IMG-LOGO watawala

2024 මැයි මස 20 වන සඳුදා


මිහිකතගෙන් දිගට හරහට බැට කන තුර්කිය

 

තුර්කිය සහ සිරියාව කැලැඹූ ප්‍රබල භූමිකම්පාව දරුණුතම ස්වභාවික ව්‍යසනයකි. පසුගිය පෙබරවාරි 6 වැනිදා අලු‍යමත්, ඉන්පසු සවසත් ප්‍රබල භූමිකම්පා දෙකකින් සහ පසු කම්පන 120 කින් පමණ තුර්කිය සහ සිරියාව දෙදරා ගියේය. භූමිකම්පාවෙන් වැඩියෙන්ම හානි වූයේ තුර්කියටය. තුර්කියේ සහ සිරියාවේ මියගිය ගණන මේ වනවිට 47,000 පසු කර ඇති අතර, තවමත් පවුල් පිටින් සුන්බුන් අතරින් සොයා ගැනීම සිදුවෙයි. පසුගිය 6 වැනිදා හටගත් පළමු භූමිකම්පාව, රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් සටහන් කළේය. එම භූමි කම්පාව හටගත්තේ තුර්කි වේලාවෙන් අලු‍යම 4.17 ටය. එවේලේ ඒ නගරවල බොහෝ දෙනා සිටියේ නින්දේ ය. 

භූමිකම්පාවෙන් දෙදරා ගිය දැවැන්ත තට්ටු ගොඩනැගිලි, නිවාස සංකීර්ණ බිමට කඩා හැලුණේ ඒවා තුළ සිටි අය සුන්බුන් අතර සිරකරමිනි. මහා කම්පනයෙන් පසු ආ පසුකම්පන මාලාව නිසා තත්ත්වය තවත් උග්‍ර විය. 6 වැනිදා සවස දෙවැනි භූමිකම්පාව හටගත්තේ තුර්කි වේලාවෙන් සවස 1.47 ටය. එය රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක ප්‍රබලත්වයක් සටහන් කළේය. ඉතිරිව තිබූ ගොඩනැඟිලිත් එයින් බිමට සමතලා විය. තුර්කිය මෙසේ ප්‍රබල භූමිකම්පා දෙකකින් සහ පසුකම්පනවලින් කැලැඹී මහා ව්‍යසනයකට මුහුණ දුන්නේ වසර 86 කට පසුවය. අවසන් වරට මහා භූමිකම්පාවක් තුර්කිය වැනසුවේ 1939 වසරේ දී ය. එයින් මියගිය ගණන 35,000 පසු කර තිබේ. කෙසේ නමුත්, පසුගිය 6 හටගත් භූමිකම්පාව ඊට සමාන කළ නොහැකිය. සිදුවුණු විනාශය අතිමහත් ය. 


පෘථිවි ශිලාගෝලය, පෘථිවියේ පිටතින් ඇති ආවරණයයි. පෘථිවි ශිලාගෝලය සෑදී ඇත්තේ විවිධ හැඩයන් සහ ප්‍රමාණයෙන් යුත් භූ තැටි 15කින් පමණය. මෙම භූ තැටි හදිසියේ, ප්‍රතිවිරුද්ධ අතට, එකමත එක ඇතිල්ලී ලිස්සා යයි. එවිට භූමිය කැලඹෙයි, කම්පා වෙයි. භූමිකම්පාවක් යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. පසුගිය 6 වැනිදා තුර්කිය සහ සිරියාව කැලැඹුවේ, තුර්කියට යටින් පෘථිවියේ කබොල්ලෙහි ඇති භූචලන තැටි තුනක් එකමත එක ගැටීමෙනි. 


