේ ආර්ථික අපරාධ සිදුවී තිබෙන බව. අපි ඒ සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න කිවුවත් ඒ සම්බන්ධව කවුරුත් අවධානය යොමු කළේ නැහැ. අපි කියන්නේ ආර්ථික වශයෙන් මේ රට වට්ටපු අයට අවශ්‍ය දඬුවම් දෙන්න.
• රනිල් ජනපති බවට පත්වූයේ පොහොට්ටුවේ උදව්වෙන් බව හැමෝම දන්නවා. එවැනි පසුබිමක පොහොට්ටුවට විරුද්ධව තීන්දු තීරණ ගැනීම ප්‍රායෝගිකද?
අපි කියන්නේ ජනපතිවරයා හරි දේ කරන්න කියලයි. වැරැදි දේට එකඟ වෙන්න එපා. පොහොට්ටුවේ උදවුවෙන් ආවත් මේ රට මේ තත්ත්වයට පත් වුණේ පොහොට්ටුව නිසා කියලා අමතක කරන්න එපා කියල තමයි අපි ජනපතිවරයාට කියන්නේ.
• පොහොට්ටුවේ සමහරු ඇමැතිකම් ඉල්ලා අරගල කරන බවට මාධ්‍ය වාර්තා කර තිබුණා?
රටක් විදියට අපි බංකොළොත් වෙලානේ ඉන්නේ. ඒ නිසා ඇමැතිකම් සීමා සහිතව තමයි තිබිය යුත්තේ. මං කියන්නේ කැබිනට් ඇමැතිවරු 15–20 අතර සීමාවක තිබිය යුතුයි. රාජ්‍ය ඇමැතිවරු අපේ වගේ රටකට අවශ්‍ය නැහැ. මේ තත්ත්වයට අපි ගෙනාවොත් අනවශ්‍යව වියදම්වන විශාල මුදලක් ඉතිරි කරගත හැකියි. ඇමැතිවරුන්ට කාර්ය මණ්ඩල, ඉන්ධන විශාල ප්‍රමාණයක් යනවා. අපි මේ මොහොතේ රාජ්‍ය වියදම් සීමා කළ යුතුයි. ඇමැතිකම් ඉල්ලන පළියට කාටවත් දිය යුතු නැහැ.
• දැන් විපක්‍ෂයට පළාත් පාලන ඡන්දය කල් දැම්මා කියන එක අමතක වෙලාද?
අපි තමයි පුංචි ඡන්දය ඉල්ලලා අධිකරණයට ගියේ. පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා කළේ. අපි මැතිවරණය කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒක අමතක කළේ ආණ්ඩුව සහ ජනපති. මේ ආණ්ඩුව අධිකරණය කියපු දේ ඇහුවෙත් නැහැ. පළාත් පාලන ආයතන ගජ මිතුරන්ට දෙන්න සැලසුම් කරමින් සිටිනවා. පෞද්ගලිකව මමත් ඒ සම්බන්ධව අධිකරණයට ගියා. අපි කියන්නේ පළාත් පාලන මැතිවරණය ප්‍රමාද නොකර ඉක්මනින් පවත්වන්න.
• දැන් විපක්‍ෂ නායකවරයා හදිස්සියේ ජනාධිපතිවරණයක් ඉල්ලන්නේ ඇයි?
ආණ්ඩු පක්‍ෂයෙන් තමයි මුලින්ම ඒ යෝජනාව ආවේ. එතනදි තමයි අපි පැවසුවේ ජනපතිවරණය කලින් පවත්වන්න ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නම් ඒ සඳහා අපේ සහයෝගය ලබා දෙනවා කියලා. අපි විශ්වාස කරන්නේ ජනවරමක් සහිත ආණ්ඩුවක් තමයි තිබිය යුත්තේ. ජනාධිපතිවරණයක් ආවොත් සජිත් ප්‍රේමදාස මහතා තමයි සජබෙ අපේක්‍ෂකයා වෙන්නේ.
