IMG-LOGO

අලුත් තෙල් පිරිපහදුවකට සයිනොපෙක් සමග ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින්  හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය. 

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 2ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇත. එසේම ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමි වේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක  අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල්  රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර යන මහත්වරුද ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (15)

අලුත් තෙල් පිරිපහදුවකට සයිනොපෙක් සමග ගිවිසුමක්

Bandara Thursday, 16 January 2025 01:50 PM

නියම වැඩක්. හරියට කලොත්.

:       6       77

NIMALThursday, 16 January 2025 07:25 PM

අලුත් තෙල් පිරිපහදුවකට සයිනොපෙක් (පසුගිය රනිල්ගේ යහපාලන ආණ්ඩුව පිරිපහදුවකට ගිවිසුම් ගතව තිබිණි) සමග ගිවිසුම පමණක් නොව ගිවිසුම් කිහිපයකට අත්සන් කර තිබේ. පසුගිය දශක 3ක් පමණ කාලය තුළ ලංකාවේ රජයන් වෙනත් රටවල් සමග විදේශ ආයෝජනවලට/ වෙළඳ ගිවිසුම්වලට ලිප්ටන් රවුමේ සහ රටේ වෙනත් ප්‍රදේශවල දැඩි විරෝධත්වයක් දැක්වූ JVP පක්ෂය ලංකාවේ පසුගිය ආණ්ඩුවලට වඩා වේගවත්ව විදෙස් රටවල් සමග ගිවිසුම් ගතවීම මේ වනවිට සිදුවෙමින් ඇත...

:       8       91

ජගත් ලියනගේ Thursday, 16 January 2025 02:02 PM

ඒ ඉඩම් සින්නක්කරේටම වික්කෙ නැතුව ඇති නේද?

:       26       61

nili Thursday, 16 January 2025 03:06 PM

තෙල් සංස්ථාවේ නිලධාරීන්ටත් බලන්න නොදුන් තෙල් ටැංකි ටික මතක් වුණා...

:       4       29

fairoos Thursday, 16 January 2025 03:50 PM

කොහොම හරි පොඩ්ඩ පොඩ්ඩ ජිවන වියදම අඩු වුණොත් හොඳයි

:       7       60

අවුල් Thursday, 16 January 2025 04:03 PM

සමහරක්ට සීයා කරනකොට අවුල්... කොල්ලෝ කරනකොට ෆන්...

:       13       68

karolisThursday, 16 January 2025 08:15 PM

ඔව් රස්තියාදුකාරයෝ කැමැති රස්තියාදුකාරයින්ටම තමයි.

:       1       4

පිටරටවැසියා Thursday, 16 January 2025 04:07 PM

ඉඩම්ටික සින්නක්කරේටම නොවුණාට, වරායත් එක්කම අවුරුදු 198 කට චීනට බදු දීලා වසර කිහිපයක් වෙනවා.

:       7       44

Channa Thursday, 16 January 2025 05:13 PM

සීයත් සයිනොපෙක් එක්ක හම්බන්තොට පිරිපහදුවක් ගහනවා කිව්වා.

:       4       50

යෝගා Thursday, 16 January 2025 08:10 PM

අපරාදේ කියන්න බෑ.. සීයා පටන්ගත්තු සියල්ල ඒ ආකාරයෙන්ම කරගෙන යන්න තරම් ගටක් රතු අලින්ට තියෙනවා. කුහක නැතුව ඒ බව පිළිගන්නවා නම් කාගෙන්වත් අවුලක් නෑ.

:       1       4

බද්රානි Thursday, 16 January 2025 08:43 PM

වලව්වේ බේබි හාමු අපේ සල්ලි වලින් චීන්නු එක්ක උඩ ඇරපු රොකට් එකට මොකද වුනේ කියලා අනුර කුමාර මහත්තයාටවත් දැන ගන්න හැකියාවක් ලැබිලා නැද්ද..? මොනවා වුණත් වලව්වේ කටු කාපු කුක්කෝ නම්, බේබි හාමු උඩ ඇරපු චන්ද්‍රිකා කියලා හිතාගෙන උදේ හවස අහසේ තියන තරු වලට උඩු බුරනවා.

:       4       3

Mudannayaka mudiyanse Thursday, 16 January 2025 10:28 PM

බොරු කියන්න එපා බොල, කාංචන එක්ක සාකච්ඡා කරලා ඉවරවෙලා ආරම්භ කරන්න යනකොට තමයි මාලීමාව උද්ඝෝෂණ කලේ කාංචනගෙ මාමණ්ඩිට තෙල් කොම්පැණිය දෙන්න හදනවා කියල

:       1       5

Nandalal DE SILVA - France Thursday, 16 January 2025 10:55 PM

අලුත් එකක් මොකටද .සපුගස්කන්දේ පිරිපහදුව නවීකරණය කිරීමක් කරලා මදිද? කොහොම උනත් මේක චීන යටතට පත්වන එක නම් ෂුවර් !!! එතකොට ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි කාටද ඔප්පු තිරප්පු නැතුව ලියා දුන්නේ? අසල්වාසි ඉන්දියාව දත් කූරු කමින් මේ වැඩ බලන් ඇති!

:       2       3

Kapila Friday, 17 January 2025 07:56 AM

සීයා කරපු දේවල් වල අනුර උප්පැන්න දෙන්න යනවා. නූගත් ජෙබයියෝ හොඳටම චූන් වෙනවා

:       3       4

Paala Tuesday, 21 January 2025 12:09 PM

හොඳයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 800 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site