හටගත් භූමිකම්පාව කොතරම් ප්‍රබලදැයි කීවොත්, අද වනවිට තුර්කිය, සිරියාව දෙසට මීටර තුනකින් (අඩි 10 ක්) පමණ තල්ලු‍ වී ගොස් ඇත. තවත් පැහැදිලි කළොත්, තුර්කියේ පිහිටීම වෙනස් වී ඇත. පසුගිය 6 වැනිදා අලු‍යම එකිනෙක ගැටීම සිදුවූයේ ඇනටෝලියානු තැටිය, අරාබි තැටිය හා යුරේෂියානු තැටිය යන භූ තැටි තුන ය. එයින් ඇනටෝලියානු හා අරාබි චලන තැටි අතර වූ ගැටීම නිසා කිලෝමීටර 225ක විභේදනයක් නිර්මාණය වී ඇතැයි භූ විද්‍යාඥයෝ පැහැදිලි කරති. කිලෝමීටර් 18ක් පොළොව යටින් සිදු වූ මෙම ගැටීම තුර්කියේ ගේෂියන්ටෙප් නමැති නගරය අපිකේන්ද්‍රය කර ගනිමින් භූකම්පනයක් ලෙස මතුපිටට ආවේය. 

 


භූකම්පනයක් ඇතිවීම කල් ඇතිව දැන ගන්න ක්‍රමයක් නැත. එසේ වුවත් භූචලන තැටිවල පිහිටීම අනුව භුකම්පන ඇති විය හැකි ප්‍රදේශ හඳුනාගෙන තිබේ. ඒ අනුව, ඒවායින් අවම හානි ලබා ගැලවෙන උපදෙස් දිය හැකිය. තුර්කිය සිරියාවට අමතරව, ඉතාලිය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඉරානය, නේපාලය, ඉන්දුනීසියාව, ජපානය, නවසීලන්තය ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය නිරන්තරයෙන් භූමිකම්පාවලින් බැටකයි. ඊට හේතුව, මෙම රටවල් පිහිටා ඇත්තේ භූ තැටි මායිම්වලට ඉහළින්වීම ය. 
පසුගිය 6 වැනිදා හටගත් භූමිකම්පාවෙන් පසු තුර්කියට සහ සිරියාවට විදෙස් ආධාර නොඅඩුව ලැබෙන්න විය. සිරියාවේ සිවිල් යුද්ධයක් පවතී. ඒ, 2012 වසරේ සිටය. භූමි කම්පාවෙන් වැඩිපුර හානි සිදුවූයේ සිරියානු රජයට විරුද්ධ, එරට විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකරුවන්ගේ පාලනය යටතේ පවතින පළාත් සහ නගරය. ඇලෙප්පෝ නගරය ද එයින් එකකි. සිරියාවේ පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, එරට විපතට පත්වූවන්ට ආධාර ලබාදීම සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි. ඊට සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ද සහාය ලැබී ඇත. 


රටවල් රැසක දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්, වෛද්‍ය කණ්ඩායම් තුර්කිය බලා පැමිණ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය 7 වැනිදා සහ 8 වැනිදා සිටය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් භූමිකම්පාවෙන් සිදුවුණු මහා විනාශය දැක බලා ගැනීමට තුර්කියට ගියේය. දිවා රෑ නොබලා වෙහෙස මහන්සිය නොබලා දිවි ගලවා ගැනීම් ආරම්භ විය. කුඩා දරුවන්, තරුණ තරුණියන් පමණක් නොව සුන්බුන් අතර සිරවී සිටි බලු‍ සුරතලු‍න් පවා මුදාගන්නා දසුන් හද කම්පා කළේය. අධික ශීතලත්, හිමපතනයත් හේතුවෙන්, සුන්බුන් අතර සිරවුණු අය වෙත මාරයාට කලින් ළඟා වීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් කාලය සමඟ සටන් කරන්න විය. කලින් සඳහන් කළාක් මෙන් අනුවේදනීය තත්වයක් දකින්නට ලැබුණේ ඊට අසුවූ කුඩා දරුවන් බේරා ගැනීම්වල දී ය. 


පෙබරවාරි 6 වැනිදා සිදුවුණු දැවැන්ත භූකම්පාවට අසුවූ සිරියාවේ ජින්දේරිස් හි නිවසක සුන්බුන් අතර හිර වූ මවක් දරුවකු ප්‍රසූත කළාය. දරුවා ජීවතුන් අතරය. ඒත් දරුවාගේ මව පමණක් නොව පවුලේ අය සියලු‍ දෙනාම මරණයට පත්වූහ. අසල්වැසි ඥාතීන් සුන්බුන් අවුස්සද්දී කටහඬක් ඇසී තිබේ. පසුව දිවි ගැලවුම්කරුවන් කොන්ක්‍රීට් කපා බලද්දී උපන් හැටියේ බිලිද‌ා හමු වී තිබේ. ඒ වන විටත් දරුවා පෙකණිවැලෙන් මවට සම්බන්ධව සිටි අතර මව මියගොස් සිටියාය. 

