(ඉන්දිකා රාමනායක/ නාලක සංජීව දහනායක)
මාලබේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කළ විරෝධතාවයට මීට සුළු මොහොතකට පෙර කොල්ලුපිටිය අගමැති කාර්යාලය අසලදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
අද(10) පුරහල අසලින් ඇරඹි විරෝධතාවය කොල්ලුපිටිය දෙසට ගමන් කළ අතර ඔවුහු අගමැති කාර්යාලය දක්වා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය එසේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
(ඡායාරූප සහ වීඩියෝ-ශාන්ත රත්නායක)


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් රටවල් වල සම වයසේ උපාධිදාරී සිසුන් කම්කරු රැකියා කර තමන්ගේ මුදලින් දුකසේ ඉගෙන ගෙන පසුව හොඳ තැනකට පැමිණ රටට සේවයක් කරද්දී අපේ උදවිය රට වෙනුවෙන් කියමින් ඉගෙනීමත් කර කප්පල් කරගෙන ගෙදරට නාකි වෙති ! ඉන්පසු තමන්ගේ මහන්සියෙන් රැකියාවක් සොයා ගෙන පිළිවෙලකට ඉන්න මිනිස්සු දිහා බලමින් කැම්පස් ගියේ නැති මෝඩයන් කියමින් පරිභව කරති. හැමදාම ඔච්චරයි !
වැටුපට සේවය කරන හමුදාව යොදවා මහජන නැගී සිටීම් හැමදා මර්ධණය කල නොහැක .මන්ද ඔවුන් ද ජනතාවගේම කොටසක් බැවිනි .මර්ධණයට සමානුපාතිකව සටන් උග්‍රවී යම් දිනක එය සුනාමියක් වී පාලකයන් වෙලාගෙන ඔවුන්ව විනාශය කරා ගෙන යනු ඇත .
එනවා කනවා යනවා...එච්චර තමා පව්..
මේ ප්‍රශ්නය ආණ්ඩුවේ ඉන්න ඔලුව උදුම්මවගත්ත ඇමතිවරු දෙතුන් දෙනෙක් නිසා මෙච්චර උඩු දුවල තියෙන්නේ. අද පාරවල් අවහිරවෙලා ප්‍රශ්න එයි. හැබැයි මේ ප්‍රශ්නය නිසා ඇතිවුන සැබැ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්න තව අවුරුදු ගානක් යනවා. රට හැමදාම ආපස්සට විතරයි යන්නේ.
2009 - 2016 අවුරුදු 7ක් මේ උදවිය හිටියේ වෙන රටකද? එදා ඔය දේ කලානම් අද මේ ප්‍රශ්නය මෙතරම් දුර දිග නොයවා සාධාරණ විසදුමකට පැමිණිය හැකිව තිබුන. මෙය අද දේශපාලන ප්‍රශ්නයක් වී ඇත. නැතිනම් මුලදී නිශ්ශබ්දව සිට වසර 7 කට පසු ප්‍රමිතිය අවශ්‍ය බව පවසා අරගලය පටන් ගෙන තව වසරකට පසු සයිටම් වසා දැමිය යුතු බවට අරගල කරන්නේ මන්ද? GMOA පෞද්ගලික වෛද්‍ය අද්‍යාපනයට විරුද්ධ වෙද්දී අන්තරය පෞද්ගලික අධ්‍යාපනයටම විරුද්දව අරගලය ගෙනයයි. රුපියල් බිලියන ගණනින් සෑම වසරකම ළමුන් 1,000 පමණ පෞද්ගලික වෛද්‍ය අද්‍යාපනය සඳහා විදේශ ගත වේ. එය මේ උදවියට ප්‍රශ්නයක් නොවේ. ප්‍රමිතිය ඇතිකර එම අවස්ථාව මෙරටේ ලබාදී විශාල විදේශ විනිමයක් ඉතිරිකර ගෙන සහ විදේශ සිසුන්ට මෙරටට පැමිණ උපාධිය ලබාගැනීමේ අවස්ථාව ඇතිකර මෙරට ආර්ථිකය වර්දනය කල නොහැක්කේ මන්ද?
ඔලු ගෙඩියේ සිට ඇඟ පුරාම තියන ජරාවට ඉඳලා, හිටලා, පොලිසියෙන්ම, හොඳට පොලිෂ් වෙන එක ගොඩක් හොඳයි.
