IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


හැටේ දශකයේ රටම හැඩවූ ගෝඨාභය කිරඹකන්ද දරුවාගේ මරණය

 

ළමයෙක්ව මරාදාලා මිනිය පල්ලියෙ ළිඳේ පාවෙනවා’ ආරංචිය ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. සිද්ධිය විවිධ කෝණ වලින් බැලීමට නොයෙක් දෙනා ඉදිරිපත් වූහ. ‘පුංචි ළමයෙක්නේ.... කවුද දෙවියනේ මේ අපරාදෙ කළේ.’ ගල්කිස්ස ශාන්ත රීටා දේවස්ථානයේ ළිඳට එබී බැලූ කොයි කවුරුත් කීහ. ළමයෙකු ඝාතනයට ලක්වීමක් නිසා මහා ජන ගඟක් ගල්කිස්සට ඇදී එන්නට වූහ. සුළු මොහොතක් ගත වන විට දරුවාගේ මාපියන් ඉදිරිපත් වූහ.    

‘මේ මගේ දරුවා’   


බෝධිපාල කිරඹකන්දත්, ජෙසී නැමැති කාන්තාවකුත් මියගොස් සිටින්නේ තම දරුවා බවට හඳුනා ගත්හ. එහෙත් සිදුවූයේ කුමක්ද? අදටත් අගක් කොනක් නැතිව මේ ළමා මරණය මෙරට පැරණි අපරාධ ගොනුවට තවත් පිටුවකි.   


ළමයකු ඝාතනයට ලක්වීම වැඩිහිටි ඝාතනයකටත් වඩා ඇතැම් විට අවධානයට ලක් වෙන්නකි. හැටේ දශකයට මෙය කොයිතරම් ප්‍රවෘත්තියක් වෙන්නට ඇත්ද? ළමයෙක් ඝාතනයට ලක්වීම, මෙම ඝාතනය ආගමික ස්ථානයකදී සිදුවීම, ඝාතකයෙක් නොමැතිවීම, මරණය සිය දිවි නසා ගැනීමක් පැත්තට පෙරළී යාම, චූදිතයන් නිදහස් වීම, මේ ආදී කරුණු ගොඩක කිරඹකන්ද දරුවාගේ මරණය පටලැවිණි.   


ළමා අපයෝජන වැළැක්වීමටත් ළමා හිංසන වැළැක්වීමටත් විවිධ පැතිකඩ ඔස්සේ සිවිල් සංවිධාන, වැඩසටහන් ආයතන ලෝකය පුරා තිබේ. ලංකාවේද එය ඉතා ශක්තිමත්ව පවතී. එවැනි දේට දඬුවම් ද සුළුපටු නොවේ. එවැනි තත්ත්වයක පාසල් දරුවෙකු ඝාතනය කිරීමෙන් අපරාධකරු බලාපොරොත්තු වූයේ කුමක්ද? නොදන්නා නොදරුවකු මැරීම පළිගැනීමක්ද? නැත්නම් වෛරයක් තරහවක් පිරිමැසීමක් ද? මෙවැනි කාරණා සමූහයක් ද ඝාතනය තුළ එහා මෙහා දෝලනය විය.   
ඇත්තටම සිදුවූයේ කුමක්ද? එම කතාව දිග හරිමු.   


