(ප්රසංග සිල්වා)
පමුණුගම එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක, ගැහැණු ළමුන් දෙදෙනකු හා පිරිමි ළමයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පමුණුගම පොලිසිය කියයි.
මෙසේ අතුරදන්ව ඇත්තේ වයස අවුරුදු 35 ක කාන්තාවක, වයස අවුරුදු 4 දැරියන් දෙදෙනකු හා වයස අවුරුදු 12ක දරුවෙකි. මෙම පිරිස ජා ඇල ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
අතුරුදන් වුවන් සොයා නාවික හමුදාව සහ පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත. පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ නාන්න ගිහිං නෙවෙයිනේ. විනෝ්දෙට මුහුදට බැහැල වටිනා ජීවිත නැතිවෙලා. ඒ අතර අහිංසක නොදරැවන්. වෙන දියුණු රටවල වගේ ආරක්ෂිත බව තහවුරැ නොකල සහ වෙරලාරක්ෂකයන් නොමැති තැන්වල දියට බැසීම තහනම් කල යුතුයි.
රටේ මෙවැනි අනතුරුවලට මූලික හේතුව විදිහට මා දකින්නේ නොසැලකිලිමත් බව හා නොතේරුම්කම. මොන තරම් අවවාද දුන්නත්, ඒවා මායිම් නොකරන එක පුරුද්දක් වෙලා. මාර්ග අනතුරු ගැන කියන්න තියෙන්නෙත්ක ඒකම තමයි.
ඇනතුරු සහිතයි කියන දැන්වීම් පුවරු දැක දැකත් දියට බහින ගව සම්පතක් අපට ඉන්නවා.