ගොඩක් අය යටට ඇඳගෙන ඉන්න ඕන අමුඩේ ඔලුවේ හෝ කරේ බැඳගෙන ඉන්නේ ඇයි? පහල තියෙන්න ඕනා අවයව උඩට ඇවිල්ලද? මේ ගෝත්‍රිකයින්ට ගහන්න ඕනා කලිසම ගලවලා අමුඩේ අන්දවලා..
තාරුන්‍යනය මෙළෙස මගදිගේ ගුටිකමින් වතුරනාමින් කදුළු ගෑස් බොමින් ගතවී යන්නේ ඔවුන්ගේ වරදම නිසාද?ජනතාව විසින්ම පත්කළ නායකයෝ ජනතාවටත් රටටත් සතුරු වී දරුවන් ගේ ගැටළු වළට උත්තර දීම උවමනා වෙන්ම මගහැර උන්ගේ වේදනාව තමන් ගේ සංතෝසය ළෙස සැළකීම නිසා මේ වය්‍යසනය සිදුවී තිබේ,මේ දරුවන් බොහෝ දෙනෙකුද මුන්ම පාලකයින් කිරීමට ඡන්ඳය දුන්නෝ වෙති,
පාලකයනි , සිසුදරුවනි අනාගතයගැන සිත වැදකරන්න .මෙවන් දෙයකෙන් වෙන්නේ රට ආපස්සට යන්නකි.
මේ කුහකයින්ව මර්දනය කරනවා ඇරෙනකොට වෙනත් සුදුසු විකල්පයක් නැත.
මගෙ රට පුදුම රටක් අප්පා.මේක රටේ ස්ථාපිත කරද්දී නරි වගේ හිටපු එව්වො එකපාරම සිංහයෝ උනේ කොහොමද.එදා ඔය අනුතුර වලක්වන්න තිබුනනෙ.භය උනා නේද සුදු වැන්වල යන්න වෙයි කියල..
තව කෙනෙක් තැනකට එනවට අපේ සිංහල සමාජයේ තරම් ඊරිසියාකාරයෝ මුළු ලෝකෙම නැතුව ඇති.
මේ ලෙඩේට හේතුව අපේ රටේ පිනට උගන්නන එක තමයි. මහපොළ ශිෂ්‍යත්ව අරමුදල බිහිකළ ගරු ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ පිළිරුවත් කඩා බිඳ දැමු අය. කැලණිය විශ්ව විද්‍යාල වෛද්‍යපීඨය සංවිධාන කල ප්‍රදර්ශනය කඩාකප්පල් කල අය තමයි මෙතනත් ඉන්නේ. පිටරටවල සිසුන් මෙන් තමන්ගේ වියදම් දරාගෙන පාට්ටයිම් රැකියාවල නිරතවෙමින් ජීවිතය ජයගන්න වෙර දරන තරුණ දරුවෝ සමග සසදද්දී, මේ නම් ශිෂ්‍යයෝ නෙමේ. පොලිසියේ මහත්වරුන්ට මේ අයව මර්ධනය කිරීමට ශක්තිය ලැබේවා!!
අනේ කාලේ වනේ වාසේ. කුහකයෝ ඉන්න තරම් මේ රටේ.
බලාගෙන යනකොට මේ කහපාට ඇදගෙන ඉන්න පිරිස හැම උද්ඝෝෂණ වලම සිටිනවානේ.....පසුව පොලිසියට දොස් කියාවි මගේ කණට ගැසුවා අතන මිරිකුවා කියාල.
මර්දනය හමුවේ නොසැලී සයිටම් හොර කඩේ අහොසි කරන මේ සටනට ජය වේවා!!!
මෙතන උද්ඝෝෂණ කරන අයගෙන් කී දෙනෙක් වෛද්‍ය සිසුන්ද? එයාලා ඉගෙන ගන්නවා, අනිත් අය උද්ඝෝෂණය කරනවා.
තමන්ගේ එකෙක්ගේ ප්‍රදර්ශනයක්වත් බලන් ඉන්න බැරී කුහක අන්තරේ කොහොමද අප්පා රටේ නිදහස් අධ්‍යාපනය රකින්නේ .නිකන් විහිලු වැඩ විතරයි
සිසු සටන් කුහක විදියට දකින්නේත් නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වන්නේත් , නිදහස් අධ්‍යාපනයෙන් හරි හැටි ප්‍රයෝජනයක් නොගෙන මුදල් බලයෙන් පමණක් ගොඩ ගොස් තම හිස උදුම්මවා ගත්තු ඇත්තටම කුහුක පිරිසකි.
