IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


වෙස් නැටුමෙන් ලොවක් මවිත කළ අපේ පුංචි මිනිසා

 

ඉපැරණි රාජ නියමයන්ට අනුව රජවරුන්ගේ නීති සමුදායකට යටත්ව ලොව කිසියම් තැනක ආගමික සංස්කෘතික මංගල්‍යයක් සිදුවේනම් එවැනි වූ සීමිත ආගමික සංස්කෘතික උත්සවයන් අතර ප්‍රමුඛතාව හිමි වෙන්නේ කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයටයි.


එවැනි ලොව දුර්ලභ වූ ආගමික සංස්කෘතික මංගල්‍යයක් සොයා ලොව නන් දෙසින් ජාති ආගම් භේදයකින් තොරව යම් රටකට ජනතාවක් එක් රොක් වේ නම් ඒ ශ්‍රී ලංකාවේ කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය නැරඹීමටයි.


වර්තමානයේ මෙන් නවීන ඡායාරූප මෙන්ම වීඩියෝ පට ගැනීමේ තාක්ෂණයක් නොමැති කාලවකවානුවක, විදේශිකයන් චිත්‍රවලින් මෙන්ම එවකට තිබූ සීමිත වූ ඡායාරූප ගැනීමේ උපකරණ යොදාගෙන ගත් ඡායාරූපවලින් මෙම ඓතිහාසික ආගමික සංස්කෘතික උත්සවයේ ඇති වටිනාකම මැනවින් පිළිබිඹු වේ.
එවන් වූ අද්විතීය ආගමික සංස්කෘතික උත්සවයක ජනතාවගේ ඇස ගැටෙන්නේ, කරඬුව වඩම්මවමින් ගජගා වන්නමට පාතබන මහා හස්තීන්ගේ රූ ස්වභාවයට සේම, දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් ද මෙම මහා මංගල්‍යය සිදු කරන මාර්ගය පුරා තම පාද ස්පර්ශ කරමින් පාද සලමින් නර්තනයේ යෙදෙන වෙස් නැටුම් ශිල්පීන් ඇතුළු අනෙකුත් කලාකරුවන්ට ද හිමි වන්නේ ප්‍රමුඛතාවකි.


කිසියම් නර්තන ශිල්පියෙකුට වෙස් තැබූ පමණින් ඔහු වෙස් නැටුම් ශිල්පියෙකු වෙන්නේ නැත. කරඬුව වඩම්මන මංගල හස්තියෙකුට තිබිය යුතු මංගල ලක්ෂණ හත සේම වෙස් නර්තන ශිල්පියෙකුට ද එවැනි වූ ලක්ෂණ තිබිය යුතුව ඇත.
එවැනි වූ ලක්ෂණයන්ගෙන් සමන්විතව උඩරට වෙස් නර්තන කලාව ලෝකය හමුවේ ඔසවා තබමින් අඩසියවසකට වැඩි කාලයක් කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය විචිත්‍රවත් කළ නර්තන ශිල්පියෙකු මේ වෙන විට තම විශ්‍රාම සුවය ගත කරමින් එම මහා මංගල්‍යයේ සිදුවෙමින් පවතින නවීකරණයන් දෙස උපේක්ෂාවෙන් යුතුව බලා සිටින පුද්ගලයෙකු ඉරිදා ලංකාදීපයට හමුවිය. 


නම කියූ සැණින් ලොවක් හඳුනන ඔහු වෙස් නර්තන ශිල්පී පීටර් සූරසේන ය. 
1950 දශකයේ අවසානයේ සිට දශක හතරකට ආසන්න කාලයක් ලොව රටවල් හැටකට අධික ප්‍රමාණයක සංචාරය කරමින් උඩරට වෙස් නර්තන ශිල්පය ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔහු දැරූ උත්සාහය නිසාම මේ වෙන විට එහි ප්‍රතිලාභ ලැබෙමින් පවතී.


