(ඩයනා උදයංගනී)
අම්පාර සහ මන්නාරම නගර සභා මහනගර සභා බවට උත්ශ්‍රේණිගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
පවතින යටිතල පහසුකම්, කාර්යාල පහසුකම් සහ මානව සම්පත් යොදාගනිමින් අමතර ප්‍රතිපාදන වැයකිරීමකින් තොරව දිස්ත්‍රික්ක කිහිපයක අගනගර මහනගර සභා බවට පත්කිරීමට මීට පෙර කැබිනට් අනුමැතිය හිමිවූ බවත්, ඒ අනුව එම නගරයන්හි සංවර්ධන කටයුතු කාර්යක්‍ෂමව හා කඩිනමින් කළ හැකි පරිදි මෙම පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එමෙන්ම සියලු ප්‍රාදේශීය සභා නගර සභා බවට පත්කළ හැකිදැයි කරුණු අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දුන් බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
දියුණු රටවල නගර සභා බොහෝ කාර්යයන් කරන බැවින් ඒ බව ද සැලකිල්ලට ගෙන විදුවවත් කමිටු සමඟ ද සාකච්ඡා කර රට පුරා නගර සභා ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳ කරුණු සොයන ලෙස ජනාධිපතියවරයා කැබිිනට් මණ්ඩලයට ද දැනුම් දුන් බව කී ඇමතිවරයා ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ඉදිරියේදී ගනු ඇතැයි ද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
24
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්පාර-මන්නාරම නගර සභා මහනගර සභා කරයි