IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


හමාස් ප්‍රහාරයෙන් පසුව AI යුද්ධ වලංගුද ?

 

සතුරන් එල්ල කරන මිසයිල බිම හෙළීමේදී  සියයට 90-97 ත් අතර සාර්ථකත්වක් ඇති කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු ඊශ්‍රායලයේ ජංගම මිසයිල ආරක්ෂණ පද්ධතිය වන අයන් ඩෝම් පරාජය කිරීමට හමාස් ඉස්ලාමීය සටන්කාමීහු පසුගියදා සමත් වූහ.


නිරවද්‍යතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අයන් ඩෝම් ජංගම මිසයිල ආරක්ෂණ පද්ධතිය කෘත්‍රිම බුද්ධිය භාවිත කළේය. හමාස් ඉස්ලාමීය සටන්කාමීහු පසුගිය 7 වැනිදා විනාඩි 20 ක් තුළ රොකට් ප්‍රහාර 5000ක් ඊශ්‍රායල එල්ල කරමින් අයන් ඩෝම් පාරාජය කිරීමට සමත් වූහ. එකවර විශාල රොකට් සංඛ්‍යාවක් එල්ල වීම හේතුවෙන් ඒ සියල්ල විනාශ කිරීම සඳහා අයන් ඩෝම් වරකට භාවිත කරනු ලබන මිසයිල නාශක මිසයිල ප්‍රමාණවත් නොවීය.


කෘත්‍රිම බුද්ධිය කෙතරම් බලවත් වුවත් සතුරාට අවශ්‍ය වූ ප්‍රහාර එල්ල කිරීමට කෘත්‍රිම බුද්ධිය බාධාවක් නොවන බවට එය කදිම උදාහරණයක් විය. ඊශ්‍රායලය  දත්ත විශ්ලේෂණය කිරීමේ සිට තීරණ ගැනීම දක්වා ක්‍රියාවලියට කෘත්‍රිම බුද්ධිය භාවිත කරන බවත් කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් ඊශ්‍රායලය සුපිරි බලවතෙකු බවට පත්වෙමින් සිටින බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එයාල් සමිර් පසුගිය මැයි මාසයේදී ප්‍රකාශ කළේය.


හමාස් ඉස්ලාමීය සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ දරුණු ප්‍රහාරයට දින 10 කට පමණ පෙර පසුගිය සැප්තැම්බර් 27 වැනිදා ගාසා දේශ සීමාව පිළිබඳ නේටෝ හමුදා කමිටුවේ මුලසුන ඊශ්‍රායල බලධාරීහු ලබා ගත්හ.


ඒ ඊශ්‍රායලය සතු කෘත්‍රිම බුද්ධිය සහ අධි තාක්‍ෂණික නිරීක්ෂණ ක්‍රම තම රට ආරක්ෂා කිරීම සඳහා භාවිත කරන්නේ කෙසේදැයි පෙන්වාදීම  සඳහාය. ඊශ්‍රායලය මීට පෙර 2021 වසරේ පැවති යුද්ධයේදී කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය භාවිත කිරීම පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කළේය. තමන් සතු නවීන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ප්‍රදේශයේ තිබෙන සතුරු ඉලක්ක කිසිම සැකයකින් තොරව දත්ත විශ්ලේෂණය කිරීමෙන් හඳුනා ගන්නා බවත් තමන් සතු නවීන ඩ්‍රෝන යානා කෘත්‍රිම බුද්ධිය හඳුනා ගන්නා එම ඉලක්ක සාර්ථකව විනාශ කර දමන බවත් ඊශ්‍රායලය එහිදී පැවසුවේය.


කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු අති නවීන ආරක්ෂක පද්ධතියක් තිබීම හේතුවෙන් ඊශ්‍රායලය තම ආරක්ෂාව පිළිබඳ අධිමානසිකත්වයකින් සිට ඇති බවට මෙම ප්‍රහාරය උදාහරණයක් බව විශේෂඥයන් පෙන්වා දී ඇත.


එවැනි දත්ත විශ්ලේෂණය කිරීමෙන් සතුරු ඉලක්ක හඳුනාගත හැකි ඉතා බලවත් කෘත්‍රිම බුද්ධියක් ඊශ්‍රායලය සතුව තිබියදී හමාස් ඉස්ලාමීය සටන්කාමීන් පසුගිය 7 වැනිදා එල්ල කළ ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදු කිරීමට එම කෘත්‍රිම බුද්ධිය අසමත් වීම බරපතළ ගැටලු‍වක් මතු කරන බව විශේෂඥයෝ ප්‍රකාශ කළෝය. එම අසමත් වීම පිළිබඳ ඉදිරි වසර කීපය පුරාම ඊශ්‍රායලය සාකච්ඡා කරනු ඇති බවත් එවැනි අසමත් වීමක් සිදු වූයේ කෙසේදැයි ඔවුන්  අධ්‍යයනය කරනු ඇති බවත් විශේෂඥයෝ පවසති.
කිසිදු පෙර අනතුරු ඇඟවීමක් නොමැතිව ගාසා තීරය ආසන්නයේ ස්ථාන ගත කර තිබූ ඊශ්‍රායල හමුදා මුර කුටි සහ ඒ අසල සිටි හමුදා ප්‍රජාවන් පරාජය කිරීමට හමාස් ඉස්ලාමීය සටන්කාමින්ට හැකියාව ලැබිණ.


