(රංජිත් රාජපක්ෂ)

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ පාසල් 13කට අද (21) දින නිවාඩු ලබා දුන් බව එම කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරු පැවසති.

නුවරඑළිය කලාපයේ පාසල් 156න් පාසල් 4ක් සහ හැටන් කලාපයේ පාසල් 150න් පාසල් 9කට නිවාඩු ලබා දී ඇති බව කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරු කියා සිටියහ

පවතින අයහපත් කාලගුණයත් සමග පාසල් පැවැත්වීම ගැන තීරණය ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් වෙත පවරනු ලැබීය.