වර්තමානයේ මෙන් සමාජ මාධ්‍ය ඇතුළු නවීන තාක්ෂණික මාධ්‍යන් නොමැති අවධියක, මේ අපූරු කලා ශිල්පියා ලොව පුරා සැරිසරමින් තමන් ප්‍රගුණ කළ උඩරට වෙස් නැටුම ලොව පුරා ප්‍රචලිත කිරීමට ඔහු දැරූ උත්සාහය ශ්‍රී ලාංකිකයන් හැටියට අප සියලු දෙනා අගය කළ යුතුව ඇත.
පීටර් සූරසේන කලා ශිල්පියා ගැන කතා කිරීමේදී අමතක නොකළ යුතු චරිතයක් වෙන්නේ මෙරට කෘතහස්ත ව්‍යවසායකයෙකු වන ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ වන සිසිලියා කොතලාවල මහත්මියයි. උඩරට වෙස් නැටුම ලොව පුරා ප්‍රචලිත කිරීමට පීටර් සූරසේන ශූරීන් යම් මෙහෙවරක් කර තිබේද, ඒ හා සමාන මෙහෙවරක් ඇය විසින් ද සිදු කොට තිබේ. එම කලාව ලොව පුරා ගෙන යාමට අවශ්‍ය ජාත්‍යන්තර පසුතලය සූරසේන කලා ශිල්පියාට සකසා දී ඇත්තේ ඇය විසිනි.
එපමණක්ද නොව, එම නර්තන ශිල්පය පිළිබඳව ලෝකප්‍රකට ග්‍රන්ථයක් ද ඇය විසින් රචනා කොට තිබේ. මීට දශක දෙකකට පමණ පෙර එක්තරා දිනක මහනුවර රැජින හෝටලයේ දී ඇය මා හමු වූ අවස්ථාවක ඇය විසින් රචිත ග්‍රන්ථය පිළිබඳවත් උඩරට නර්තන ශිල්පීන් සමග ඇය ලොව පුරා කරක් ගැසූ ආකාරයත් ඉතා ආඩම්බරයෙන් යුතුව කතා කළ ආකාරය මෙන්ම 70 දශකයේ කටුනායක ගුවන් තොටුපොළේ සිට මෙරට සියලු සංචාරක හෝටල්වල ප්‍රදර්ශනය වූ ඇයගේ රුව සහිත උඩරට නර්තනයක පසුබිම් වූ පෝස්ටරය සම්බන්ධයෙන් ද ඇය මහත් ආඩම්බරයෙන් යුතුව කතා කළ ආකාරය මතකයේ රැඳී තිබේ.


පීටර් සූරසේන කලා ශිල්පියාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ උඩරට වෙස් නර්තනය ලොව පුරා ගෙන යාමට අවශ්‍ය වේදිකාව සකසා දෙනු ලැබූයේ සිසිලියා කොතලාවල මහත්මිය විසින් බවයි.
දශක ගණනාවක් පුරා ලොවක් හැඳිනු, නම කියූ සැණින් අදටත් හඳුනන පීටර් සූරසේන කලා ශිල්පියා සොයා අරුප්පොළ ඔහු සිටින නිවෙසට යන විට ද ඔහුගේ ආදරණීය දූ පුතුන්ගේ නොමද ආදරය සෙනෙහස ලබමින් සිටින ආකාරය දැක ගත හැකි විය.
දුටු සැණින් මා හඳුනා ගත් ඔහු, නිවසේ සෝපාවක හරිබරි ගැසී හිඳ ගත්තේ ඔහුගේ අතීත ආවර්ජනාව සිදුකිරීමටයි.
එතැන් සිට ඔහු පැවසුවේ මෙවන් කතාවකි.


