IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


රහස් පොලිසියටත් අබිරහසක් වූ ශාෆ්ටර් ඝාතන අබිරහස

ඇත්තටම ඔහු සිය දිවි නසා ගත්තේ නම් ඒ සඳහා මෙතරම් සැලසුම් කරමින් මෙතරම් අමාරු ක්‍රමයක් අනුගමනය කළේ ඇයි? මෙය සිය දිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බව අගවා එය කාගේ හෝ පිටේ පැටවීමේ අරමුණක් ඔහුට තිබුණාද? එහෙත් ඒ ඇයි? මේ කිසිවකට තවමත් විමර්ශන කණ්ඩායම් පිළිතුරු සොයාගෙන නැත.

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනයට ලක්ව මසකට අධික කාලයක් ගතව තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව නැත.   

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා මෙන්ම ෆාස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සි හි කළමනාකාර අධ්‍යක්ෂකවරයා මෙන්ම ව්‍යාපාර රැසක කොටස් හිමිකරුවෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනයට ලක්වුයේ පසුගිය මස 15 වැනිදා පස්වරුවේය. බොරැල්ල කනත්ත තුළ සිය මෝටර් රථය තුළදීම ඔහුගේ ගෙල වයරකින් ගැට ගසා අත් බැඳ රියදුරු අසුනට තබා බැඳ සිටියදී සොයා ගනු ලැබුණේ ශාෆ්ටර් මහතාගේ ව්‍යාපාරයේ විධායක නිලධාරියා වූ ක්‍රිෂ් පෙරේරා විසිනි. ඔහු ශාෆ්ටර් මහතාගේ බැමි ලෙහාගෙන රෝහල්ගත කිරීමට උදව් ඉල්ලා සිටි අවස්ථාවේ එයට සහාය වී තිබුණේ කනත්තේ සේවකයන් දෙදෙනෙකි. ඔවුන් තිදෙනා හැර මේ අවස්ථාවේ සිදුවූ දේ දන්නා වෙනත් කිසිවෙක් නැත. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ඔවුන්ගෙන් ද ප්‍රකාශ ලබා ගත්තේය. ඔවුන්ගෙන් පමණක් නොව ශාෆ්ටර් මහතාගේ පවුලේ සාමාජිකයන්ගෙන්, දෙමාපියන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ව්‍යාපාරික හවුල්කරුවන්ගෙන් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගත්තේය. මෙම මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී සිදුකළ අතර එහිදී ද පවුලේ සාමාජිකයන්ගෙන් හා ළඟම හිතවතුන්ගෙන් සාක්ෂි ගනු ලැබිණ. එසේම ආරක්ෂක කැමරා දර්ශන ඇතුළු විද්‍යාත්මක පරීක්ෂණ මගින්ද විමර්ශන ඉදිරියට ගෙන යනු ලැබිණ. 

 
එහෙත් මේ දක්වා ඔහුගේ මරණය සම්බන්ධයෙන් කිසිවෙකු වෙත සැකයක් එල්ල වූ බවට පොලිසිය සඳහන් කරන්නේ නැත. මේ මරණය සිය දිවි නසා ගැනීමක් ද යන සැකයක් ද විමර්ශන නිලධාරීන්ට ඇතිවී තිබිණ. ඒ ඔහු විශාල වශයෙන් ණයට මුදල් ලබාදුන් පුද්ගලයන් නැවත එම මුදල් නොගෙවීම නිසාත් කෝටි ගණනින් මුදල් ආයෝජනය කළ ව්‍යාපාර අසාර්ථක වීම නිසාත් ඔහුගේ ව්‍යාපාර කඩා වැටෙමින් පැවති බවට ද යම් යම් අදහස් පළ විය. ඒ නිසා කලකිරීමට පත් ඔහු සිය දිවි නසා ගැනීමට උත්සාහ කළාද යන සැකයක් ද මතුවිය. එහෙත් ඒ බවද තවමත් තහවුරු වී නැත.   


