IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


මහින්දටත් මෛත්‍රීපාල අසළින්ම පුටුවක් තියෙනවා - මුතුහෙට්ටිගම

( අමල් වික්‍රමරත්න)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර සම්මේලනයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසලින්ම ආසනයක් සූදානම් කර ඇතැයි වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
 
ඒ මහතාගේ නිවසේදී  අද (02) පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ඒ මහතා මේ බව පැවසීය.

“ඔබතුමා අපිට හිටපු ජනාධිපති නෙමෙයි අදත් ජනාධිපති.හෙට දවසේ සම්මේලනයේ ප්‍රධාන පුටුව මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක ඔබ තුමාට පමණයි ලැස්ති කරල තියෙන්නේ. අන්න ඒ පුටුවට අපි ආරාධනා කරනවා.පක්ෂ පාට භේද නැතුව එකම පක්ෂයක් විදියට අපි නැගිටිමු කියල ඒ ආරාධනාව අපි කරනවා.  

ඔබට ගැලපෙන පුටුව සම්මේලනයේ අපි ලැස්ති කරලා තියෙනවා.ඒක දුරබැහැර නෙමෙයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා අසලින්ම.සභාපති තුමා හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඔබතුමාත් අපිට දෙන්නෙක් නෙමේ එක කෙනෙක් විදියට අපි සලකන්න කටයුතු කරනවා. “

“ඔබතුමා ඉන්නේ වැරදි තැන අපේ මහගෙදරට  ගොඩවෙන්න  කියල අපි ආරාධනා කරනවා.අපේ මහගෙදර ලෑස්තිවෙලා වෙලා ඉන්නවා ඔබතුමා පිළිගන්න.අපි වැඩිම අත්පුඩිය ගහන්නේ  සම්මේලනයට ආවොත් ඔබතුමාට.ඔබතුමාට පිට තැනක් නොවෙයි අපේ තැන .මගේ තැන.ඔබතුමා අවොත් අපිට වීරයෙක්.පක්ෂයට ශක්තියක් ඊලග මැතිවරණ දිනන්න.“

“ඔබතුමාත් අපිට ඉන්න ඕන.ඔබතුමයි මෛත්‍රීපාල ජනාධිපති තුමයි දෙන්නම අපිට ඕන.දෙපැත්තටවෙලා සෙල්ලම් ගෙවල් හදාගෙන ඉන්නේ නැතුව අපිව නලවන්නේ නැතුව අපිත් එක්ක එක්වෙලා ශක්තිමත් අත්තිවාරමක් දාන්න කියන ආරාධනා කරනවා. සෙල්ලම් ගෙවල් හැදුව ඇති මහගෙදරට එන්න කියල අපි ආරාධනා  කරනවා

ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂය  මගුල්  ගෙදරකට  ලැස්ති වෙන්න වගේ  මුළු  රටම  ලැස්ති වෙනවා.අපි  66 වැනි සංවත්සරය මහ ඉහළින් සමරනවා වගේම 70 වැනි සංවත්සරයත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් සමග අපේ රජයක් යටතේ සමරනවා කියල අපි විශ්වාසයෙන් කියනවා.“   යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

 



අදහස් (21)

මහින්දටත් මෛත්‍රීපාල අසළින්ම පුටුවක් තියෙනවා - මුතුහෙට්ටිගම

upali Saturday, 02 September 2017 08:01 AM

කවුරු වුණත් අදහස හොඳයි.

:       183       1

menna Saturday, 02 September 2017 08:34 AM

මහා විකාරයක්... පක්ෂ අතර සහ පක්ෂ ඇතුලේ ගහගැනීම්. අපිටම කියපු රට... ඔහොම යමු.

:       2       38

Lapaya Saturday, 02 September 2017 08:34 AM

ජාතිය බේරා ගත්ත මිනිහෙක්... ජාතිය පාවාදෙන්නේ නැහැ.

:       166       1014

kaushalya Saturday, 02 September 2017 08:54 AM

මහින්ද මහත්තයා අනිවාර්යෙන්ම එනවා එ්ක ස්ථිරයි. සිරිසේන ජනාධිපතිතුමා එක පොරොන්දුවක් ප්‍රසිද්ධියේ රටටම ඇහෙන්න දුන්නොත්. එක්සත් ජාතික පක්ෂය එක්ක යන දීගේ නවත්වනවා කියලා කියන්න. අන්න එතකොට තමා එතුමා ගේ ශක්තිය නැවත පක්ෂයට ලැබෙන්නේ... රනිල් මහත්තයා ගාව ඉඳලා පක්ෂය පාවා දීලා මේ වගේ ඉල්ලීම් කරන්න නැතුව.. කොහොම වුණත් එන බ්‍රහස්පතින්දා මහින්ද මහත්තයා ගාවට ඔය ඉන්න කට්ටියක් එන එක වළක්වන්න නම් ලැබෙන්නේ නැහැ.

:       204       455

jayantha Saturday, 02 September 2017 09:16 AM

මේ වගේ අය තමයි අපේ රට පාලනය කරන්නේ...

