IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


සිරිපා වන්දනා සමය ඇරැඹෙයි

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්ෂ)

මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2022/2023) උඳුවප් පුන් පෝය (07) දින වූ අද දින විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් අති උත්සවත්වශ්‍රීයෙන් ආරම්භ කෙරිණි.

සකල ලෝකවාසී බෞද්ධ ජනතාගේ ඉමහත් ගෞරවයට පාත්‍රවූ, අන්‍යාගමිකයින්ගේද වන්දනාමානයට ලක්ව ඇති ගෞතම බුදුන්වහන්සේගේ වම් ශ්‍රීපතුල පිහිටා ඇති ශ්‍රීපාදස්ථානය ලොව පිහිටි වැඩිම කාලයක් වන්දනාමාන කිරීම සඳහා ඇති ආගමික ස්ථානයක් ලෙස සැලකේ.

අවාර සමයේ පැල්මඬුල්ල, ගපොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ පිහිටි ඓතිහාසික ශ්‍රී සුමන සමන් දේවාලයේ තැන්පත් කර තිබූ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය, සදාතුක කරඬුව හා දේවාභරණ (05) දා පස්වරුවේ සුභ නැකත් අනුව දොරට වැඩම කිරීම සිදු කරනු ලැබුවේ, ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ඇතිව මහා සංඝරත්නය මගින් චාරිත්‍රාණුකූල පුද පූජා පැවැත්වීමෙන් අනතුරුවය.

(06) දා අළුයම් කාලයේ යෙදුන සුභ නැකත් අනුව සදාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ ශ්‍රීපාදස්ථානය දක්වා විශේෂ පෙරහැරකින් වැඩම කිරීම මාර්ග 04 ක් ඔස්සේ ආරම්භ කෙරිණි.

පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ගමන් ආරම්භ කළ මෙම පෙරහැරවල් වලින් එක් රිය පෙරහැරක් රත්නපුර, අවිස්සාවේල්ල, යටියන්තොට, හැටන් හරහා නල්ලතන්නිය දක්වාද, අනෙක් පෙරහැර රත්නපුර- පලාබද්දල මාර්ගයෙන්ද, අනෙක් පෙරහැර කුරුවිට-එරත්න මාර්ගයෙන් හා තවත් පෙරහැරක් රත්නපුර-බලංගොඩ, බගවන්තාව, නල්ලතන්නිය හරහා ශ්‍රීපාදස්ථානයට වැඩම කිරීම සිදු කෙරිණි.

හැටන් මාර්ගයෙන් හා බලංගොඩ මාර්ගයෙන් ගමන්ගත් රිය පෙරහැරවල් නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත (07) දා අළුයම 03.30 ට පමණ ළඟාවිය. එහිදී රාජයේ උසස් නිලධාරීන්, ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශයේ බෞද්ධ හා හින්දු බැතිමතුන් විශාල පිරිසක් සමන්දේව ප්‍රතිමාවට පූජෝපහාර දක්වන අයුරු දක්නට ලැබුණි.

සදාතුක කරඬුව,සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය හා දේවාභරණ රැගත් රිය පෙරහැරවල් නඟර හරහා ගමන් ගනිද්දී මෙවර අති විශාල බැතිමතුන් පිරිසක් වෙනත් වසර වලට වඩා පූජෝපහාර දැක්වීමට රැස්ව සිටිහය. සෑම නඟරයකම බෞද්ධ කොඩි ඔසවා බුද්ධාලම්භන ප්‍රීතිය දනවන අයුරින් සැරසිළි කර තිබුණි.

(රංජිත් රාජපක්ෂ)

 

 



අදහස් (3)

සිරිපා වන්දනා සමය ඇරැඹෙයි

D P P Prasad Wednesday, 07 December 2022 10:58 AM

සිරිපා වන්දනා සමය ඇරඹිම පිළිබඳව බෞද්ධ හා බෞද්ධ නොවන සියළුදෙනා සතුටු විය යුතුය. එහෙත් ඇතැම් අය කදු නැගීම හා හුදු විනොදාස්වාදය සදහා මෙම ආගමික සිද්ධස්ථානය වෙත යනු ලබයි එසේ ගමන් කරන සමහර අය ඔවුන් රැගෙන ප්ලාස්ටික් බෝතල් ඉතිරිවන කෑම නොදිරන දුව්‍ය මෙම සිද්ධස්ථානය හා ඒ අවට ප්‍රදේශවල දමා එනු ලබයි. හිතාමතා හෝ අමතක වී එසේ දමා එනු ලබන දැ නිසා මෙම සිද්ධස්ථානය හා ඒ අවට ප්‍රදේශය දැඩි පරිසර හානියකට ලක්වේ. ඇතැම් රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන විශාල වෙහෙසක් දරා මෙම ස්ථාන පිරිසිදු කිරීමට කටයුතු කරනු ලබයි. එමනිසා මෙම ස්ථානය අපවිත්‍ර කිරිමෙන් වැලකීම අප කාගෙත් යුතු කමකි.

:       0       17

සුරකිමු පරිසරයWednesday, 07 December 2022 09:42 PM

කෑම කාලා හැම තැනකම ඒවා දාලා යන අයට ඇඟට දැනෙන්නම දැඩි දඩයක් ගෙවන්න නියම කරන්න...! යුරෝපා රටවල එවැනි අයට දෙන දඩය රු 50,000 කි..! ගියවර සිරිපා වන්දනා සමයේ තිබුණු කසළ ගොඩ මතකද...?

:       0       8

perera Thursday, 08 December 2022 04:49 PM

සාදු සාදු සාදු.!

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 456 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1878 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1673 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site