(මනෝප්‍රි ගුණසේකර)
ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර් ය මණ්ඩලයේ නොසැලකිල්ල මත මවක ආබාධිත දරුවකු බිහි කොට ඇතයි තීන්දු කළ කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරී ලියනගේ මහත්මිය එම ආබාධිත දැරියට රුපියල් කෝටි 03 ක වන්දියක් ගෙවීමට රජයට නියම කළාය.
පුරවැසියන් විසින් ගෙවනු ලබන බදු උපයෝගී කර ගනිමින් රජය විසින් වෛද්‍යවරුන්ට හා කාර් ය මණ්ඩලයට වැටුප් ගෙවනු ලබන හෙයින් යම් පුරවැසියකු රෝහලකට ඇතුළත් වූ අවස්ථාවක එම තැනැත්තාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ යුතුකම වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලයට පැවරී ඇතැයි තීන්දුවෙන් අවධාරණය කළ දිසා විනිසුරුවරිය මෙවැනි තත්වයකට පත්වන දරුවන්ගේ දෙමව්පියන්ගේ මරණයෙන් පසුව ඔවුන් රැක බලා ගැනීම සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙළක් රජය විසින් සකස් කොට නොමැති බවද වැඩිදුරටත් සඳහන් කළාය.
ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල මත ආබාධිත තත්ත්වයකට පත්ව සිටින කැලණීය බියගම ප්‍ර දේශයේ පදිංචි දැරියකගේ මව වන්දි ඉල්ලා ඉදිරිපත් කළ නඩුවක තීන්දුව ප්රකාශයට පත් කරමින් එලෙස සඳහන් කළය.
ආබාධිත දැරිය වෙනුවෙන් ඇගේ මව විසින් ඉදිරිපත් කළ මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හා නීතිපතිවරයා නම් කොට තිබිණි.
ගර් භනීව සිටි තමා 2012 මැයි මස 14 වැනිදා දරුවකු ප්‍රසූත කිරීම සඳහා ගම්පහ රෝහලට ඇතුළත් වූ බවත් රෝහලේ සිටියදී දරාගත නොහැකි තරමේ වේදනාවක් තමන්ට ඇති බවත් ඒ පිළිබඳව රෝහල් කාර්යමණ්ඩලයට හා වෛද්‍යවරුන්ට දැනුම් දුන්නත් ඔවුන් කිසිඳු ප්‍රතිකාරයක් ලබානොදුන් බවත් සඳහන් කරන ආබාධිත දැරියගේ මව මව දරුවා ප්‍රසූත කිරීමට සූතිකාගාරයට රැගෙන ගිය පසුවද තමන්ට ඇති අධික වේදනාව පිළිබඳව වෛද්‍යවරියට දැනුම් දුන්නත් ඇය ඒ පිළිබඳ කිසිඳු සැලකිල්ලක් නොදැක්වූ බවත් සඳහන් කරන්නීය.
ගම්පහ රෝහලේ වෛද්යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් තමන්ට ආබාධිත දරුවකු බිහි කිරීමට සිදුවූ බව සඳහන් කරන කරන ආබාධිත දැරියගේ මව මව ගම්පහ රෝහලේ වෛද්යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය වෙනුවෙන් තමන්ට රුපියල් මිලියන 50ක වන්දියක් අය කර දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.
රෝගී වු යමෙකු ප්‍රතිකාර සඳහා රෝහලකට ඇතුලත් වූ පසු ඔහුට ප්‍රතිකාර කිරීමේ යුතුකම හා වගකීම වෛද්‍යවරුන්ට හා රෝහල් කාර්ය මණ්ඩලයට පැවරී ඇතැයි මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්රකාශයට පත් කරමින් සඳහන් කළ දිසා විනිසුරුවරිය රජය යටතේ පාලනය වන ගම්පහ මහ රෝහලේ සේවයේ නියුතු වෛද්යවරුන්ට හා කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවනු ලබන්නේ රජය විසින් යැයිද සඳහන් කළාය.
පුරවැසියන් ගෙවනු ලබන බදු උපයෝගී කරගනිමින් එම වැටුප් ගෙවන බව තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරිය මෙම නඩුවට පාදක වු සිද්ධියේදී දැරියගේ මව දරු ප්රසූතිය සදහා ගම්පහ රෙරා්හලට ඇතුලත් වූ අවස්ථාවේදී තමන්ට ඇති අධික වේදනාකාරී තත්ත්වය පිළිබඳව වෛද්යවරුන්ට හා රෝහල් කාර්ය මණ්ඩලයට දැනුම් දුන්නත් ඔවුන් ඒ පිළිබඳව කිසිඳු සැලකිල්ලක් දක්වා නොමැති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇතයි තීන්දුවේ සඳහන් කළාය.