අපේ සල්ලි වලින් ඉගෙන ගත උදවියගෙන් රටට වගේම ජනතාවට සේවය කරන්නේ කීයෙන් කී දෙනාද? දොස්තරවරුන් යන් කරන්න. රජයේ අනෙක් සේවකයින්? බෙල්ලට ටයි පටිය දාගෙන පුම්බන් ඉන්නවා. අද බලන්න ගුරු වෘත්තීය ? හොදට උගන්වනවානම් ටියුෂන් ඇයි මෙතරම් හන්දියක් හන්දියක් ගානේ? ඇයි රජයේ කන්තෝරුවකට යන්න අකමැති මිනිස්සු ? හොදට වැඩේ වෙන නිසා ද? දොස්තරවරු ඇයි මේ තරම් පුද්ගලික බෙහෙත් ශාලාවලට එන්නේ? ලෙඩ්ඩුන්ට සේවය කරන්න ඕන නිසාද ?
කෙටියෙන් කියනවනම් සයිටම් කියා ප්‍රශ්නයක් රටේ නැත. ඔතන උද්ගෝෂණය කරන 99%ක්ම හිතාගෙන ඉන්නේ සයිටම් නිසා රජයේ විශ්වවිද්‍යාල වහන්න යනවා කියල. සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය අහෝසි වෙනවා කියල රටේම ඉන්න ජනතාව ගොනාට අන්දවලයි තියෙන්නේ. සයිටම් යනු තවත් එක පුද්ගලීක විශ්ව විද්‍යාලයක් පමණයි. සයිටම් වැනි පුද්ගලීක ආයතන තිබුනොත් රජයේ විශ්වවිද්‍යාලවල ඉඩකඩ වැඩිවීමෙන් සුදුසුකම් ඇති තවත් පිරිසකට අවස්ථාවක් ලැබෙනවා .ඒ වගේම පුද්ගලීක විශ්වවිද්‍යාල වලින් ලැබෙන රජයේ බදු මුදල් නිදහස් අධ්‍යාපනය සඳහා යෙදවිය හැකියි. කලයුත්තේ මේවයේ ප්‍රමිතිය පාලනය කිරීමක් පමණයි.
රන් හොද අවබෝධයකින් ඉන්නව වගේ වර්තමාන රටේ තත්වය ගැන. ඔයාටත් අර කාටද වගේ පත්තරේ බලන්න ලැබුනේ නැද්ද ළගදී.
අයියෝ හාමුදුරුවන්ට ගිය කලක්...
කෝ වෛද්‍ය ශිෂ්‍යයෝ.....මේ දේශපාලන කරන කට්ටියකනේ..
එතකොට ඔය කියන්නේ සයිටම් ළමයි රජයෙ වෛද්‍ය පීඨ වලට යන්න ළකුණු ලබල තිබුනනම් ඒත් ලක්ෂ එකසිය ගණන් වියදම් කරගෙන සයිටම් ආයතනයට බැදෙනව කියලද?
දැන් රටේ ගනින්නාන්සේලා බිහි වෙන කාලේ ඇවිල්ලයි තියෙන්නේ.
දන්නා ඉටිගෙඩියක් කතා කොරනවා හලෝ. මේ රටට තව සයිටම් 10 වත් ඕනේ. නිදහස් අධ්‍යාපනයක් ගැන කථා කොරනවා, සයිටම් එකෙන් නිදහස් අධ්‍යාපනයට මොකද වුනේ කියන්නකෝ. මොකෝ මේ සයිටම් එකට පමණක් විරුද්ද? විරුද්ද වෙනවානම් පුද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයටම විරුද්ද වෙන්න ඕනේ. ඒ පුද්ගලික අධ්‍යාපන ආයතන, මියුසියස්, ලයිසියම් , විදුර, පසු කරගෙනයි සයිටම් එන්නේ. ලෝකේ තිබෙන එකම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සයිටම් නොවෙයි එහෙමනම් අැයි සයිටම් එකට පමණක් විරුද්ද වෙන්නේ?
රන් මෙතන ඉන්නේ විශ්ව විද්‍යාල සිසුන් නොවෙයි දොස්තරලාගේ බිලි බෝයිස්ලා. දොස්තරලා සටන තිබෙන තාක් කල් මේගොල්ලන්ගේ අඩු පාඩුකම් විසඳනවා. අනික් රටවල වගේ මෙහෙත් උසස් අධ්‍යාපනයට මුදල් අය කලොත් ඔය උද්ගෝෂණ ඉබේම නවතී.