IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


හමුදාපති පුටුවට පුතුට පාර විවර කළ රාජකීය යුද නිලධාරියා

 

යුද බිමට පය ගසන්නට හැමෝටම බැරිය. එය කොතරම් අවදානම් වුවද ඒ දුලබ අත්දැකීම් ලැබිය හැකි වන්නේ එහෙමත් කෙනකුට පමණි. සෑම රණවිරුවකු පිටුපසම ඉතිහාස කතාවක් ඇත. ඉන් කියවෙන්නේ කිසිවකු ආවාට ගියාට හමුදාවට එක් නොවන බවයි. එය පෙරුම්පුරා ආ ගමනක මේ භවයේ පිළිබිඹුවයි. රණවිරුවන් වූ සෑම අයකුගේම අතීත ජීවිතයට එබී බැලිය හැකි නම් ශත වර්ෂ ගණනාවක් එපිටදී හෝ වසර දහස් ගණනක් එපිටදී හෝ ඔවුන් යුද භටයන් ලෙස යුද සේවයේ කොහේ හෝ තැනක කටයුතු කොට ඇති බැව් නොඅනුමානය.


1881 අප්‍රේල් මස 01 වැනි දින ශ්‍රී ලාංකිකයන් හා සුදු ජාතිකයන්ගේ එකතුවෙන් ස්වේච්ඡා හමුදාවක් ලංකාව තුළ මුල්වරට ස්ථාපනය වී ඇත. එය ප්‍රථම පාබල ස්වේච්ඡා බළඇණිය වූ අතර එම බළඇණිය ලංකා අණ්ඩුකාරවරයා යටතේ පාලනය විය. ලංකා ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය යටත් විජිතභාර ලේකම් වෙතින් නියෝග ලබාගත් අතර යටත් විජිතභාර ලේකම් වික්ටෝරියා මහරැජින වෙත වගකිව යුතු විය. මෙම බළඇණිය පාබල බළඇණියක් වූ අතර, එහි සංවිධානය අශ්වාරෝහක කණ්ඩායමක්, කාලතුවක්කු කණ්ඩායමක්, ගිලන්මැසි කණ්ඩායමක්, ඉංජිනේරු කණ්ඩායමක් හා තූර්ය වාදක කණ්ඩායමකින් සමන්විත විය. පසුව ශිෂ්‍යභට කණ්ඩායමක් ද ආරම්භ කරන ලදී. 
මෙසේ ඇරඹි ස්වේච්ඡා හමුදාව විවිධ වෙනස්වීම්වලට භාජනය වෙමින් ක්‍රමිකව විකාශනය වී ඇති අතර, එම කාලසීමාව තුළ ශ්‍රී ලාංකිකයින් රැසක් ද එම ඉංග්‍රීසි හමුදාවේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකොට ඇති බව පැහැදිලිය. බ්‍රිතාන්‍ය හමුදාවට නෑකම් කියූ එම අතළොස්සක් පිරිස දකුණු අප්‍රිකාවේ බෝයර් යුද්ධය මෙන්ම පළමුවන, දෙවැනි ලෝක යුද්ධ ඇතුළු විදේශීය යුද මෙහෙවරහි ද නිරතව ඇත. මෙතෙර අභිමන එතෙර  රැන්දූ ඉංග්‍රීසි හමුදාවේ සිටි එම ශ්‍රී ලාංකික යුද භටයින් බ්‍රිතාන්‍ය රජයේ ගෞරව නම්බු නාමයන්ට පවා පාත්‍ර වී ඒ වෙනුවෙන් පදක්කම් ද හිමි කරගෙන ඇත.


එවක  බ්‍රිතාන්‍ය  හමුදාවේ සේවය කළ අතළොස්සක් පිරිස අතර වූ සුවිශේෂ චරිතයක් පිළිබඳව වර්තමානයෙහි ද අපට ආඩම්බරයෙන් කතා කළ හැකිය. ඊට හේතුව මේ වනවිට ඔහු ජීවතුන් අතර නොසිටියද ඔහුගේ ලේ උරුමයෙන් අද ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පන්නරය ලබාදී ඇති හෙයිනි. හේ අන් කිසිවකු නොව ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ එනම් වත්මන් යුද්ධ හමුදාපතිතුමන්ගේ ආදරණීය පියාණන්ය. 


නමින් හෙට්ටිගොඩ ලියනගේ සුගතපාල වන ඔහු බ්‍රිතාන්‍ය හමුදාවට සම්බන්ධ වන්නේ 1940 දශකයේ මුල් කාලයේය. අනතුරුව 1943 දෙසැම්බර් 08 වන දින හිරු නොබසින අධිරාජ්‍යය විසින් ඔහුව 2/ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්කරනු ලබන අතර, එය සිංහල හමුදා සාමාජිකයකුට රාජකීය අභිමානය පිරිනැමීමක් සේ සැලකිය හැකිය. බ්‍රිතාන්‍ය රජය විසින් හෙට්ටිගොඩ ලියනගේ වෙත ඔහුගේ අධිකාරී පත්වීමට අදාළ අක්ත පත්‍රය පුදනු ලබන්නේ බොහෝ ගෞරවනීය නම්බුනාමයන් ද සමඟින් වීම විශේෂත්වයකි. එම අක්ත පත්‍රය ලියැවී ඇති ස්වභාවය දෙස බැලීමේ දී ඒ බැව් කදිමට සනාථ වේ.


“ශ්‍රේෂ්ඨ හිරු නොබසින අධිරාජ්‍යයේ ද සයුරු රළින් එහා භූමියේ හා පෙරදිග ඉන්දියාවේ ද සර්වාධිකාරී වූ ශ්‍රේෂ්ඨ 6 වන ජෝර්ජ් රාජෝත්තමයන්ගේ නාමයෙන්, ශ්‍රේෂ්ඨ ශාන්ත ජෝර්ජ් සහ ශාන්ත මයිකල් ප්‍රසාදී නයිට් පදවි ධුරන්ධර, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ විශිෂ්ටතම සෙන්පතියා වූ ද ලංකාව ඇතුළු බොහෝ බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ගේ පාලන ධුරන්ධර සර් ඇන්ඩෲ කෝල්ඩර්කොට් මැතිතුමා විසින් මෙය හෙට්ටිගොඩ ලියනගේ සුගතපාල වෙත ප්‍රදානය කරන වගයි. (1943 දෙසැම්බර් 8 වන දින කොළඹදී)”
1910 අංක 8 දරන ආඥාපනතේ වගන්ති ප්‍රකාරව සර්වොත්තම පාලන අධිකාරී සර් ඇන්ඩෲ කෝල්ඩර්කොට් උතුමාණන් වෙත පැවරී ඇති බල ප්‍රකාරයන්ට අනුකූලව මනා යහපැවැත්ම සහ විනයධර ලංකාවේ ස්වදේශ හමුදාවන්ගේ සාමාජිකයන් විසින් ඔවුන් වෙත පලකරන ලද්දාවූ අතිවිශිෂ්ට රාජ පක්‍ෂපාතීත්වය, අවකංභාවය සහ ධෛර්යය උදෙසා හෙට්ටිගොඩ ලියනගේ සුගතපාල මහතා ලංකා ආරක්‍ෂක හමුදාවේ ලංකා පාබල හමුදාවේ දෙවන ලුතිතන් ධුරයට මෙලෙස අධිකාරියට පත්කරනු ලැබේ. ඒ අනුව එහි පදවියට උරුම වන්නා වූ සියලුම හිමිකම් ද වරප්‍රසාදයන් ද බල පුළුවන්කාරකම් ආදිය මෙහි හෙට්ටිගොඩ ලියනගේ සුගතපාල වෙත මෙලෙස පැවරෙන වගයි.”         
හෙට්ටිගොඩ ලියනගේ වෙත  බ්‍රිතාන්‍ය රජයේ පිළිගැනීම හා ගෞරවය කොතෙක්ද යන්න ඉහත අක්තපත්‍රයේ ලියවී ඇති ආකාරය කදිමට සනාථ කරයි. එසේම,  බ්‍රිතාන්‍ය  පාලන සමයේදී සහ ඩොමිනියන් ආධිපත්‍ය මුල් භාගයේ දී  බ්‍රිතාන්‍ය රජතුමා විසින් සිංහල හමුදාව වෙත ගෞරව නාම හා පදක්කම් පවා පිරිනමා ඇත. එහිදී, නිලධාරීන් හා සෙබළුන් දෙපිරිසටම එලෙස පදක්කම් හා ගෞරවනාම ලබාදීම විශේෂත්වයකි.  