‘එවකට වෙස් නර්තන ශිල්පියකු වශයෙන් ප්‍රතාපවත් චරිතයක් හෙබ වූ සුරබා ගුරුන්නාන්සේ විසින් 1948 දී පමණ මට වයස අවුරුදු 08 ක් ව තිබියදී මාව මහනුවර පෙරහරට සම්බන්ධ කළා. ඒ කාලේ මම නැටුවෙ නයියන්ඩි නැටුම්.


පසුව මම අමුණුගම සුරබා ගුරුන්නාන්සේ ගේ කලා ආයතනයේ නිත්තවෙල සුරබා, රංගම ගුණමලා, තිත්තපජ්ජල සුරබා, සහ උක්කුවා යන ගුරුන්නාන්සේලා යටතේ වෙස් නර්තන ශිල්පය හැදෑරුවා. ඒ අය එවකට ලංකාවේ ප්‍රචලිත මහා නමක් තබාගෙන සිටි නැටුම් පරම්පරාවල ඉහළින්ම වැජඹුණු අය.
මට වෙස් තැබීමෙන් පසු වයස අවුරුදු 18 දී මාගේ වැඩිමහල් සහෝදරයා වන හීන්බබා ධර්මසිරි සමඟ කොළඹට පැමිණ එවකට කොළඹ තිබූ ප්‍රධාන පෙළේ පෞද්ගලික පාසල් වූ ශාන්ත පීතර, අල්තුසා, ඇලීතියා, සහ නුගේගොඩ පිරිමි සහ බාලිකා පාසල් දෙකක නර්තන ගුරුවරුන් වශයෙන් සේවය කරමින් උඩරට වෙස් නර්තනයේ ද යෙදුනා.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ ඇයගේ සහෝදරිය වූ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීන් දෙදෙනා ද එම අවධියේදී මාත් මගේ වැඩිමහල් සහෝදරයාත් යටතේ නැටුම් ශිල්පය හැදෑරුවා. පසුව චන්ද්‍රිකා නෝනාගේ විමුක්ති පුතුණුවන් ද මාගෙන් නර්තන ශිල්පය හැදෑරුවා.
හැට දශකයේ ආරම්භයේ දී පළමු රාජ්‍යය නැටුම් කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ඉන්දියාවේ සංචාරයක යෙදුනා. ඩබ්ලිව්.ඩී. අමරදේව, විමලා අමරදේව, පණීභාරත, චිත්‍රසේන වැනි ප්‍රවීණයන් ද එම කණ්ඩායම සමඟ ඉන්දියාවේ සංචාරය කළා. 


පසුව මම රජයේ පාසලක් වූ ගාල්ලේ විද්‍යාලෝක විදුහලට නැටුම් ගුරුවරයෙකු වශයෙන් සම්බන්ධ වුණා. එම පාසලෙන් හික්කඩුව සුමංගල විදුහලටත් පසුව විශ්‍රාම ගන්නා තුරු මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලෙත් නැටුම් ගුරුවරයකු වශයෙන් සේවය කළා.
මා උඩරට වෙස් නැටුම ලොව ප්‍රචලිත කිරීම සඳහා ඇමෙරිකාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, රුසියාව, බෙල්ජියම, නෙදර්ලන්තය, එංගලන්තය ඇතුළු රටවල් 60 කට ආසන්න ප්‍රමාණයක සංචාරය කොට තිබෙනවා.
එම රටවලින් ඒ සඳහා ලැබුණු ප්‍රතිචාරය ඉතා ඉහළයි. එම නිසාම ඒ කාලයේ වැල නොකැඩී මහනුවර ඓතිහාසික පෙරහර බැලීමට විදේශික සංචාරකයන් මහනුවර පුරවරයට එක් වුණා.


