දේශබන්ධු මාතර අධිකරණයට ? අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව අප වාර්තතාකරුවෝ පවසති. 19 March 2025
ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය. 18 March 2025
ජනපති කාර්යාලයේ ගුවන් හමුදා රියක පුපුරණ ද්‍රව්‍ය ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළෙක් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වෙල්ලාලි පොලිසිය පවසයි. 18 March 2025
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව බාරව සිටි ප්‍රධාන ජේලර්වරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 17 March 2025
දේශබන්දුට නවාතැන් දුන්නොත් වැඩ වරදී අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. 17 March 2025
‘‘මා බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරනවා‘‘ බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. 16 March 2025
රජයේ ඉඩම් ගිල්ල දේශපාලන ලැයිස්තුව මැතිසබේට දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකර පෞද්ගලිකව පරිහරණය කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය. 14 March 2025
‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වී මාස කිහිපයක් තුළ තමන්ගේ සිහිනය සැබෑ කර දුන්නා. වත්මන් ජනාධිපති කෙලින් වැඩ කරන අයකු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා අද තංගල්ලේ දී පැවසීය. 14 March 2025
අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවසීය. 14 March 2025
බන්ධනාගාර හිටපු නිලධාරියකු වෙඩි තබා මරලා බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 13 March 2025
කෝපාවට ආ ’’ආර්.එම්.වී’’ ලොක්කන් ගෙදර යවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි ලෙස අප්‍රසාදය පළ කර රැස්වීමට සූදානම් වී නැවත පැමිණෙන ලෙස දැනුම්දී රැස්වීමේ කටයුතු අතරමග නතර කිරීමට කමිටුවේ සභාපති මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා කටයුතු කළේය. 13 March 2025
වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අධිකරණයට ගෙනූ අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එන්.කේ ජයවීර මහතාට අද සවස නියෝග කළේය. 12 March 2025
දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි. 12 March 2025
දේශබන්දු දුටු තැන අල්ලනු අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද විවෘත වරෙන්තු නිකුත් කළේය. 11 March 2025
බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 11 March 2025
හිටපු මැති ඇමැති පනහකගේ ගෙවල් සෙල්ලම නවත්වයි අරගල සමයේදී නිවාස ඇතුළු දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් පනස් දෙනකු වියත්පුර නිවාස සංකීර්ණයෙන් කුණු කොල්ලෙට නිවාස ලබා ගැනීමට දැරූ උත්සාහයක් අත්හිටවූ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පැවසීය. 11 March 2025
බොරු දින දමා වාහන ගෙන්වලා : රේගුව ඇහැ ගහගෙන ශ්‍රී ලංකාව වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙරටට පළමුව පැමිණි එන්.වයි.කේ නෞකාවේ වාහන 197 ක් මෙරටට ගෙන්වා ඇත්තේ ව්‍යාජ නිෂ්පාදිත දිනයක් පෙන්වමින් යැයි රේගු අංශය පවසයි. 10 March 2025
ප්‍රමාදය නිසා මධ්‍යම අධිවේගයට කෝටි 20,000 වැඩිපුර ගෙවන්න වෙයි රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 09 March 2025
ඔබ කැමති නම් පුංචි ඡන්දෙට මමත් එනවා-චමල් කාල්ටන් නිවසට අද ආපු පළාත් පාලන අපේක්ෂකයන් කැමතිනම් මමත් මෙවර පළාත් පාලන ඡන්දයට ඉල්ලනවා යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය. 09 March 2025
රියැදුරයි - කොන්දයි බීල වැටිලා:මගීහු පොලිස් රියෙන් ගෙදර යති වැලිකන්ද සිට ගල්කන්ද දක්වා ධාවනය කරවීමට නියමිත බසයේ රියැදුරු සහ රිය සහායකයා මත්වී වැලිකන්ද ඩිපෝවේ විවේකාගාරය තුළ නිදා සිටීම නිසා එම බසයේ ගමන් කිරීමට සිටි මගීහු පොලිසියේ ජීප් රථයකින් රැගෙන යෑමට අද සවස කටයුතු කළේය. 08 March 2025
දරුවන්ට දඬුවම් තහනම් කරන පනතක් ළඟදීම දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මනට සම්මත කර ගන්නා බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 March 2025
මත්තල වසර පහේ පාඩුව ගුවන් තොට හදන්න ගිය වියදමත් පනී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය අවුරුදු පහේදී රුපියල් කෝටි 3850ක පාඩුවක් ලබා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 07 March 2025
දේශබන්දුගේ වරප්‍රසාද කැපෙයි? අත්අඩංගුවට ගැනීම සදහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට ලබාදී ඇති මෝටර් රථය, පොලිස් ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් අත්හිටුවීමට රජය පියවර ගැනීමට නියමිත බවට තොරතුරු අනාවරණය වේ. 06 March 2025
හිටපු ඇමති මර්වින් රිමාන්ඩ් කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමට රජයට පවරා ගෙන තිබූ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ඇමැතිවරයෙකු වන ආචාර්ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ( 06 වැනිදා ) පස්වරුවේ නියම කරනු ලැබුවා ය. 06 March 2025
රජයේ ඉඩමක් හොරෙන් වික්කාට මර්වින් සිල්වා අත්අඩංගුවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 March 2025
ලයිට් බිල වැඩි කරන්න අයිඑම්එෆ් කියයි මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 05 March 2025
දේශබන්දු අනිද්දා බාර වෙයි? වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා බොහෝ වීට අනිද්දා (06) අධීකරණය වෙත බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.? 04 March 2025
සයිනොපෙක් - ආර්.එම්. පාර්ක් සියයට 3 දෙන්න පොරොන්දුවක්? මෙරට ඉන්ධන ව්‍යාපාරය කරන විදේශ සමාගම් වන ‘සයිනොපෙක්’ සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ඉන්ධන ලීටරයකට සියයට 3 ක වට්ටම දීමට පොරොන්දු වූ බව ඉන්ධන පිරවුම්හල්හිමියෝ පවසති. 03 March 2025
දළදා දැක්මට දින නියම වේ මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. 02 March 2025
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026