 


තවත් තැනක අහ්මඩ් නම් පුංචි පුතා මුදාගෙන ඇත්තේ කොන්ක්‍රීට් සුන්බුන් අතරින් මතු වූ කකුලක ඇඟිලි තුනක් දැකීමෙනි. ඒ සිරියාවේ ක්වාටාමාවලය. දකුණුදිග තුර්කියේ හුල්යා යිල්මාස් සහ අයිස් වේරා නම් ඇගේ දරුවා ගලවා ගනු ලැබුවේ භූකම්පාවෙන් පොළොවට සමතලා වූ ගොඩනැඟිල්ලට යටවී පැය 29කට පසුවය. සිරියාවේ ඇෆ්රින්වලින් ආ වීඩියෝවකින් දැක්වුණේ දිවි ගැලවුම්කරුවන් කොන්ක්‍රීට් සුන්බුන් අතරින් කුඩා දැරියක මුදාගනිද්දී ඇගේ අතින් අල්ලාගෙන ඇගේ පියා ඇයව සනසමින් සිටි ආකාරයයි. පින්තූරයේ පියා පෙනෙන්නට සිටියත් ඇය වෙනුවට, පෙනෙන්නට තිබුණේ ඇගේ අත පමණයි. ‘තාත්තා ඔයා ළඟ ඉන්නවා. බය වෙන්න එපා!’ පියා කොඳුරමින් සිටියේය. තවත් වීඩියෝවකින් දැක්වුණේ හඳුනා නොගත් තැනක සිට ඔවුන් ගලවා ගන්නා ලෙස ඉල්ලමින් කුඩා දැරියන් දෙදෙනකු එවූ ට්විටර් පණිවිඩයකි. සුන්බුන් අතර සිර වී සිටින ඔවුන් ඉක්මනින් ගලවා ගන්නා ලෙස ඒ පණිවිඩයෙන් ආයාචනය කර තිබුණි. 


පසුගිය සති අන්තයේ තුර්කි රජය නිවේදනය කළේ 6 වැනිදා සිදුවුණු භූමිකම්පාවෙන් දරුණු ලෙස හානි සිදුවුණු පළාත් දෙකක හැර සෙසු පළාත්වල දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කරන බවය. එසේ නිවේදනය කර පැය කීපයක් ගතවුණා පමණි. රික්ටර් පරිමාණයේ ප්‍රබලත්වය ඒකක 6.4 ක් සටහන් කළ තවත් අලු‍ත් භූමිකම්පාවකින් තුර්කිය සහ සිරියාව කැලැඹුවේය. මෙම නව භූමිකම්පාවෙන් කැලැඹුණේ ද පසුගිය 6 වැනිදා භූමිකම්පාවෙන් හානි සිදුවුණු පළාත් යැයි පැවැසිණි. නව භූමිකම්පාවෙන් තුර්කියේ සහ සිරියාවේ 12 දෙනකු මියගිය බවත් 300 කට වැඩි දෙනකු තුවාල ලැබූ බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. මහා විනාශයක් සිදු කළ හැක්කේ රික්ටර් පරිමාණයේ ඒකක 7 ට වඩා වැඩි භූමිකම්පාවලටය. රික්ටර් පරිමාණයේ ඒකක 8 ක් හෝ 9 ක් හෝ වාර්තා කරන්නේ නම් එම භූමිකම්පාවෙන් සිදුවන හානිය වචනයෙන් විස්තර කළ නොහැකිය. රික්ටර් පරිමාණයේ ඒකක 6.0 සිට 6.9 දක්වා ප්‍රබලත්වයක් පෙන්නුම් කරන භූමිකම්පාවලින් ද සැලැකිය යුතු හානියක් සිදුවෙයි. 


ඩේලිමේල් ඇසුරිනි.

 

 

සටහන : 
ලු‍සිත ජයමාන්න

 



අදහස් (0)

මිහිකතගෙන් දිගට හරහට බැට කන තුර්කිය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4273 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 79 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1544 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 516 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 183 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 295 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2378 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site