යටත් විජිත සහායක බළකා නිලධාරී ගෞරව නාමය, යටත් විජිත සහායක දීර්ඝ සේවා පදක්කම 1899 - 1930, කාර්යක්‍ෂමතා විභූෂණය (ED) නිලධාරීන් සඳහා, කාර්යක්ෂමතා පදක්කම සෙබළුන් සඳහා 1930 - 1972


හෙට්ටිගොඩ ලියනගේ ද බ්‍රිතාන්‍ය රජය වෙතින් ලද ගෞරව පදක්කම් 04 කට හිමිකම් කියූ අතර, ඒවා ඔහු හමුදා සේවයේ යෙදී සිටිය දී පෑ දස්කම් හා පක්‍ෂපාතීත්වය වෙනුවෙන් ලැබූ විරල ගණයේ පදක්කම්ය. Defence Medal, War Medal, Coronation Medal 1953, Efficiency Decoration ඔහු හිමිකරගත් පදක්කම්ය.

 


1948 පෙවරවාරි 04 වන දින නිදහස ලැබී ශ්‍රී ලංකා හමුදාවක් මෙරට තුළ බිහිවීමත් සමඟම එතෙක් සුදු ජාතිකයන් යටතේ කටයුතු කළ මෙරට හමුදා සාමාජිකයන්ගේ යුගය ද සහමුලින්ම අවසන් විය. වර්තමානය වනවිට එදවස බ්‍රිතාන්‍ය හමුදාවේ එම දුලබ අත්දැකීම් ලැබූ සාමාජිකයන් කිසිවකුත් ජීවතුන් අතර ඇත්දැයි සැක සහිතය. නමුත්, ඔවුන් පිළිබඳව වන මතක වත්මන් හමුදා පරපුරට ද කදිම පූර්වාදර්ශයක් සේම වටිනාකමක් ද ගෙන දෙනු නොඅනුමානය.


සිය පියා පිළිබඳව ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ තුළ ඇත්තේ ගෞරවනීය මතකයකි. ඔහුගේ යුද හමුදා ආගමනයට තම පියාගේ පෞරුෂය හා අභිමානය ඍජුවම ඉවහල්වී තිබිණ. එසේම, හෙට්ටිගොඩ ලියනගේ පියා තුළ ද තම පුතු තමන් සේම හමුදා අධිකාරියක් දරනු දැකීම අභිප්‍රාය වී තිබිණ. 


විකුම් ලියනගේ යුද හමුදාවට එක්වන අවධිය වනවිට සිය පියා  බ්‍රිතාන්‍ය හමුදාවෙන් ඉවත්ව බොහෝ කල් ගතවිය. සැබවින්ම පියාගේ හමුදා දිවිය පිළිබඳව ඔහු තුළ ඇත්තේ බොඳවුණු මතකයක් වුවද ඉන් අනතුරුව ගෙවූ කාල පරිච්ඡේදය පිළිබඳ බොහෝ මතක ඉතිරිව ඇත. එසේම, 1986 වසරේ ඔහු යුද හමුදාවට එක්වූ මුල් කාලවකවානුව වනවිට සිය පියා ඔහුගේ දිවියේ අවසන් භාගයට එළැඹ තිබීම පිළිබඳව ඔහු තුළ ඇත්තේ ද කනගාටුවකි. 2 /ලුතිනන්වරයකු ලෙස විකුම් ලියනගේට තම පියා දක්නට ලැබෙනුයේ ද යුද හමුදාවට එක්ව ගත කළ නිවාඩු වාරයක දී හෝ දෙකක දී පමණි. කෙසේ වුවද, අදට ද ඔහු ආඩම්බරයෙන් ආවර්ජනය කරන පියා පිළිබඳ වූ අමරණීය මතක කිසිදු ලෙසකින් ඔහු තුළින් ගිලිහී නොයයි.


