(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල ප්‍රදේශයේදි ඉකුත් 18 වැනි දා මුදල් පොලිසියට දෙන පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කළ බව කියන විශේෂ බළකා හිටපු සෙබළක පොලිසිය සමග වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිසිය කියයි.
සැකකරු කහතුඩුව පහළගම කුරුළුබැද්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක වාඩියක් තුළ සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම එම ස්ථානය වටලා ඇති අතර කුරුඳු ඉඩමේ වාඩියක සිටි වෙඩික්කරු පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙිිඩි තබා ඇත. සිදු වූ වෙඩි හුවමාරුවේ දි සැකකරු වෙඩි වැදී මියගොස් ඇත.
සැකකරු සිටි කුරුඳු ඉඩමේ වාඩියේ තිබී ටී.56 ගිනි අවියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. පාතාලය අහෝසි කරන්න උත්සාහ කරන්න.
අවි ගත්තෝ අවියෙන්ම නසිති
සල්ලිත් දීලා වෙඩිත් කන්න වෙලා
කතන්දරේ හිතාගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔහොම එවුන්ට නඩු දාලා, නඩු අහලා, සමහර විට සැකයේ වාසියෙන් ගෙදර යවනවාට වඩා ඔහොමවුන එක හොඳයි.
විය යුතු දේ වෙමින් පවතී, ප්‍රමාද වී හෝ.
පාතාලය මර්ධනය කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඕක නැත්තං නඩු අහලා පැහැදිලි සාක්ෂි නෑ කියලා ඊට පස්සේ ඇප දීලා එලියට දාලා වෙන රටකට පැනලා යනවා.
සියලු පාතාලයන් අල්ලන්න යෑමේදී වෙඩි හුවමාරු කරගන්න ලැබේවා..!
ඔබ රටට මුදල් ඉතිරි කළා..!
මේක විය යුතු දේ කියලා කිව්වාට මේකෙන් වෙන්නේ සාක්ෂි විනාශ වීම, සමහර විට මේ වෙඩි තැබීමේ අරමුණත් ඒක වෙන්න ඇති. මේ වගේ වැඩවලින් වෙන්නේ පොඩි තග්ලා පිටුපස්සේ ඉඳන් මෙහෙයවන බලසම්පන්න චරිත සදාකාලේටම හැංගෙන එක, මේ ආණ්ඩුවත් ඒ වැඩේ කරනවා කියන්නේ ඔවුන්ටත් හංගන්න දේවල් තියෙනවා වගේ...!