හැටේ දශකයේ ලාංකීය හදවත් කම්පා කරමින් රාම්දාස් ගෝඨාභය කිරඹකන්ද නැමැති 11 හැවිරිදි දරුවා දෙනෙත් පියා ගත්තේය. ඔහුගේ මරණයේ ප්‍රධාන චූදිතයා බවට පත්වූයේ කාන්තාවකි. ඇය ද නව යොවුන් වියේ තරුණියක වීම විශේෂත්වයකි.   
‘රාම්දාස් ගෝඨාභය දරුවාව මැරුවේ පෝලින්’ සිද්ධියෙන් පසු පැතිර ගිය ආරංචියයි. පෝලින්ද කෘස් ඒ වන විටත් වයස අවුරුදු 22 ක් තරම් වූ වයසේ තරුණියක වූවාය. සිද්ධිය ආසන්න කාලයේ ඇය ගිය ගමන් බිමන්වල බොහෝ තැනෙක කිරඹකන්ද දරුවාද සිටියේය. මේ හේතුවද පෝලින් කෙරේ ඍජුව සැකයක් ඉපදවීමට හේතුවිය.   
පෝලින් යනු කිරඹකන්ද පවුලට කිසිම නෑදෑකමක් තිබුණු තැනැත්තියක් නොවේ. ඇය කිරඹකන්ද දරුවාගේ පියා සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ ගැහැනියකි. පෝලින්ද කෘස් බර්ගර් ජාතික කතෝලික තරුණියක වූ අතර ඇය වාසය කළේ දෙහිවල සත්වෝද්‍යානය පිටුපස ගල්වල පාරේ නිවෙසකය. ඇය නව යොවුන් විය ගත කළත් පිරිමින් ගණනාවක් සමග අනියම් ඇසුරුකම් පවත්වන බවට ඒ අවට විසූ බොහෝ අය නොදැන සිටියා නොවේ. 

 
පෝලින්ගේ ක්‍රමය වූයේ ඇය අනියම් ඇසුරට ළංකර ගත්තේ රටේ ධනවතුන් වීමය. එසේම ඒ ධනවතුන්ගේ වයස ද අැයට ප්‍රශ්නයක් වූයේ නැත. එය පෝලින්ගේ හැටි විය.   
පෝලින්, කිරඹකන්ද මහතාට ළංවූයේ එකක් ඔහු උපතින්ම ධනවතකු වීම නිසා විය යුතුය. මියගිය දරුවාගේ පියා වූ බෝධිපාල කිරඹකන්ද සැබෑ පෝසතෙක් විය. එය උපතින් ආ පෝසත් කමකි. ඒ කාලයේ හැටියට අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව, යුදහමුදාව ඇතුළු විශාල පෞද්ගලික ආයතන ගණනාවකට මාළු සැපයීම කළේ නුගේගොඩ එළියස් අප්පුහාමි මහතාය. ඔහුගේ බාල පුතා මේ බෝධිපාල කිරඹකන්ද විය.   
බෝධිපාල පසුකලෙක ජෙසී නැමැති කාන්තාවක් සමඟ විවාහ විය. එම විවාහයෙන් ඔවුන්ට දරුවන් තුන් දෙනෙක් ලැබිණි. එයින් බාලම දරුවා රාම්දාස් ගෝඨාභය කිරඹකන්ද විය.   
ඔහු ඉගෙනුම ලැබුවේ ගල්කිස්ස හේන පාරේ පාසලක හතරවැනි ශ්‍රේණියේය. රාම්දාස් කුඩා කල සිටම යම් මානසික ආබාධයකින් පෙළුණු බව කියැවේ. කෙසේ වෙතත්, බෝධිපාල කිරඹකන්ද විවාහ වූ කල පටන් සල්ලාලකමට ලැදියෙකු වූ බව ඔහු ගත කල ජීවිතය දෙස බලද්දී පෙනේ. කිරඹකන්ද මහතා රූමත් කාන්තාවක් දුටු විට ඉඟි බිගි පෑම මෙන්ම ඇයට ළංවීමට උත්සාහ කරන ගතියක් තිබුණත් ජෙනී නිසා ඒ බොහෝ අවස්ථා වැළකී ගිය බව පැතිර ගිය කතාවය. ජෙසී බිරිඳක් ලෙස දරුවන් තුන්දෙනෙකුගේ වගකීම් මැනැවින් ඉටුකළාය. ඒ අතරේ කිරඹකන්ද මහතා ‘පාරෙන් පිට පැනීම’ වළක්වා ගැනීමට නොයෙක් දේ කිරීමට සහ අවධානයෙන් පසුවීමට ඇයට සිදුවිය.   
ඇය කොයිතරම් වැටකඩොලු, බාධක බෝධිපාල කිරඹකන්දට දමා තිබුණත් ඒ අතරින් ඔහුට පෝලින් මුණ ගැසී තිබිණි. පෝලින් බොහෝ රූමතියක නොවුණද, ඇය ළඟ තිබුණු විසේකාර කමට කිරඹකන්ද මහතා වසඟයට පත් වී තිබිණි. පෝලින්ගේ වයසට වඩා දෙගුණයකටත් වැඩි වයසක සිටි කිරඹකන්ද මහතාට මේ ප්‍රේමය අලුත් අත්දැකීමක් විය. පෝලින්ට ද කිරඹකන්ද මහතාගේ වයස කිසිම ගැටලුවක් වූයේ නැත.   

