(තිළිණි ද සිල්වා)
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාසික කුලී පදනම මත ලබා ගත් බත්තරමුල්ල ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ල අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ලබා ගත් එකක් යැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (20) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.
එසේම එම ගොඩනැගිල්ල සඳහා නීතිපතිගේ අනුමැතිය ලබා දී ඇති බවට එවකට එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වාචිකව තමන්ට පැවසූයේ යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් කීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්කි ලබා දෙමින් හෙතෙම මේ බව පැවසීය.
හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සාක්කි දෙමින් කියා සිටියේ පාර්ලිමේන්තු කාරක සභා ගොවිජන මන්දිරයට රැගෙන ඒමට පාර්ලිමේන්තුව ගත් හදිසි තීරණය හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මාරු කිරීමේ තීරණය ක්ෂණිකව ක්‍රියාත්මක වූ බවය.
ඒ අනුව ප්‍රමාණවත් ඉඩකඩක් පැවති බත්තරමුල් ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට කෘෂිකර්ම අමාත්‍යාංශය රැගෙන ගිය බවත් , නව ගෙඩනැගිල්ලේ වැඩකිරීමේ දුෂ්කරතාවයන් සම්බන්ධයෙන් එවකට අමාත්‍යධූරය හෙබවූ කාලය තුළ තමාට කිසිඳු පැමිණිල්ලක් නොලැබූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීය.
කෙසේ නමුත් මේ වන තුරුත් පාර්ලිමේන්තු කාරක සභා ගොවිජන මන්දිරයට නැවත ස්ථානගත කිරීමට කටයුතු කර නැතැයිද ඔහු කොමිසම හමුවේ පැවසීය.
එම සාක්කි ලබා දුන් අවස්ථාවේදී සාක්කිකාර දුමින්ද දිසානායක මහතා ඇමතූ ජනාධිපති කොමිසමේ සභාපති , හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ මෙම ගෙඩනැගිල්ල සම්බන්ධයෙන් බොහෝ චෝදනා සාක්කිකරුට එල්ල වී ඇති බවත් , එම චෝදනා වලින් මිඳීමට නම් නීතිපති අනුමැතිය ලබා දුන් ලිපිය මීළඟ දිනට ඉදිරිපත් කළ යුතු බවට දැනුම් දෙන ලදී.
ඒ අනුව මෙම පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය ලබන 29 වැනිදාට කල් තැබූ අතර එදිනට කොමිසම හමුවේ යළි පෙනී සිටින ලෙසට හිටපු අමාත්‍යවරයාට නියෝග කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියාට මාසයක් කන්න රුපියල් 1200 විශ්‍රාම වැටුපක් දෙන රටේ ගොඩනැගිල්ලට වියදම් කරන මුදල්
බොරු ඇස්බැන්දුම්. අන්තිමටම තවත් ජනතාමුදල් නාස්තියක් පමණි.
දුමින්ද මහත්තයෝ මේකෙන් නම් ගැලවෙන්ට බැරිවෙයි. ඔය කියන ලියුම හොයාගන්ට බැරි වුනොත් ගස් තමා. ඔබතුමා කියන ඔය කැබිනට් එකත් දැන් නැහැනේ.
අනේ පව් .. කවුදෝ මොනවා හරි කතා ටිකක් ගොතලා දීලා .. හිතන් ඉන්නවද දන්නේ නැහැ රටේ මිනිස්සු කන්නේ බත් නෙමේ පිදුරු කියලා
මේවා සුරංගනා කතා සක් සුදක් සේ පැහැදිලිනේ වෙලා තියන දේ. නමුත් ඕන ඔට්ටුවක් අල්ලනවා කව්රු බලයට ආවත් මෙයාට මොනවත්ම නොවෙන බවට
ගොඩනැගිල්ලක නිර්මාණය කාර්යයට අනුකූලව නිර්මාණය විය යුතු හෝ එහි කාර්යයට සුදුසු ආකාරයෙන්වත්, අඩුම ගන්නේ පෙනුමෙන්, තිබිය යුතුයි. මෙය වාස්තු විද්‍යාත්මක මූලධර්මයක්. එනමුත් මෙම තෝරාගත් ගොඩනැගිල්ල, අප ගම්මානවලින් පැමිණෙන දහස් ගණන් ගොවි මහතුන්ට චකිතයක් දනවන සුලු, එරෝප්පෙට ගොස් තම ගැටළු විසඳා ගැනුමට පැමිණ ඇති ස්ථානයක හැඟීම දනවන ආකාරයට, නොගැලපෙන බවක් ඇතිබව, මෙම කාර්යය සඳහා බිල්ඩිම තෝරාගැනීමේදී ඔය දේශපාලකයින්ට නොතේරුණු එක පුදුමයක් නොවේ. ඔවුන් කවද්ද ඥානාන්විත සහ සංවේදී මිනිසුන් වුනේ? කොහොමද මේ අබලිත, කිසිම තේරුමක් නැති ව්‍යාජ වාස්තු විද්‍යාත්මක බිල්ඩිමේ 'කෘෂිකර්මාන්ත අමාත්‍යංශය' කියා බෝඩ් ලෑල්ලක් ගහන්නේ?