(ඩයනා උදයංගනී)
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීම සිදුවන්නේ මහ නා හිමිවරුන් ප්‍රමුඛ බෞද්ධ ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් සකස් කරන නව සංශෝධන හා කොන්දේසිවලට යටත්ව බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම විශ්ව විද්‍යාලය බෞද්ධාගමික නායකයන්ගේ උපදෙස් මත ශාසනික උන්නතිය සඳහා උත්තරීතර පරමාර්ථ යටතේ පිහිටවූ ආයතනයක් වුවත් මේ වන විට එහි එම පරමාර්ථවලින් බැහැරව කටයුතු සිදුවන නිසා මහ නා හිමිවරු ඇතුළු බෞද්ධාගමික නායකයන්ගේ සංශෝධන ඇතිව මිස යළි විවෘත නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
හෝමාගම, පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ඇතිව ඇති ඛේදජනක තත්වය, නවක වදය සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩලයට ලබාදුන් බව ද ඇමතිවරයා කීවේය.
මේ වන විට මෙහි අනෙකුත් විශ්ව විද්‍යාලවලටත් වඩා දරුණු ලෙස නවක වදය, ප්‍රචණ්ඩත්වය, විනය විරෝධී ක්‍රියා ඇති බව ඔප්පු වී තිබෙන නිසා සියලු මහ නා හිමිවරුන්ගේ සහ බෞද්ධාගමික නායකයන්ගේ සංශෝධන හා කොන්දේසිවලට යටත්ව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයක් වශයෙන් ගුණාත්මක ආයතනයක් ලෙස සංවර්ධනය කර විවෘත කරන බවත්, එතෙක් විශ්ව විද්‍යාලය හා නේවාසිකාගාර වසා තැබෙන බවත් ඇමතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි එහෙම කරනවා කියමුකෝ ... ඒත්,මේ බන්දුල ගුණවර්ධන මහත්තයල හිටියේ සහ හිටින්නෙ රට බංකොලොත් කළ පොහොට්ටු දේශපාලකයන්ගේ පැත්තේ. මේ වැඩේ උණුසුමෙන් තමන්ගේ පැත්තේ උදවියගේ මඩ සෝදාගැනීමට හෝ හොරකම් අමතක කරන්න ව්‍යංගයෙන් හෝ වෙර වඩනවා නෙමෙයි ඔන්න ...
නායක හාමුදුරුවරු මෙවැනි ප්‍රශ්න වලට් මැදිහත් වෙන්නේ නැහැ .ඔවුන් යන්නේ v8 ,රේන්ජ් රෝවර් වැනි විශාල උගතෝකෝටික ප්‍රශ්න තිබෙනවා විසඳගන්න .මෙවැනි දේවල් වලට කාලය ගත්තම බිස්නස් ටික කරගන්න බැරි වෙන නිසා කෝටි ගණනාවක් පාඩු වෙන්න පුළුවන් .මේක විසඳන්න අවශ්‍ය නම් මේ ආයතනය මිහින්තලේ ලොකු හාමුදුරුවන්ට භාර දෙන්න ටික කාලයකට .උන්වහන්සේ දුෂිත භික්ෂුන්ගේ රැවුල් කොන්ඩ කපලා හදලා ගනීවි
අදහස නම් හොඳයි. මේවා කරන්න තිබුනේ කලින්. දැන් මේවා කුජීත වෙලා ඉවරයි. අපේ මහනායක ස්වාමීන් වහන්සේලා ලංකාවේ වැඩ ඉන්නවද දන්නේ නෑ. කිසි සද්දයක් නෑ. මෙච්චර දේවල් වෙලත්.
ඒ විශ්ව විද්‍යාල වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් කරන්න. විශ්ව විද්‍යාල සහ උසස් පෙල වෙනුවෙන් සුදුසුකම් නොලැබූ දරුවන් වෙනුවෙන්. මහජන මුදල් නාස්තිවෙන මේ වගේ සුදු අලි නඩත්තු කරන්නේ මොකටද ? ඔය විශ්ව විද්යාලයෙන් පිටවෙන උපාධි ගත්ත අයගෙන් මේ රටේ ආර්ථිකයට වෙලා තියෙන ප්‍රයෝජනය මොකක්ද ?
අනේ බන් තප්පුලන්නේ නැතුව ඔය අන්තරේ තහනම් කරපල්ලා. රටේ ජනතාව මීක් කියන්නේ නැහැ ඕකුන් වෙනුවෙන්. එපා වෙලා ඉන්නේ. විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය සංගම් තහනම් කරපල්ලා, එතකොට ඉවරයි. ඕක කරන්නේ නැතුව තැන් තැන් වල තප්පුලනවා හරක්.