 


කෙසේ හෝ මේ ආදරය දලුලා වැඩෙද්දී එය ඉතා ඉක්මනින් ජෙසීගේ කන වැකිණි.   
‘ජෙසී... මේ පාර නම් කිරඹකන්ද ඉවරයි. හොඳ බඩුවක් ඇඟේ දාගෙන ඉන්නේ. ඒකී එච්චර හොඳ එකියක් නෙවි. මුළු දෙහිවලම දන්නවා ඒකිගෙ හැටි. පෝලින්ට ඕනේ සල්ලි විතරයි. ඒකි සල්ලිවලට ඕන දෙයක් කරයි.’   
ජෙසී හමුවී ඇතැම්හු කියා සිටියහ. ඒ අසන හැමවිටම ජෙසී හඬා වැටුණාය. එයින් නොනැවතුන බෝධිපාල ගෙට ආ හැම විටම ඇය වරද පටවමින් බෝධිපාල කිරඹකන්ද මහතාට දොස් කියන්නට වූවාය. මේ සියලු දොස් දෝෂාරෝපණ කිරඹකන්ද පවුලේ බොහෝ ගැටුම් නිර්මාණය කළහ. කිරඹකන්ද මහතාගේ අනියම් ප්‍රේමය මේ නිවස එකම ගිනි ගොඩක් බවට පත්කිරීමට සමත් විය.   
පුදුමයට කරුණ වූයේ මේ සිදුවූ කිසිවක් කිරඹකන්ද මහතා නෑසූ කන්ව සිටීමය. ප්‍රශ්න එන්න එන්න ඔහු කළේම සිය අනියම් බිරිඳ වූ පෝලින් සමඟ ප්‍රසිද්ධියේ ගත කිරීමට පුරුදු වීමය.   


තත්ත්වය කොපමණ දුර ගියාදැයි කියනවා නම් පෝලින්ව අවසානයේ තම​ ගෙදරට ගෙන්වා ගන්නා තරමට කිරඹකන්ද ප්‍රබල විය. පෝලින්ද, ජෙසීගෙන් එන ඕනෑම දේකට ඔට්ටු ගෑනියක් වූවාය.   


