(කාංචන කුමාර ආරියදාස)

පවතින වියලි කාලගුණික තත්ත්වය උපයෝගී කරගෙන  බෝවතැන්න ජලාශයේ පිරී ඇති රොන් මඩ  ජලජ ශාඛ  ඉවත් කිරීම දිවා රෑ නොබලා මේ දිනවල ලහි ලහියේ සිදු කරයි.

බෝවතැන්න ජලාශ භාර ඉංජිනේරු   බුද්ධික මහේෂ් නවරත්න මහතා ඇතුළු  ඉංජිනේරු කණ්ඩායමේ  යෝජනාවක් අනුව මහවැලි ව්‍යාපාරයේ සේවක ශ්‍රමය යන්ත්‍ර සූත්‍ර යොදාගෙන පවතින එල්ලිනෝ තත්ත්වය උපයෝගී කරගෙන කඩිනම් වැඩපිළිවෙළක් ලෙස මෙය  ආරම්භ කිරීම විශේෂත්වයකි.

බෝවතැන්න ජලාශය රජරට හදවත බඳු වූ ස්ථානයකි.එනම් කණ්ඩලමල ඉබ්බන්කටුවල කලාවැව ද්‍රරෝණියට ජලය සපයන ජල මූලාශ්‍රය බෝවතැන්න ජලාශයයි.

ජලාශය ඉදිකොට වසර පනහක සිට මේ දක්වා ජලාශයේ රොන්මඩ මීටර් හය හතක්  සම්පූර්ණයෙන්ම පිරී ඇතැයි බෝතැන්න ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා පැවසීය.

බෝතැන්න ජලාශයේ  උමං මාර්ගය හරහා රජරට ප්‍රදේශයට ජලය රැගෙන යෑම සිදුකරන ස්ථානය මේ වන විටත් මීටර් හයක් පමණ  රොන්මඩ ඉවත් කොට ඇති අතර තවත් මීටරයක් පමණ එම ස්ථානයේ රොන්මඩ වලින් පිරී ඇති බව ඉංජිනේරුවරයා සඳහන් කළේය.