(ලක්මි කුඩලිගම)
කුකුලේ ගඟ බලාගාරයේ වාන් දොරටු දෙකක් අද (01) උදෑසන හදිසියේ අනපේක්ෂිත ලෙස විවෘත්ත විමෙන් තත්පරයට ඝන මීටර 300 ක ජල ධාරිතාවක් කුඩා ගඟට එකතුවීම නිසා පහත් බිම්වල සහ ගඟ පහළ ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් සිටින්නැයි බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතා කීය.
ස්වංක්‍රියව විවෘත්ත වු වාන් දොරටු දෙක පසුව වසා දැමිමට කටයුතු කර ඇති අතර තත්පරයට ඝන මිටර 300 ක ජල ධාරිතාවයක් කුඩා ගගට මුදා හැරිම නිසා ගගේ ජල මට්ටම ඉහල ගොස් තිබේ.
ඒ හේතුවෙන් කුඩා ගඟ පහල දිය නෑම, කුඹුරු වැඩ කිරිම ආදිය සිදු කිරිමෙිදි අවධානයෙන් පසුවන්නැයි ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd