IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


වැලිකඩ ඝාතකයින් අත්අඩංගුවට ගන්නැයි විරෝධතා

(ශාන්ත රත්නායක)

2012 වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කළ මිනීමරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් බන්ධනාගාර රැඳවියන් ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද (12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.

සිරකරුවන්ට බන්ධනාගාර තුළදී අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසද ඔවුහු මෙහිදි රජයට බල කර සිටියහ.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම අවස්ථාවට පැමිණ විරෝධතාකරුවන් ඇමතීය.



අදහස් (16)

වැලිකඩ ඝාතකයින් අත්අඩංගුවට ගන්නැයි විරෝධතා

siri Tuesday, 12 September 2017 03:01 PM

ඒ ගැන මොකුත්ම දන්නේ නෑ කියලනේ චෝදනා ලැබිල ඉන්න කට්ටිය කියන්නේ ....

:       634       61

saman Tuesday, 12 September 2017 03:49 PM

කෝප් කමිටුවේ ඉඳල මහබැංකු මගඩිය විමර්ශෂණ වාර්තාව ආපු වෙලාවේ මග ඇරපු විකට නළු රන්ජන් රාමනායක දකිනකොටත් හිනායනවා.

:       1114       1135

Thilina Tuesday, 12 September 2017 03:52 PM

මේ කැරැල්ලේදී මියගිය සියල්ලන්ම දරුණු ගනයේ අපරාදකරුවන්. එදා ආරක්ෂක අංශයේ පිරිසකුත් බරපතල තුවාල ලැබුවා .මේ සිද්දියේදී තුවක්කු රැගත් රැදවියන් වහලය මතට නැගී වෙඩි තියනවා සජීවීව රටම දැක්කා. මේ දරුණු අපරාදකාරයින් නිසා නැති වුන මනුස්ස ජීවිතවල වටිනාකමක් නැද්ද. අද දවස ගානේ පාතාලේ උදවිය වෙඩි තියාගන්න තැනට රට වැටිලා. ඒවගෙන් නැති වෙන්නේ ජීවිත් නෙමෙයිද ?

:       362       1276

sathyayaa Wednesday, 13 September 2017 02:10 AM

තිලිණ ඔබේ තර්කයට අනුව දුමින්ද සිල්වත් මියයන්න තිබුනේ මේ දිනයේ මේ ස්ථානයේ මන්ද ඔහුත් අපරාධ කාරයෙක් නිසා. නමුත් සිදුවුයේ, දුමින්දට ප්‍රශ්නයක්ව සිටි කිහිපදෙනෙක්ද මේ ඝාතන ලැයිස්තුවට ඇතුලත්ව තිබීමයි. රාජ්‍යය අනුග්‍රහය ලැබූ සුදු වෑන් සංස්කෘතියේ අදුර්ශමාන හස්තයට මේ ඝාතනය සුළු සිද්ධියක් පමණයි. ඔබ වගේම හිතන අයගේ ප්‍රමාණයේ අඩු වැඩි වීම තුලින් ලංකාවේ අනාගතය වුවත් තීරණය වීමේ ඉඩක් තිබෙනවා.

:       160       11

ranavi Tuesday, 12 September 2017 04:18 PM

වැලිකඩ ඝාතකයන්ට දඬුවම් දෙන්න කියන උද්ඝෝෂණයට මිනිස්සු නැති උනාට. හොරුන්ට දඬුවම් දුන්න කියල හාමුදුරුවරු දාහක් පිණ්ඩපාතේ වඩිනවලු සල්ලි හොයලා බේරගන්න.

:       1560       1436

SL Tuesday, 12 September 2017 11:42 PM

හාමුදුරුවරු පිණ්ඩපාතේ වඩින්නේ බෞධයන් බහුතරයක් ඉන්න රටේ ජනතාවගේ බදු මුදලින් බෞද්ධ උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදපු වරදට වන්දි ගෙවන්නනේ. නැතුව මහදවල් මහබැංකුව හොරාකාපු රටේ පුරවැසියකුත් නොවන කනෙක් වෙනුවෙන් නෙවේනේ!

:       25       196

srimalaWednesday, 13 September 2017 05:21 AM

හැබැයි ඉතින් සිල් රෙදි බෙදුවේ චන්දයට කලින් දවසේ රාජපක්ෂගේ ෆොටෝ එකක් දාල , රටේ ජනතාවගේ බදු මුදලින් ඒ මුදුලුත් අය වැයකින් වෙන්කළ මුදල් නොවේ , හදිසියෙන් ඡන්ද වැඩවලට ගත්ත රටේ ජනතාවගේ බදු මුදල් මිලියන 600 ක් , ඔබ බෞධයෙක් නම් වරද වරදක් ලෙස දකින්න පුරුදුවන්න.

:       115       46

Senarath Wednesday, 13 September 2017 03:44 AM

තිලින කියන කතාවට 100% ක් එකගවෙනවා. මෑතකදී පත්තරවලත් ඒ පින්තුර පල උනා . මේ අපරාධ කරුවන්ගේ අතින් මැරුම් කාපු අහිංසක මිනිස්සු වෙනුවෙන් කවුද කතාකරන්නේ ? ඒ මිනිස්සුන්ගේ පවුල්වල දු දරුවෝ අද කාගේ වත් හවුහරණක් නැතිව දුක් විදිනවා ඇති. ඒවා ගැන කවුද කතාකරන්නේ ? එත් මේ අපරාධ කරුවෝ ගැන කතා කරන්න ඕනේ තරම් ඉන්නවා. මේ වෙන මොකටවත් නෙමෙයි , අපේ රණවිරුවෝ බිලිගන්නා කරන උත්සාහයක්.