මේ හැමදේම බලා සිටීමට, දරා සිටීමට තරම් හයියක් දවසින් දවස ජෙසීට නැතිව ගියේය. ඇය දවසින් දවස මානසිකව දුර්වල අඩියකට වැටුණාය.   
‘උඹට හොඳ නම් පෝලින් බැඳ ගනින්..’ සියල්ල දමා ගසා අන්තිමේ ජෙසී කිරඹකන්දට දික්කසාදය දෙන්නට තීරණය කළාය. මේ තත්ත්වය උදා වූයේ 1965 වර්ෂයේය. දික්කසාද නඩුවක් පයිල් කළද ජෙසීට කිරඹකන්ද මහතා ගැන සෙවීම නතර කළ නොහැකි විය.   
කිරඹකන්ද, පෝලින් සමග යන්නේ කොහේද, කතා කරන්නේ මොනවාද, කරන්න හදන්නේ මොනවාද? ආදී විස්තර දැන ගන්නට ජෙසීට වුවමනා විය. ඒ දේ නිවැරදිව කරගන්නට හොඳම උපාය දූතයකු ජෙසීගේ සිතට නැගුණාය. ඒ තමාගේම බාල පුතා වූ රාම්දාස් ගෝඨාභයයි.   
ඒ වන විට ඉතා ළපටි වියේ සිට රාම්දාස් හිමින් සීරුවේ පෝලින්ට හිතවත් කිරීමට ජේසී උත්සාහ කළාය. කිරඹකන්ද තාත්තා සමග රාම්දාස් නිතර එහේ මෙහේ යන්නට ගත්තේ ඉන්පසුවය. මේ හේතුව නිසාම රාම්දාස් පෝලින් ළඟ ඉන්න පුංචි පුතෙකු බවට පත්විය. පෝලින්ද, කිරඹකන්ද මහතාගේ බාල පුතු වූ රාම්දාස්ට බොහෝ ආදරය කළාය. ඇය තනිව ගමනක් ගිය ද රාම්දාස් කැටුව යන්නට අමතක නොකළාය.   
ජෙසී ඉතා සූක්ෂමව පෝලින් සහ කිරඹකන්ද මහතා යන එන ගමන් ආදී සියලු විස්තර රාම්දාස්ගෙන් අසා දැන ගත්තාය. තමාට මේ තොරතුරු රාම්දාස් හරහා ලබා ගන්නා බවක් ද ජෙසී කිසිවිටෙකත් ප්‍රසිද්ධියට පත් නොකළාය. කාලය ගෙවී ගියත් කිරඹකන්ද පවුල ගැටුම්වලින් තොර එකක් නොවීය.   
මෙම පවුලේ ඊළඟ ප්‍රබල ඛේදවාචකය නිර්මාණය වූයේ 1966 පෙබරවාරි මාසේ 07 වැනිදාය. එදා උදේ රාම්දාස් දරුවාගේ නිසල සිරුර ගල්කිස්ස ශාන්ත රීටා දේවස්ථානයේ ළිඳක පාවෙමින් තිබිණි.   


දරුවා මැරුවේ කවුද යන්න, සොයා ගැනීම ඊළඟ අරගලය විය. එදා රටම කතා කරන්නට ගත්තේ රාම්දාස්ගේ ඝාතනයයි.   
ඒ වන විටත් රාම්දාස් දරුවාගේ ඝාතනය සම්බන්ධව පෝලින්ද කෘස් ප්‍රධාන සැකකාරිය බවට පත් වී තිබිණි. දරුවා අවසන් වරට ඇය සමග සිටිනවා දුටු සාක්ෂි කීපයක් තිබීම ඊට හේතු විය. එසේම දරුවාගේ ඝාතනයේ දෙවැනි සැකකරු ලෙස පියා වූ බෝධිපාල කිරඹකන්ද මහතා ද අත්අඩංගුවට පත්විය. මේ කාරණාවත් සමඟ රට්ටු කියන්නට ගත්තේ   
‘පවු අහිංසක පොඩි එකා. හොර ගෑනි මරලා තියෙන්නේ’ වැනි කතාවකි.   
ඒත් පෝලින් දරුවාගේ මරණය ගැන එකම එක වචනයක් කියන්නට ගියේ නැත. ඒ නිහඬ බවම ඇය තවදුරටත් එම වරදේ පැටලීමට හේතු විය.   
රාම්දාස් දරුවාගේ මරණ පරීක්ෂණය ලුනාව රෝහලේදී සිදුකෙරිණ. ඒ වෛද්‍ය එම්.සී. බුල්ජන්ස් මහතා විසිනි. ඔහු ප්‍රකාශ කළේ රාම්දාස් දරුවාගේ මරණය සියදිවි නසා ගැනීමක් බව තමාට පෙනී යන බවය.   