:       2       65

Ashan Saturday, 02 September 2017 09:16 AM

එතකොට දැන් අර දූෂණ වංචා අමතක කරලද? ඕක තමයි කියන්නේ ලංකාවේ කවදාවත් පිරිසිදු දේශපාලනයක් නැහැ.... පක්ෂය ලොකුකරගෙන නටන නිසා....

:       1       83

Shanaka Saturday, 02 September 2017 09:37 AM

මේ වගේ මිනිස්සු නිසා තමයි මහින්ද මහත්තයාට ලැජ්ජා වෙන්න වුණේ...

:       0       65

aravinda Saturday, 02 September 2017 09:57 AM

මේ ඇමතිවරු කියාගන්නා අයගේ කතා වලින් තේරෙනවා, අද ලංකාවේ දේශපාලනය කරන අයට මහජන සේවයට වඩා වැදගත් වන්නේ, කව්රු ලඟද, මොන පුටුවේද ඉඳගන්නේ කියන එක. මේ අයට රටේ සේවයට වඩා තමන්ගේ පැවැත්මයි වැදගත්.

:       0       92

siri Saturday, 02 September 2017 10:10 AM

මැතිවරණයක් ළං වෙනකොට තමයි මහින්ද මහත්තයව මතක් වෙන්නේ. පසුගිය ඡන්දෙ වෙලාවේ එතුමාගේ සහය අරගෙන ඡන්දෙ ළං වෙනකොට කකුලෙන් ඇද්දේ කවුද? ලැජ්ජාව තියෙන කෙනෙක් ඒ උගුලට අහුවෙයිද? ඔබ ඇතුළු හුඟක් දෙනෙක් ගොඩ ගියේ මහින්ද මහතා නිසා නේද? ලැජ්ජාවක් තියෙනවා නම් එවැනි ඉල්ලීම් කරයිද?

:       98       375

janatha anura Saturday, 02 September 2017 11:07 AM

අමතක කල යුත්තේ අතීත දුෂණයන් පමණක්ද ? වර්තමාන දුෂණ නොදකින්නේ දේශපාලන අඳ බාවයට පත් වූ විට පමණි.

:       0       0

hewawitharana Saturday, 02 September 2017 04:22 PM

අශාන් මේ අහන්න වෛරයෙන් වෛරය නොසන්සිඳේ

:       0       0

sunil Saturday, 02 September 2017 05:24 PM

කාලඟින් කවුරු හිටගත්තත්, ඉඳගත්තත් දැන් අපිට වැඩක් නැහැ මහත්තයෝ... අපි කවදත් බිමට වැටිලා ඉන්න බව නම් අපි හොඳින්ම දන්නවා.

:       0       0

Susil Saturday, 02 September 2017 07:36 PM

ළිඳෙන් වතුර බීලා, එයින් වතුර නාලා, ළිඳට ගල් ගසාලා වතුර බොර කරයි මිනිසා, වතුර බොර කරයි, මිනිසා ගඟට ආවඩයි...

:       0       0

lalith Saturday, 02 September 2017 07:41 PM

දිග බංකුවක් තිබ්බා නම් ළඟින්ම ඉන්න පුළුවනි.

:       0       0

Danushka Saturday, 02 September 2017 09:11 PM

ඒ කියන්නේ විදුලි පුටුවද?

:       0       0

Chanak Los angeles Saturday, 02 September 2017 11:07 PM

කකුල් කැඩුණු අශ්වයන් තරඟ වලට ගන්නේ නැහැ කියලා දන්නේ නැද්ද?

:       0       0

Dasun Saturday, 02 September 2017 11:19 PM

උයන් පල්ලා, සොහොන් පල්ලා, පුටුපල්ලා. පුටු තියන එකත් රස්සාවක් තමයි නේද?

:       0       0

sathyayaa Sunday, 03 September 2017 12:48 AM

සිරිසේන මහත්තයා ලඟින් බුලත් කෙල පඩික්කම තිබ්බා වගේම මහින්ද මහත්තයා ආවහම එයා ළඟිනුත් පඩික්කමක් තියන්න. එතකොට ඕගොල්ලෝ වගේ අයට පුළුවන්නේ පඩික්කම් හෝදලා තනතුරු ලබා ගන්න.

:       0       1

dias Sunday, 03 September 2017 03:20 AM

මහින්ද මහත්තයාවත් පාවාදුන්නා. දැන් ඇමැතිකම් අරගෙන දොඩවනවා.

:       0       5

ජගත් Sunday, 03 September 2017 03:35 AM

කරල තියෙන කතාව නම් හොඳයි. මම හිතන්නේ මහින්ද මහතා දැන් විශ්‍රාම අරන් ගෙදරට වෙලා හිටියොත් හොඳයි. මොකද අමෙරිකාවේ කොච්චර හොඳ ජනාධිපතිටත් දෙපාරයි ඉල්ලන පුළුවන්....

:       0       1

අප්පුහාමි Sunday, 03 September 2017 06:58 AM

බලන්න මේ ඉන්න කෙනා දිහා. හිතන්න මේ පුද්ගලයා කියපු කරපු දේවල්. ආයෙත් යවනවද පාර්ලිමේන්තුවට? අයින් කරන්න ඔය මයික් ටික. අපේ රට බේරගන්න නම් මේ වගේ අයට ඡන්දෙ දෙන්න එපා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන


ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2074 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 671 5

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක




සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 3045 32

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 725 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site