:       8       52

තිලිනසහසෙනරත්Wednesday, 13 September 2017 05:25 AM

තිලින සහ සෙනරත් වෙත, ඔබලාගේ ආගම කුමක්ද? හිරේ සිටින අය කල වරද ගැන සිතා සමාව ලබා ගැනීමට පුළුවන්. ඔබට හිරේ සිටින අය මැරීමට ඔබගේ සිතට අදහසක් පහළවීම ඔබගේ ආත්මය තිබෙන ස්ථානය ඉතා භයානකය. කරුණාකර පසුතැවිලි වන්න .

:       98       3

SenarathWednesday, 13 September 2017 09:36 AM

මට හිරේ සිටින කිසිවෙක් මැරීමට වුවමනාවක් හෝ චේතනාවක් නොමැත. එ්ත් ඕනෙම රටක නීතියට අනුව, ආයුධ අතැතිව නීතියට හිස නොනමන කෙනෙකුට මේ ඉරණම අත්වීම පුදුමයක් නෙමෙයි. මේ උදවිය චූදිතයන් ලෙස හෝ වරදකරුවන් ලෙස බන්දාගාර ගතව සිටින අතරේ ආයුධ අතැතිව බන්ධනාගාරයේ වහළ උඩ සිට තර්ජනය කර තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට උත්සාහ කළා. මේ උදවියගේ හැසිරීම බන්ධනාගර නිලධාරින්ට හෝ පොලිසියට පාලනය කර ගැනීමට බැරිවුණු නිසා තමයි යුධ හමුදාව කැඳවා තිබුනේ. මොවුන් වෙඩි තබන විටදී පෙරලා වෙඩි තැබීමේ ඇති වරද කුමක්ද? එසේ නොකලොත් සියළුම දෙනා ඒ විදියට ඉල්ලීම් දිනාගන්න උත්සාහ කරාවි....

:       2       40

Rohan Wednesday, 13 September 2017 03:47 AM

රන්ජන් ඔබ නළුකමට එහා ගිය ගරුකලයුතු පුද්ගලයෙක්.මොකද මුළු රටම ඉල්ලන අවශ්‍ය දෙය ඔබ හරියට කරනවා.මේ මිනීමැරුම් මුදල් මංකොල්ල ඒකාලේ මොන තරම් වුනාද? මේ ප්‍රසිද්ද පුද්ගලයන් බන්දනගර රෝහල් ගතවීම වහාම නවත්වන්න කටයුතුකරන්න.මේක රටට මහා විහිළුවක් වගේම යහපාලනයේ ලොකු හිඩැසක්.ඔබට ජයෙන් ජය!!!

:       48       347

anura Wednesday, 13 September 2017 08:08 AM

රටේ බෝම්බ පිපිරෙන කොට මේ ගොල්ල කොහෙද හිටියේ?? මේවා විහිලු සංදර්ශන .!!

:       44       72

.............ROHAN.......... Wednesday, 13 September 2017 12:10 PM

බන්ධනාගාර රැඳවියන්ගේ පූර්ණ වගකීම රජය සතුව රැඳවියන්ගේ අයිතිකරුවන්ට රජය වගකිව යුතුය. නම් ලැයිස්තුවක් අතැතිව නම් කතාකරමින් ඒ අය කැඳවා ඇත්නම් එය සැලසුම් සහගත ක්‍රියාවකි. යහපාලන රජයෙන් මේ සඳහා සාධාරණයක් මහජනයා අපේක්ෂා කරයි.. මහජනයා අවදියෙන්... !!!

:       0       110

upaliMonday, 18 September 2017 12:20 PM

රොහාන්, මේ විදියටම බොන්ඩ් ඉශු එක ගැනත් හෙව්වොත් නේද හොඳ?

:       8       1

indrajith Thursday, 14 September 2017 05:25 AM

2013/2014 කාලයේදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රුපියල් කෝටි 24 ක මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇතැයිද එමෙන්ම කාර්යාංශයේ ප්‍රචාරක අංශයේ වියදම පමණක් රුපියල් මිලියන 362 ක් බවද පුවත්හෙපත්ළි වල පලවුනා. මේවා කල ඇමතිවරු නිලධාරින් ගැන පරික්ෂන පැවැත්වුවාද? දඩුවම් දුන්නද? මරුකතරේ දහදුක් විඳන අයට පමනයි මේගැන කැක්කකුම.

:       0       250

upali Monday, 18 September 2017 12:24 PM

රන්ජන් මහත්තයෝ ඇයි බොන්ඩ් හොරකම ගැන මේ විදියට උද්ඝෝෂණ නැත්තේ? ඒවා තමන්ගේ හුණු කිල්ලොටෙනේ නේද?

:       11       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2126 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 683 5

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක




සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 3046 32

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 740 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1231 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site