මරණ පරීක්ෂාවෙන් එවැනි උත්තරයක් කිසිවෙකුත් බලාපොරොත්තු නොවීය.   
‘නෑ.....එහෙම වෙන්ඩ බෑ. මගේ දරුවා මැරුවා.’ මව වූ ජෙසී දිගටම කියා සිටියාය. ඒ අනුව නැවතත් රාම්දාස්ගේ මරණය සඳහා මරණ පරීක්ෂණයක් පැවැත්විණ.   
එයින් කියැවුණේ රාම්දාස් උදේ 9.30 හෝ එදින අලුයම මරණයට පත්ව ඇති බවත් එය ඝාතනයක් නොව සිය දිවි නසා ගැනීමක් ලෙසටම පෙන්නුම් කරන බවය.’   
දරුවාට යම් මානසික ආබාධයක් තිබූ නිසා සියදිවි නසා ගැනීමක් වීද යන්න එතැනින් පසු නැගී ආ තර්කයයි.   
කෙසේ වෙතත්, දරුවා පෝලින් සමග අවසන් වරට දුටු සාක්ෂි ගණනාවක් තිබිණි. එයින් එකක් පල්ලියේ සිටි ඇල්බට් පෙරේරා මහතා පවසා තිබිණි.   
 ‘පෝලින් කාන්තාව සිද්ධිය දිනයේ බොහෝ වේලා පල්ලියේ රැඳී සිටියා. දරුවෙක් ඇගේ සිරුරට බරවී සිටිනු ද දකින්නට ලැබුණා. මා ඇය හමුවී පල්ලියේ රැඳී සිටීමට හේතු විමසා සිටියා. ඒ අවස්ථාවේ ඇය කීවේ ස්වාමි හමුවී උප්පැන්නයක් ගැනීමට පැමිණි බවක්.’   
එසේම රාම්දාස් ගෝඨාභය දරුවාගේ පාසලේ මිතුරන්ද එදා සාක්ෂි කීපයක් ලබා දි තිබිණි.   


‘අපි සමඟ රාම්දාස් උදේ සෙල්ලම් කළා. එයා කාන්තාවක් සමඟ අවසන් වරට කතා කරමින් ඉන්නවා දැක්කා. ඒ කාන්තාව කහපාට ගවුමක් ඇඳගෙනයි සිටියේ.’   
මේ සාක්ෂි ඔස්සේ පෝලින්ගේ නිවස පරීක්ෂා කෙරුණ ද ඇයට කහපාට ගවුමක් තිබූ බවක් පෙනෙන්නට නොවුණි.   
කෙසේ වෙතත් රාම්දාස්ගේ මරණය සම්බන්ධව පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි දීමට හතළිස් දෙනෙක් කැඳවා තිබිණි.   
 මේ නිසා නඩුව ඉතා දීර්ඝ එකක් විය. පෝලින් ප්‍රධාන චූදිත කරමින් කිරඹකන්ද දරුවාගේ නඩුව විශේෂ ජූරි සභාවක ද විභාගයට ගැණිනි. ඒ 1968 පෙබරවාරි 23 දිනය.   
 එයද අවසානයේ නීතිඥ මහතුන් ඔබේ අන්තිම කැමැත්තත් දැනගන්න කැමැතියි, වශයෙන් පෝලින් දෙසට හැරිණි.   
‘ඉතාම නිහඬව මේ සියල්ල දෙස බලාගෙන සිටි පෝලින් වචනයක් පිට කළාය.   
‘මට කියන්න තියෙන්නෙ මෙපමණයි. මම දරුවව මැරුවෙ නෑ. මම නිර්දෝෂයි. නමුත් මට පක්ෂව තියෙන්නේ සාක්ෂි කීපයක් පමණයි.’ මේ වරද කළ කෙනා ඔබතුමා නිදහස් කරල ඉන්නේ....’ ඇය කීවාය.   


