(යොහාන් භාසුර)
මෙරට ආර්ථික අර්බුදයකට පත්ව තිබූ 2022 සහ 2023 වසරවලදී ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බවුසර් අස්ථානගතවීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ නිලධාරීන් එම චෝදනාවලින් නිදහස් කිරීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන බවත් එම ඉන්ධන බවුසර් අස්ථානගතවීම සහ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් නිදහස් කිරීමේ සූදානම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පෙවරුවේ පැමිණ පැමිණිල්ලක් කළේය.
සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පෙවරුවේ පැමිණ මෙම පැමිණිල්ල කළේය.
ඉන්ධන බවුසර් අස්ථානගතකිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් වර්තමාන ආණ්ඩුව යටතේ ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උසස් තනතුරු දරන බවත් එම වරදකරුවන් නිදහස් කිරීමට අංක 258 කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත් දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාව රුපියල් ලක්‍ෂ 86 ක් වැයකර කළ වෝහාරික විගණනයක් කිරීමෙන් ඵලක් නොමැති බව කී දයාසිරි ජයසේකර මහතා ‘මාලිමා’ ආණ්ඩුව තුළ දූෂිතයන් චරිත බවට පත්ව ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කියන ඒවා මෙයා දන්නෙත් නෑ.
ඔය අය මාලිමා වෙස්මූණ දාගත්ත හොර, දූෂිත, අවස්ථාවාදී ජෙප්පෝ. රටේ සාපය. සත්‍ය හෙලිවෙන දවසක ඔය වසංගතය අවසන් වෙයි...
උනුත් එකයි මුනුත් එකයි - හැමදාමත් අපි තැලෙනවා.
කලින් ගොබ්බ හිටපු නායකයෝ නිතිවිරෝධී මිනීමරුවෝ නිදහස් කෙරුවා ඒ වෙලාවේ. කටවහගන හිටියේ ඔවුන්ට බයේ කතා කරන්න කොන්දක් තිබුණත් පණනැති නිසා. දැන් මාලිමාවත් එක්ක හැප්පෙන්න. හරි කැමැතියි. දන්නවා. සුදු වෑන් නැහැ. අඩි අටේ සැතපෙන්නේ නැහැ කියලා. නමුත් කූරු ගණන් කරන්න අරිනවා. ඒක තමයි. මාලිමාවේ හොඳ නුවන කියන්නේ. කාලාවරෙන් කියලා. ඔබලාට හැමදාම ඔය විදියට අඬ අඬා ඉන්න තමයි වෙන්නේ. සජිත්ව මාරු කරන්න යනවා. ඡන්ද පරදිනවා කියලා.... සජිත්ගේ අතේ වරදක් නැහැ කව්රු ආවත්... ජනතාව හොඳ හැන්දෙන් බෙදලා... ගෙදර අරිනවා.
ගැරඬින්ට භූමිතෙල් සැරටම වැදිලා වගේ...
මෙයා දැන් මෙහෙම කීවාට, තව ටික දවසකින් කියයිද දන්නෑ, මට ලැබුණේ වැරැදි තොරතුරක් කියලා. අපි දැන් මෙයාගේ වොයිස්කට් එකට වොයිස් එකේ කෙටුවාට, රිවස් නන්දසේන වෙච්චි දවසට, අපිට දැනට ඉතුරුවෙලා තියෙන පැණි අමුඩෙත් නැතිව තමයි ඉන්න වෙන්නේ...
මාලිමාවට ඡන්දය දුන්නු අයට පුදුමත් ඇති, හැබැයි අපට නම් පුදුමයක් නැහැ මොකද ඔය වංචා කරපු අය ඔය ආයතන අරක්ගෙන ඉන්න වෘත්තීය සමිති වල ප්‍රධානීන් ඒ වගේම වෘත්තීය සමිතිවල ප්‍රධානීන් තමයි දැන් ආණ්ඩුවේ ලොකු ලොක්කෝ... ඉතින් තමන්ගේ එකෙක් හොරකමක් කරාම මොවුන් ඒක බේරලා දානවා....