(රංජිත් රාජපක්ෂ)
දිවයිනටම බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නාවලපිටියේ සිට ගම්පොළ දක්වා වූ කොටසේ වැඩ ලබන නොවැම්බර් මස වන විට අවසන් කිරීමට හැකි බව දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති ඉංජිනේරු චමිල හේරත් මහතා පවසයි.
නාවලපිටිය සිට ගම්පොළ දක්වා වූ කොටසේ ස්ථාන 37 ක් හානියට පත් වූ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ ඒකකය මගින් ස්ථාන 30ක අලුත්වැඩියාවන් අවසන් බව ඉංජිනේරුවරයා පැවැසීය.
මහා පරිමාණයෙන් හානියට පත් වූ ස්ථාන 06ක ප්‍රතිසංස්කරණ කටයුතු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රණී තුෂාරි ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා ආරම්භ කෙරිණ.
සුළි කුණාටුවෙන් දුම්රිය මාර්ගයට හානි සිදුවීම නිසා තැඹිලිගල වරකාපිටිය දුම්රිය උපපොළ අසල මාස 10 කට ආසන්න කාලයක් දුම්රියක් නවතා දමා තිබේ.
වරකාපිටිය දුම්රිය උපපොළ අසල මහා පරිමාණයෙන් හානියට පත් වූ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති ඉංජිනේරු චමිල හේරත් මහතා කියා සිටියේ නොවැම්බර් මස පළමු සතිය අලුත්වැඩියාවන් අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
එසේම දැඩි ලෙස නායාමට ලක් වූ මෙම ස්ථානයේ ඉහළින් පිහිටි කඳු පන්තියෙහි ඇති අනතුරුදායක ජලය කඳු පන්තිය අඩි 60ක් පමණ අභ්‍යන්තරයට විද සුවිශේෂී නල පද්ධතිය ජලය යොදා ඉවත් කරන බවත්, ඉදිකිරීමෙන් අනතුරුව නැවත මෙවැනි නායාමකට ලක් නොවන ලෙස දුම්රිය මාර්ග සකස් කිරීම බලාපොරොත්තු වන බවයි ව්‍යාපෘති ඉංජිනේරුවරයා වැඩිදුරටත් කියා සිටියේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd