(රංජිත් රාජපක්ෂ)
වයස අවුරුදු 7ක් වූ පාසල් දැරියක් ඊයේ (15) දින දුෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙකු නාවලපිටිය පොලිසිය මගින් අද (16) සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
නාවලපිටිය වෙස්වෝර්ල්ඩ් වතුයායේ රිලාගල කොටසේ පාසල් දැරිය සහ සැකකරු පදිංචි බවත්, (15) දින පස්වරුවේ බීමත්ව සිටි සැකකරු පාසල් දැරියව නිවසින් මිටර් 500ක් පමණ එපිටට රැගෙන ගොස් දුෂණය කර දැරියව එම ස්ථානයේම දමා ගොස් ඇත.
නිවසේ සිටි දැරිය නොමැති බව ඥාතින් සහ එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් එක්ව සෙවීමේදි වතු නිවසට ඉහළින් දැරියක් කෙදිරිගසන ශබ්දය ඇසී සොයා බැලීමේදි අතුරුදහන්ව සිටි දැරිය ඥාතීන් විසින් පැය 4කට පමණ පසු සොයා ගෙන ඇත.
එම දැරිය විසින් සැකකරුගේ නම ප්‍රකාශ කිමෙන් පසු ඥාතීන් විසින් ඒ පිලිබදව නාවලපිටිය පොලිසියට පැමිණිලි කර පාසල් දැරිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම පාසල් දැරිය වැඩි දුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය ළමා රෝහල වෙත යොමු කර ඇත.
ගම්පොළ කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරි එච්.එම්.ඩී. හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එම්. කුලතුංග මහතා එහි විමර්ෂණ කටයුතු සිදු කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය ආපහු එළියට නම් එවන්න එපා.
සෙට්එක තලලා පුස්සෙක් කිරීම එකම විසඳුම නේද?