• ජනපතිවරයා කියන්නේ මුළු විපක්‍ෂයම එකතු වෙලා ආවත් කාටවත් බහුතරයක් ගන්න බැහැ කියලා.
හොඳම දේ ජනාධිපතිවරණයක් පවත්වන එක. මම විශ්වාස කරනවා අපේ අපේක්‍ෂකයාට සියයට 50 පන්නලා ඡන්ද ගන්න පුළුවන්.
• මාලිමාවට දැන් රැල්ලක් නැද්ද?
පැහැදිලිවම නැහැ. ජවිපෙ හැමදාම මැතිවරණයට කලින් දිනලා හිටියේ. ඒත් ප්‍රතිඵල ආවම ජවිපෙ පරාදයි.
• විපක්ෂයෙන් ආණ්ඩුවට ගිය අයට විනය ක්‍රියාමාර්ග ගන්නවද?
අපට පුද්ගලයෝ අදාළ නැහැ. කවුරු වුණත් පක්‍ෂ විනයට පටහැනිව ක්‍රියා කරනවා නම් ඊට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්නවා.
• පාඨලී, රාජිත, වෙල්ගම විපක්‍ෂයේ ප්‍රධාන බලවේගයක් ගොඩනගන්න උත්සාහ කරනවා?
ඒ අයට තිබෙන එකම විකල්පය තමයි සමගි ජන බලවේගය බව කියන්න කැමැතියි. වෙන උත්තර ඒ අයට නැහැ.
• ඩොලරයේ අගය අඩු වුණාට බඩු මිල අඩු වෙලා ඒ ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවද?
පැහැදිලිවම ඩොලර් අඩුවීමේ ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතුයි. ආණ්ඩුවට තිබෙන්නේ ඩොලර් පහළ හෙළීමේ ලාභය ජනතාවට ඉක්මනින් ලබා දීමයි. ආණ්ඩුවට මේ කිසිවකින් අත හෝදගෙන නිකන් ඉන්න බැහැ. මේ සඳහා රජයේ ආයතන මැදිහත් වෙලා ඉක්මනින් පියවර ගත යුතුයි.
• රනිල් ඊළඟ ජනපති අපේක්‍ෂකයා වුණොත් විපක්‍ෂයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට යන්න ඉන්නවද?
එහි කිසිම ඇත්තක් නැහැ. විපක්‍ෂයෙන් 03 – 04 දෙනෙක් ආණ්ඩුවට ගියාට ආණ්ඩුවෙන් විපක්‍ෂයට 40 දෙනෙක් පැමිණීම කවුරුවත් කතා කරන්නේ නැහැ. පොහොට්ටුව අද කැඩිලා තියෙනවා. පොහොට්ටුවෙන් තමයි වැඩිම පිරිසක් ආණ්ඩුවට ආවේ.
• විකාශන අධිකාරි පනතට විපක්‍ෂය විරුද්ධ ඇයි?
ප්‍රජාතන්ත්‍රවාදයට මාධ්‍යයට විරුද්ධ පනතක්. ඊට විරුද්ධව අපි පෙළගැහෙනවා. මේක අපි පරාජය කරනවා. ප්‍රතිත්‍රස්ත පනතත් පාර්ලිමේන්තුවට ගේන්න අපි ඉඩ දුන්නේ නැහැ. මේකත් පාර්ලිමේන්තුවේදී අපි පරාජය කරනවා.
• ජවිපෙ මහපාරේ සටන් පටන් ගන්න ලෑස්තියි. විපක්‍ෂය නැද්ද ඒවට?
අපි දැනටමත් පාරේ සටන් පටන් අරගෙන ඉන්නේ. ආණ්ඩුවට රටට අහිතකර ඕනෑම තැනකදී අපි ඊට විරුද්ධතාව ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුව, මහ පාර ඔය ඕන තැනක විරෝධතාවට අපි ඔට්ටුයි.