ඇත්තටම ඔහු සිය දිවි නසා ගත්තේ නම් ඒ සඳහා මෙතරම් සැලසුම් කරමින් මෙතරම් අමාරු ක්‍රමයක් අනුගමනය කළේ ඇයි? මෙය සිය දිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බව අඟවා එය කාගේ හෝ පිටේ පැටවීමේ අරමුණක් ඔහුට තිබුණාද? එහෙත් ඒ ඇයි? මේ කිසිවකට තවමත් විමර්ශන කණ්ඩායම් පිළිතුරු සොයාගෙන නැත.   
ශාෆ්ටර් මහතා බොරැල්ල කනත්තට පැමිණ තිබුණේ තනිවම බව තහවුරු වී ඇත. එසේම ඔහු කිසියම් ආපනශාලාවකින් දෙදෙනෙකුට සෑහෙන කෙටි ආහාර රැගෙන විත් තිබූ බවට ද සාක්ෂි ලැබී තිබිණ. එහෙත් ඒ කා වෙනුවෙන් ද? ඒවාට මොකද වුණේ යන්න තවමත් විසඳී නැත. ඔහු පිටිපස්සෙන් කිසිවෙක් ආවේ නැත්නම් ඔහුව ගැට ගැසුවේ කවුද?   


ඔහු නිවසෙන් පිට වූයේ පස්වරු එකයි පනහට පමණ බව පැවසේ. පස්වරු දෙකයි පනහට පමණ ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ දුරකථනයට කෙටි පණිවුඩයක් යොමු කරමින් තමන් ඔහු එනතුරු බලා ඉන්නා බව දන්වා ඇතැයිද තෝමස් මහතා පොලිසියට පවසා තිබිණ. එහෙත් ඒ කොහේද යන්න ගැන එහි සඳහන් කර නැති බවද ඔහු පවසා ඇත. එම කෙටි පණිවුඩ වල ඉංග්‍රීසි භාෂාව හැසිරවීම ශාෆ්ටර් මහතාගේ භාෂා හැසිරවීමට වෙනස් බවද ඔහු පවසා ඇත. එසේ නම් ශාෆ්ටර් මහතාගේ දුරකථනයෙන් වෙනත් කෙනෙක් කෙටි පණිවුඩ යැව්වාද? එසේ නම් ඒ කවුද? ශාෆ්ටර් මහතාම එම පණිවුඩ යැව්වේ නම් අගක් මුලක් සම්බන්ධ නැති එවැනි පණිවුඩ යැව්වේ ඇයි? ඔහු බ්‍රයන් තෝමස් හමුවීමට යන බව තමන්ට පැවසූ බව විධායක නිලධාරි ක්‍රිස් පෙරේරා පවසා ඇත. එසේ නම් පස්වරු 1.50ට පමණ නිවසෙන් පිටවූ ඔහු බ්‍රයන් තෝමස්ට තමන් හමුවීමට එන ලෙස පස්වරු තුනට ආසන්න වේලාවකදී දැනුම් දෙන්නේ ඇයි?   


​මේ කිසිවෙක් නොවේ නම් මේ මරණයට වගකිව යුතු වෙනත් පාර්ශ්වයක් සිටින්නේද? එසේ නම් ඒ කවුද? ඔහු ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර නඩුවේ ප්‍රබල සාක්ෂිකරුවෙක් බවද පැවසේ. එසේ නම් ​ෙමය එයට සම්බන්ධ පාර්ශ්වයකින් සිදුකළ ඝාතනයක් ද? එසේ නම් ඒ කවුද? මහජනතාවට මතුවන ප්‍රශ්න ඒවාය.   
එහෙත් මේ දක්වා එවැනි කිසිවක් සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී නැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ තවමත් මේ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු හඳුනාගෙන නැති බවය. එය තවමත් විමර්ශන මට්ටමේ පවතින බව ඔහු සඳහන් කළේය.   


ඕනෑම බරපතළ හා සැලසුම් සහගතව සිදුකළ ඝාතන පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගත්තේ ඉතාමත් සූක්ෂම අයුරෙන් සිදුකළ විමර්ශනවලිනි. ඒ සඳහා ඔවුන්ට එතරම් කාලයක් ගත වූයේ නැත. එහෙත් මේ මරණය ඝාතනයක් නම් ඝාතකයා සොයා ගැනීමට හෝ මෙය සිය දිවි නසාගැනීමක් නම් ඒ බව තහවුරු කිරීමට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වීම පුදුමය දනවන සුලුය.  

 

 

සටහන: 
මුදිතා දයානන්ද

 



අදහස් (0)

රහස් පොලිසියටත් අබිරහසක් වූ ශාෆ්ටර් ඝාතන අබිරහස

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4272 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 79 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1544 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 516 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 183 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 295 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 838 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2377 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site