හමාස් සංවිධානයේ මෙම ප්‍රහාරය අනෙක් රටවල ආණ්ඩුවලටද අනතුරු ඇඟවීමක් විය හැකි බවත්, දෝෂ නොමැති කෘත්‍රිම බලගැන්වුණු ආරක්ෂණ පද්ධතියක් ලබා දිය හැකි බවත්, පවසන කොන්ත්‍රාත්කරුවන්ටද මෙය රතු එළියක් බව විශේෂඥයෝ පවසති.


ඇමෙරිකාවේ සහ මිතුරු රටවල බුද්ධි අංශ 2022 වසරේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන බව පෙර අනතුරු ඇඟවීම් ලබා දීමට සමත් විය. නමුත් හමාස් සංවිධානයේ ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදු කිරීමට ඔවුහුද අසමත් වූහ. අනාගතයේදී මෙවැනි දෙයක් සිදු වීම වැළැක්වීම සඳහා ඊශ්‍රායලය පමණක් නොව අනෙකුත් රටවල බුද්ධි අංශද සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව අධ්‍යයනය කරනු ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.


ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥා තිබිය යුතුම බවත් එක් හිටපු බටහිර ඔත්තු සේවා නිලධාරියෙකු පවසා ඇත. පැහැදිලිවම හමාස් සංවිධානයට මෙම ප්‍රහාරය දියත් කිරීමේ හැකියාව ලැබී ඇත්තේ සංඥා තිබුණත් ඒවා විශ්ලේෂණය කර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට බුද්ධි අංශ අසමත් වීම හේතුවෙන් බව එම නිලධාරියා පෙන්වා දී ඇත.
රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය වැනි උසස් තාක්ෂණයන් ඉතාමත් ඉක්මනින් යුද්ධයේ ස්වභාවය වෙනස් කරනු ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ හිටපු සභාපති ජනරාල් මාර්ක් මිලී සී.බී.එස් නාළිකාවේ සික්ස්ටි මිනිට් වැඩසටහනට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.
සෑම රටකටම මෙම තාක්ෂණය සඳහා ප්‍රවේශය ඇති බැවින්, ඇමෙරිකා එක්සත් ජනපදයද ඊට සූදානම් විය යුතු බව ජනරාල් මිලී පෙන්වා දුන්නේය. ඉදිරියේදීත් අනෙක් රටවල හමුදාවන්ට වඩා ඉහළින් සිටීමට නම් ඇමෙරිකානු හමුදාවට වෙනස්වීමට සිදුවන බව ජනරාල් මිලී ප්‍රකාශ කළේය. කෘත්‍රිම බුද්ධිය ඉදිරියේදී ඉතාමත් වේගයෙන් වර්ධනය වනු ඇති බවත් යුද්ධයකදී සතුරා පරාද කිරීම සඳහා සුදුසුම අවස්ථාව නිරීක්ෂණය කරමින් සහ දත්ත විශ්ලේෂණය කරමින් කෘත්‍රිම බුද්ධිය මිනිසාට සහාය දක්වනු ඇති බවත් ජනරාල් මිලී සික්ස්ටි මිනිට් වැඩසටහනේදී පැවසුවේය.

 


කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු පරිගණක යුද්ධයකදී හමුදාව යැවිය යුත්තේ කොතැනටද කවදාද වැනි තීරණ ඉදිරියේදී ස්වයංක්‍රීයව ගනු ඇතැයි ජනරාල් මිලී එම වැඩසටහනේදී ප්‍රකාශ කළේය. ඊ ළඟ වසර 10 ත් 15 ත් කාලයේදී කෘත්‍රිම බුද්ධිය යුද්ධය සඳහා භාවිත කිරීමට තවත් වැඩි දියුණු වනු ඇති බවත් කෘත්‍රිම බුද්ධිය යනු ඉතාමත් බලගතු මෙවලමක් බවත් ජනරාල් මිලී එම වැඩසටහනේදී පැවසුවේය. දැනට නිරීක්ෂණයේ සිට තීරණ ගැනීම දක්වා ක්‍රියාවලිය කෘත්‍රිම බුද්ධියට පමණක් බාරදීමට ඇමෙරිකාව සූදානම් නැති බවත් ඒ සඳහා නිලධාරීන්ද මැදහත් වන බවත් ජනරාල් මිලී ප්‍රකාශ කර ඇත.


යුද්ධයකදී කෘත්‍රිම බුද්ධියට වගකීම භාර නොදිය යුතු බවත්, වගකීම මිනිසුන් විසින් භාරගත යුතු බවත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිය බව ජනරාල් මිලී පවසා තිබේ.

 


■ විමුක්ති එස් රැද්‍රිගු
(සී.බී.එස් නිව්ස් සහ රොයිටර්ස් ඇසුරෙන්)

 

 

 



අදහස් (0)

හමාස් ප්‍රහාරයෙන් පසුව AI යුද්ධ වලංගුද ?

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3950 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 56 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1504 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 479 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 172 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 282 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 469 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1900 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1685 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site