(කේ බුද්ධික කුමාරසිරි)
වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළ හැකි තරුණයෙකුගේ මළ සිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී අද (10) හමු වූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
වයස අවුරුදු 35 ක් පමණ වන මෙම තරුණයාගේ හිසට ආයුධයකින් පහරක් එල්ල කර ඇති බවට සැක කළ හැකි ආකාරයේ තුවාලයක් දකින්නට ලැබෙන බවත් ගෙලෙහි යම් ඉදිමි මේ තත්ත්වයක් දකින්නට ඇති බවත් එමෙන්ම ගෙල ආසන්නේ ලේ පැල්ලමක් ඇති බවත් පොලිසිය පවසයි.
මෙතෙක් විවෘත කර නොමැති අදාළ විකල්ප මාර්ගය රාත්‍රී කාලයේදී දැඩි අඳුරු සහගත බවක් පවතින බවද රථයකින් රැගෙන විත් මාර්ගය අයිනේ නවත්වා මළ සිරුර මෙම ස්ථානයට දමා යන්නට ඇතැයි සැක පහළ කරන බවද හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් ගෙදර අල්ල ගත්තු මීයා හිමින් බෑගයක දමාගෙන ගෙයක් දොරක් අහලකවත් නැති වේලක් ළඟට ගෙනගොස් පරිස්සමින් අතහැරියා. මිනිස්සු අපරාධ කරන දිහා බලන් ඉන්න දෙවියන් ඵම රටට ජනතාවට යක්ෂයන් (සුව කිරීමට බෙහෙතක්වත් නොමැති ලෙඩ රෝග) මුදා හරිනවා. එයින් ජන සංහාර සිදුවනවා යන්න ධර්මයෙහි සඳහන් වේ.
තරුණය කවුද කියලා හඳුනා ගන්න ඕනේ නම් වහාම ඔහුගේ මුහුණේ පින්තුරයක් පත්තරේ දමන්න... නැතුව නාඳුනන තරුණයෙක් කියලා ´මිනිය මෝචරියට දමලා මිනිය කුණුවෙලා ඉදිමෙනකන් හිටියොත් මේ මිනීමැරුම ගැන සොයාගන්න බැරිවෙනවා...