බිළිදාගේ පෙකණිවැල බෙල්ලේ එතීම නිසා මවට අධික වේදනාවක් උද්ගත වී ඇතැයිද එම තත්ත්වය නිරාකරණය කිරීමට ඒ අවස්ථාවේදී වෛද්‍යවරුන් හා රෝහල් කාර් ය මණ්ඩලය අවශ්‍ය පරීක්ෂණ හා පියවර ගෙන නොමැති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයි සඳහන් කළ විනිසුරුවරිය වෛද්යවරුන්ගේ හා රෝහල් කාර්්ය මණ්ඩලයේ නොසැළකිල්ලේ ප්‍රතිපලයක් වශයෙන් ඇය ප්‍රසූත කල දැරියට කතා කිරීමට, අතපය සෙලවීමට, හා ඇවිදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් නිතරම වලිප්පුව වැනි රෝගී තත්ත්වයකින් දැරිය පසුවන බවත් නඩු විභාගයේදී අනාවරණය වු බව තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළාය.
දැරියගේ ජීවිතාන්තය දක්වාම මෙම තත්ත්වයෙන් සිටීමට සිදු වී ඇති බවත් කිසිඳු දිනෙක සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ඇයට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ සාක්ෂි වලින් තහවුරු කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරිය දැරියගේ ජීවිත කාලය පුරාම ඇගේ එදිනෙදා කටයුතු ඉටුකර ගැනීම සඳහාත් වෙනත් පුද්ගලයින් මත යැපීමට ඇයට සිදු වන බව පැහැදිලි බවද වැඩිදුරටත් සඳහන් කළාය.
ආබාධිත දැරිය ජීවත් කරවීම සඳහා විශේෂිත ආහාර දුව්‍ය සනීපාරක්ෂක දුව්‍ය ඇතුළු කටයුතු සඳහා මාසයකට රුපියල් 70,000/- ක පමණ මුදලක් වැය වන බව සාක්කි වලින් අනාවරණය වී ඇතැයි තීන්දු කළ විනිසුරුවරිය දැරිය නඩත්තු කිරීම සඳහා දෙමව්පියන්ට අවම වශයෙන් මාසිකව රුපියල් 50,000ක පමණ මුදලක් වැය බවත් එය වසරකට රුපියල් ලක්ෂ 6ක් පමණ මුදලක් වැය වන බව පෙනී යන්නේ යැයි ද තීන්දුවේ සඳහන් කළාය.
මෙම ආබාධිත දැරියගේ ආයු අපේක්ෂාව අවුරුදු 50ක් වශයෙන් ගණනය කරන්නේ නම් එම කාල සීමාව තුළ ඇය ජීවත් කරවීම සඳහා රුපියල් මිලියන 30 ක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බව තීන්දු කළ විනිසුරුවරිය අදාළ දැරියගේ දෙමව්පියන්ගේ මරණයෙන් පසුව ඇය රැක බලා ගැනීම සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙළක් රජය විසින් සකස් කොට නොමැති බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළාය.
එවැනි අවස්ථාවක පවා දැරිය වෙනුවෙන් වැය කළ හැකි මුදලක් තිබිය යුතු බව අවධාරණය කළ දිසා විනිසුරුවරිය ගම්පහ රෝහලේ වෛද්යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් දරුවාට සිදුවූ අලාභය රුපියල් මිලියන 30ක් යැයි තක්සේරු කළාය.
පැමිණිල්ලේ වාසියට නඩුව තීන්දු කළ දිසා විනිසුරු කල්හාරී ලියනගේ මහත්මිය අදාළ දැරියට රුපියල් කෝටි 03ක ක වන්දියක් ගෙවීමට වගඋත්තරකරුවන්ට නියම කළාය.
පැමිණිලිකාර ආබාධිත දැරිය වෙනුවෙන් නීතිඥ මඩුල්ලක් සමඟ නීතිඥ රවීනද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ නඩු තීන්දුවක් . ඊලගටවත් සැලකිලිමත් වෙයිනෙ
විනිසුරුවරියට , ගරු අදිකරනයට නිර්භිතව නිතිය ඉදිරියට ගිය මවට මගෙ ප්‍රාමය පුද කරමි, ලන්කවෙ වෛද්‍යවරුන්ට සහ රොහලකට විරුදව නඩු පවරල වන්දි ලබාගැනිම ඉතා බුර්ලබ දෙයක් වුනත් ලොකයේ දියුනු රටවල මෙක සාමාන්‍ය සිදිධියක්,
ඉතාමත් හොඳ වෛද්‍යවරු ඉන්නවා. නමුත් වැඩි හරියක් ඉන්නේ එහෙම නොවෙන අය. ලෙඩෙක් වැඩිපුර කරදර කලොත් එයාට ඉතින් දෙය්යන්ගෙම පිහිටයි.