ගම්පහ දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
සටහන - අමිල් චින්තක ගමගේ
‘මගේ මතක’ ඔබේ චරිතාපදානය කෘතියයි. ලේඛන දිවියේ පනස් වසරක අත්දැකීම් සමඟ මෙවන් චරිතාපදානයක් පළකිරීමට කල්පනා කළේ ඇයි?
විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යන පුවත් මේ දිනවල වැඩියෙන් අසන්නට ලැබේ. මේ ආකාරයට බුද්ධිගලනය ඉහළ යෑමට රටේ පවතින ආර්ථික අර්බු
මේ රටේ නිල රථ සම්බන්ධ අපූරු කතාවක් පසුගිය දිනෙක වාර්තා වූයේය. බුද්ධි අංශ මගින් මේ සම්බන්ධයෙන් රජයට ලබාදුන් වාර්තාවක සඳහන් වී ඇත්තේ නිල රථ දෙදහසකට ආසන්
රට හමුවේ තිබෙන ආර්ථික අර්බුදය තවමත් තිබෙන්නේ සංකීර්ණ තත්ත්වයකය. මේ අර්බුදයේ එක පැත්තක් වන ණය අර්බුදය කළමනාකරණය කර ගැනීමට තවමත් හැකියාවක් ලැබී නැත. IMF හ
ශ්රී ලාංකික පාඨකයන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත් කරවන සාහිත්‍ය මාසය එළැඹ තිබේ. සාහිත්‍ය මාසයට සමගාමීව පැවැත්වෙන කොළඹ මහා පොත් දැක්ම ද ආරම්භ වී ඇත. සා
චැනල් ෆෝ නාලිකාවේ පාස්කු හෙළිදරව්ව, සමගි ජන බලවේගයේ සමගිය, ඉදිරි ජනපතිවරණය ආදි කරුණු පිළිබඳව මෙවර රජවීදියෙන් අදහස් දක්වන්නේ බදුල්ල දිස්ත්‍රික් සමගි
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
රට වට්ටපු අයට දඬුවම් ඕනෑමයි
Senarath Thursday, 08 June 2023 12:30 PM
රට වැටෙන්න පටන් ගත්තේ තමනුත් හිතපු 2015-2019 කාලෙදී, ගනිපු ණය කන්ද සහ රටේ සංවර්ධන වේගය හොඳින් බලන්න. එදා රටේ යුද්ධ හෝ කොවිඩ් වගේ වසංගතත් තිබුණේ නැහැ. 2021, 2022 දී පාලකයෝ 100% කාබනික පොහොර හඳුන්වා දීමෙන්, තෙල් සහ ගෑස් නොමැති වීමෙන් තමයි රටේ ජනතාවට අමාරුව දැනුනේ... එහෙම නැතිව ඔයාලා සුදනලා නෙවෙයි...
SENA Thursday, 08 June 2023 02:16 PM
පාරේ සටන් පටන් අරගත්තාට ගමට නම් එන්න එපා කියලා ගම්මු කියන්නේ...
fairoos Thursday, 08 June 2023 02:41 PM
අනිවාර්යෙන්ම... රට මේ තත්වයට පත්කරපු අයට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ..
Senarath Friday, 09 June 2023 12:18 PM
එතකොට ඔයාලාටත් දඬුවම් දෙන්න වෙනවා. ඔයාලා බලයේ හිටපු 2015 සිට 2019 දක්වා තම වැඩිම ණය අරගෙන මදිවට රටේ සංවර්ධන වේගය 6% සිට... 2.3% දක්වා ක්‍රමයෙන් පහළට දැම්මේ. සුදනලා වගේ කතාව...
විජේ Tuesday, 13 June 2023 04:39 PM
තම තමුනුත් ඇතුළුවිය යුතුයි ඒ ගොඩට...