ජූරි සභාවේ සභිකයන් හත් දෙනාගෙන් හය දෙනෙකුම මෙම ඝාතනයට පෝලින් වැරදිකරු බවට තීරණය කළහ. ඒ අනුව අගවිනිසුරු එච්.එන්.ජී. ප්‍රනාන්දු විනිසුරුවරයා විසින් පෝලින්ද කෘස්ට මරණ දඬුවම නියම කළේය.   
දෙවැනි විත්තිකාරයා වූ බෝධිපාල කිරඹකන්ද මහතා නඩුව අතරවාරයේ නිදහස් කෙරිණි. ඔහු විත්තිකාරිය වූ පෝලින් සමග නොමනා සම්බන්ධයක් පවත්වා ගිය ද එදින ඔහු ඊට හවුල් වූ බවට සාක්ෂි කිසිවක් නොමැති වීම මීට හේතු විය.   
 මරණ දඬුවමට එරෙහිව අපරාධ අභියාචනා අධිකරණයටත්, එංගලන්තයේ රාජාධිකරණයටත් ඇය අභියාචනා ඉදිරිපත් කළාය. නමුත් ඒවාද ඇයට පිහිටක් ලෙස නොපැවතිණි.   
 1969 වර්ෂයේදී පෝලින්ද කෘස් තරුණියට ලැබුණු මරණ දඬුවම ජීවිතාන්තය දක්වා බලපවතින සිරදඬුවමක් හැටියට ලිහිල් කෙරිණි.   
ඊටත් වසර 10 කට පමණ පසු පෝලින්ට සිරදඬුවමින්ද නිදහස ලැබිණි. ඇයට නිදහස ලැබෙන විට වයස අවුරුදු 35 කි. ඉන්පසු ඇය කන්‍යාරාමයක ඉතාම නිහඬ ජීවිතයක් ගත කර පසුව ඕස්ට්‍රේලියාවට යන්නට ගියාය.   


පෝලින් දිගටම කියා සිටියේ ඇය මේ දරුවාගේ ඝාතනය සිදු නොකළ බවය. මරණ පරීක්ෂකයන් දෙදෙනෙකුගේ මරණ පරීක්ෂා වාර්තාවලද මෙය ඝාතනයක් නොවන බවට ප්‍රකාශ සටහන් විය. පෝලින්ට විරුද්ධව ආ ඇතැම් සාක්ෂි බොහෝ පරස්පර ඒවා විය. පෝලින් විසින් රාම්දාස් ගෝඨාභය ළිඳට තල්ලු කළ බවට කිසිම ඇසින් දුටු සාක්ෂියක් නොමැති විය.   
එහෙත් ඇයට මරණ දඬුවම නියම විය. නිසි සාක්ෂි නැති මරණයක ප්‍රධාන චූදිතයා වන්නට පෝලින්ට සිදුවිය.   
හැබෑවටම මේ මරණයේ සත්‍යය කුමක්ද? රාම්දාස් මියගියේ කෙසේද? ඔහු ළිඳට පැන්නාද? කවුරුන් හෝ ඔහුව ළිඳට තල්ලු කළාද? එවේලේ පෝලින්ද කෘස් තරුණිය සිටියේ කොහේද? මේ සියල්ල අදටත් රහස් ගොන්නකි. හරි සාක්ෂියක් නැතිව අන්ධකාරය විසින් වසාගත් කතාවකි.   
කුමක් හෝ වෙනත් රහසක් පෝලින් නිහඬව දැන සිටියාද? අනුන්ගේ වරදක් තමා භාර ගත්තාද? හිස් තැන් බොහොමයකට ඉඩ තබමින් අදටත් රාම්දාස් කිරඹකන්ද මරණය අභිරහසක් ලෙසම පවතී. චූදිතයා ගේ නමින් ප්‍රසිද්ධ වූ නඩු විභාගයක් ලෙස ද මේ නඩුව ඉතිහාසයට එක්වේ.   


 පසුකලෙක මෙම කතා ප්‍රවෘත්තිය ‘සිසිල ගිනි ගනී’ යනුවෙන් චිත්‍රපටයකට පාදක විය. ප්‍රසන්න විතානගේ මහතාගේ මෙම සිනමා සිස්තම රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මියගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කරන්නටද හේතු වූ බව කිව යුතුය.   

 

 

සටහන
අසංක ආටිගල   

 

 

 



අදහස් (0)

හැටේ දශකයේ රටම හැඩවූ ගෝඨාභය කිරඹකන්ද දරුවාගේ මරණය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4272 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 79 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1544 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 516 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 183 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 295 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 837 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2377 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2041 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site