රට ඇත්තටම හැදීමට නම් මෙවැනි විනිසුරුවරුන් තවතවත් රටට ඉතාම අවශ්‍යයි. වයිද්‍යවරුන්ගේ පුද්ගලික ඉතුරු කෝටි දෙක ගෙවන්න නියම කරානම් තවත් හොදයි.
ගරු අධිකරණයට මෙන්ම විනිසුරු වරියටත් මාගේ ගෞරවනීය ප්‍රණාමය! අපේ රටේ වෛද්‍යවරු හා සාත්තු සේවිකාවන් රෝගීන්ට ඇහුම්කන් නොදෙන්නේ ඇයිද කියන එක බරපතල ප්‍රශ්නයක්. හැබැයි මාෆියා දොස්තර සංගමය මේ සඳහා මොනවිදිහේ පියවරක් ගනීද කියලයි සැක. රාජ්‍ය ආයතන වල හරිහැටි රාජකාරිය නොකරන, මහජනතාව පීඩාවට පත්කරන අයටත් මෙවනිම දඬුවම් ලබා දිය යුතුයි. මට නම් හිතා ගන්න බැහැ, අනෙකාව පීඩාවට පත්කරමින් ලංකාවේ මිනිස්සු ලබන සතුට මොකක්ද කියලා???
සංගමේ කට්ටිය මොනවා කරයිද බලමුකෝ... මෙම තීන්දුව ඉතාමත් සාධාරණයි. මෙය අනාගතයේ පූර්වාදර්ශයක් වේවා..!
පෙකනිවැල බෙල්ලේ එතිලා ඕනෑතරම් දරුවන් මේ ලෝකෙට බිහිවෙනවා. ඒ බව කුසතුළදී දැනගැනීමට හැකි ක්‍රමවේදයක් වෛද්‍යවරයෙකු වශයෙන් මා මේ තරම් කාලයකට දැනගෙන සිටියේ නැහැ. වෛද්‍යවරයෙකු වශයෙන් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කරන අවස්ථාවේදී බෙල්ලේ පෙකනිවැල ඇත්දැයි බැලීම කිසිම රටක සිදුකරන්නේද නැහැ. මට අවුරුදු හයක බටහිර රටවල්වල වැඩකළ අත්දැකීම් තියෙනවා මේ සම්බන්ධව... එනිසා පෙකනි වැල බෙල්ලේ එතී තිබීම නොදැන සිටීම හෝ හඳුනා ගත්තේ නැතිකම හේතු කරගෙන වරදක් සිදු වූවා යැයි කීම පිළිගත නොහැකිය. ලංකාව හැර ලෝකයේ ඕනෑම රටක සෞඛ්‍ය සේවාවක් සපයන්නකු විසින් එහි වැඩ කරන සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා indeminity ඉන්ෂුවරන්ස් එකක් භාවිතා කළ යුතුයි. මම දන්නේ නැහැ. සපයන සෞඛ්‍ය සේවාවන්හි තත්වය තීරණය වන්නේ එම රටට සැපයිය හැකි පහසුකම් පදනම් කරගෙනයි. නීතිය ගැන කතා කරන්නන් හට එය සම්බන්ධයෙන් අවබෝධයක් ඇතැයි මා හට නොහැඟේ. ඔවුන් බලන්නේ රෝගියාට ඇතිවුණු හානිය පමණයි. පලවන ලෝකයේ රටවල සෞඛ්‍ය සේවාවන් හි තත්වයේ පවත්වා ගැනීම සඳහා නිසි ප්‍රමිතිකරණයට ලක්කරනු ලබයි. මෙහි එය නැත...
අමාත්‍යාංශය මගින් ගෙවන්නේ කාගෙ සල්ලිද? වැරැදි කරපු අයගේ දේපළ පවරාගෙන ගෙවනවා නෙවෙයි නම් ඒ ගෙවන්නෙත් දුප්පත් මිනිස්සු ගෙවන බදු මුදල්...
නියමයි, දැන්වත් පාඩමක් ඉගෙනගනිල්ලා. මිනිහෙක් රෝහලකට එන්නේ අමාරුවකට මිසක් විනෝදෙට නෙවෙයි. එහෙම ආපු අයට හරියට සලකලා බෙහෙත් දෙන්න.