(නිමන්ති රණසිංහ)
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව ලබන ජනවාරි 27 කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (14) නියෝග කළේය.
අභියාචනාධිකරණය විසින් අද (14) දින සිට සති 10 කට එම නඩුව කල් තබන ලෙසට නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයාට සිදු කරනු ලැබූ නියෝගයක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
අධිකරණයෙන් නිකුත් කල නොතීසි ප්‍රකාරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොතීසි නිකුත් කළේ ඉකුත්16 වැනිදාය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණී පියතුමා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙන්ම මෙම නියෝගය නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුව අත්අඩංගුවට ගන්න...!
මොහුගේ විදේශ ගමන් බලපත්‍රය උසාවි භාරයට ගෙන, රටින් පැනයාම වළක්වා මේ අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම කාගෙත් සතුටට හේතුවනු ඇත...
බෝම්බ ප්‍රහාරයට ලක්වුණු ජනතාවට යුක්තිය ඉටු කරනු... මහා මොලකරු බැසිල් අත්අඩංගුවට ගනු...