විදෙස් රටවල මා ඉදිරිපත් කළ වෙස් නර්තනයන් අතර කිසිදා අමතක නොවෙන වෙස් නර්තනය වූයේ ඇමෙරිකාවේ කානගි Carnegie ශාලාවේ සිදුකළ වෙස් නර්තනයි. එහි අද වෙනතුරුත් ශ්‍රී ලංකාවේ කිසිදු කලා ශිල්පියකු නර්තනයක් ඉදිරිපත් කොට නැහැ. එහි නර්තනයෙහි යෙදීමට ආරාධනා ලැබෙන්නේ ලෝක පූජිත කලා ශිල්පීන්ට පමණයි. ඔවුන්ගේ ආරාධනා නොමැතිව කිසිවෙකුටවත් එම ශාලාවේ නර්තන ඉදිරිපත් කළ නොහැකියි. ඒ සඳහා අවශ්‍ය වටපිටාව මාහට සකසා දුන්නේ සිසිලියා කොතලාවල මැතිනියයි.
විදෙස් සංචාරවලදී බොහෝ දෙනකු මා හඳුන්වනු ලැබූවේ බටර් ෆ්ලයි ඩාන්සර් (butterfly dancer) යනුවෙන් ඒ අයුරින් ඔවුන් මාව හඳුන්වනු ලැබුයේ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ විසින් ප්‍රගුණ කළ සමනල වන්නම මවිසින් ඉතාමත් අලංකාර ලෙස විදෙස් නර්තන වේදිකාවේ රඟ දැක්වීම නිසයි.  


මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අමතක නොවෙන සිදුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසීමකදී අතීතය ආවර්ජනය කරමින් පනහ දශකයේ දී සිදු වූ අලි කුලප්පුව සම්බන්ධයෙන් පවසා සිටියේ අලි කුලප්පුව සිදුවෙන අවස්ථාවේදී ඔහු රැජින හෝටලය අසල නර්තනයේ යෙදෙමින් සිටි බවත් අලි කුලප්පුව ගැන දැනගත්තේ මිනිසුන් කලබල වී වැව රවුමේ ගස් උඩට නගිමින් පාර සිසාරා දුවමින් සිටීම හේතුවෙන් බවයි. ඔහුද එම අවස්ථාවේ දී රැජින හෝටලය තුළට රිංගා පණ බේරා ගත් බව ද අලි මුඩුක්කුව යනුවෙන් නම හැදුණේ කලබල වූ අලියා එම අතුරු මාර්ගයට වැදීමෙන් පසු බවද පවසයි.


මේ වෙන විට ඉතාමත් සැහැල්ලු සිතින් යුතුව තම විශ්‍රාම දිවිය ගත කරන පීටර් සූරසේන නම් වූ ඒ අපූරු කලා ශිල්පියා, ඔහුගේ හිඩැස පිරවීමට සුසන්ත, ජානක සහ නිලන්ත සූරසේන උඩරට වෙස් නර්තන කලාකෙත පෝෂණය කිරීම සඳහා දායාද කොට ඇති අතර, වැඩිමහල් පුත් සුසන්ත සූරසේන ජපානයේ රැඳෙමින් ජපානය තුළ උඩරට වෙස් නර්තන ශිල්පය ප්‍රගුණ කිරීම සඳහා කටයුතු කරන අතර ජානක සූරසේන මෙරට රැඳී සිටිමින් අරුප්පොළ තම නිවසේ කලා ආයතනය පවත්වාගෙන යමින් මෙරට දරුවන්ට ඒ අපූරුවූ කලාව ලබාදීමට කටයුතු කරමින් සිටී. එසේම මේ වෙන විට ජානකගේ කුඩා පුත්‍රයාද ඔවුන්ගේ තුන් වැනි පරම්පරාව වශයෙන් උඩරට වෙස් නර්තන කලාකෙත පෝෂණය කිරීමට වෙස් බැඳ සූදානමින් සිටී.

 

 

■ ෂේන් සෙනෙවිරත්න



අදහස් (0)

වෙස් නැටුමෙන් ලොවක් මවිත කළ අපේ පුංචි මිනිසා

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3778 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 43 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1476 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 460 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 170 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 275 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 355 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1752 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1583 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site