කුඩා කල පටන් තම පියාගේ සෙවනේම හැදී වැඩුණු ඔහු තුළින් පියාගේ ගති ලක්ෂණ නිරතුරුව දක්නට ලැබුණි. උදෑසන ව්‍යායාම අතරතුර දී ද විශේෂයෙන්ම කෑම මේසයේ දී ද බටහිර පන්නයේ බොහෝ සිරිත් විකුම් ලියනගේ පුතුට හුරු කරවන්නට ඔහු යත්න දැරීය. කොතරම් දඟකාර ගති පෙන්නුම් කළ ද විකුම් පුතු සිය පියා ඉදිරියේ සුවච කීකරු වන්නට වගබලා ගත්තේ ඔහු ඉංග්‍රීසි හමුදාවේ නිලධාරියකු බැව් අවබෝධ කොටගෙන තිබූ නිසාමය. 


සිය පියා තරුණ වියේ දී ඇඳි ඉංග්‍රීසි පන්නයේ ඇඳුම් පැලඳුම් පිළිබඳ පුතු විකුම් ලියනගේ තුළ ද වූයේ කැමැත්තකි. දෙපසින් බකල් අල්ලා කර හරහා පටි දෙකකින් එල්ලන ලද තම පියා විසින් අඳිනු ලැබූ කලිසම එම යුගයේ බොහෝ ජනප්‍රිය බටහිර විලාසිතාවක් වූ අතර එය ඔහුගේ ද තේරීම විය. පියාගේ එම ඇඳුම් පැලඳුම් ඇඳ පාසල වෙත ගිය විකුම්ට සම වයසේ යහළුවන් විටෙක විහිළු තහළු කළ මතකයක් ද ඔහු සතුය. 


ලංකා හමුදාවේ ආරම්භක පාබළ සාමාජිකයකුව හිඳ සුදු අධිරාජ්‍යයට නෑකම් කියූ පියකුගේ පුතකු වත්මන් ශ්‍රී ලංකා යුද හමුදාවට ද නායකත්වය සැපයීම දෛවෝපගත සිදුවීමක් සේම ඓතිහාසික දුලබ අවස්ථාවකි. සිය පියා රාජකාරි කළ ඉංග්‍රීසි යුගයේ මෙරට හමුදාවල තිබූ ස්වභාවයට වඩා හාත්පසින් වෙනස් වටපිටාවක සෘජුව හා වක්‍රව එල්ලවන ආර්ථික සමාජීය මෙන්ම ගෝලීය බලපෑම් හමුවේ ශ්‍රී ලංකා යුද හමුදාව සෘජුව නිසි මාවතේ රැගෙන යාම සුළුපටු අභියෝගයක් නොවේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ හට අවසන් මොහොත තෙක් තම පියාගෙන් ලද පරිචය එකී අභියෝග ජයගැනීමෙහිලා සෘජු පිටුවහලක්ව ඇති බැව් නොඅනුමානය.
ඓතිහාසික මාතලේ ප්‍රදේශයේ ඉපිද සිය පියාගේ අඩිපාරේ යමින් ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේද වත්මන් යුද හමුදාවට නායකත්වය සපයනුයේ දශක තුනහමාරක් ඉක්ම වූ අත්දැකීම් සම්භාරයකින් යුත් පරිණත නිලධාරියකු ලෙසිනි. එදවස සටන් බිමෙහි පෙරමුණේ වගකීම් දැරූ හෙතෙම දෙවතාවක්ම සතුරු උණ්ඩවලට ගොදුරුව තුවාල ලැබුවකු ද වේ. රට වෙනුවෙන් වූ සිය අනුල්ලංඝනීය වගකීම් නිසි ලෙස ඉටුකිරීමට ඔහුට සිය පියාගෙන් ලද පන්නරය ද රාජකීය උරුමය ද යෝධ සෙවණැල්ලක්ව ඇති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

 

 

ලුතිනන් කර්නල්
සුජිත් චමින්ද එදිරිසිංහ



අදහස් (0)

හමුදාපති පුටුවට පුතුට පාර විවර කළ රාජකීය යුද නිලධාරියා

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3781 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 43 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1476 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 461 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 275 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 356 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1753 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1585 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site