IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


මත් කුඩු රණ්ඩුවට මරා වළ දැමූ තරුණයෝ

පොලිස් පොතෙන් 

. කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්ත විජේරත්න මහතා මළ සිරුරු වළ දමා තිබූ වළෙන් හමු වූ යමක් පරීක්ෂා කරන අයුරු.   

 

මත් රකුසාගේ ග්‍රහණයට ලක් වූ තවත් තරුණයන් දෙදෙනෙකුගේ ඉරණම ඛේදවාචකයකින් නිමා වූ ආකාරය රඹුක්කන ප්‍රදේශයෙන් පසුගියදා අසන්නට ලැබිණ.

මෙලෙස අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූයේ මාවනැල්ල කිරිංගදෙණිය පදිංචිව සිටි මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆත් නමැති විසිඅට හැවිරිදි තරුණයෙක් හා මාවනැල්ල කෙරමිණිය සාෆියා වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් නෆ්පාස් මොහොමඩ් අලී නමැති විසිහය හැවිරිදි තරුණයෙකි.   


මොවුන් දිගු කලක සිට එකට සිටි මිතුරන් නොවේ. එහෙත් මත් ද්‍රව්‍ය භාවිතය හා එහි ගනුදෙනු නිසා දැන හඳුනාගත් දෙදෙනෙකි. අර්ෆාන් අතුරුදන් වූයේ පසුගිය නොවැම්බර් 18 වැනිදා සිටය. ඔහු අතුරුදන් බවට දෙමාපියෝ එම මස විසිහය වැනිදා මාවනැල්ල පොලිසියට පැමිණිලි කළහ. අලී අතුරුදන් වූයේ නොවැම්බර් 25 වැනිදා සිටය. ඔහුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මව්පියෝ පසුගිය දෙසැම්බර් 07 වැනිදා මාවනැල්ල පොලිසියට පැමිණිලි කළහ. 

 
මෙම පැමිණිලි දෙකම එක සමාන විය. ඒ නිසා දෙකම එකට ගනිමින් විමර්ශන සිදුකිරීම සඳහා කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත මහතා විසින් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාර දෙන ලදී. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ද කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මලන්දෙණිය, කාන්තා පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති, උප පොලිස් පරීක්ෂක කසුන් විතානආරච්චි ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින්ද වෙන වෙනම විමර්ශන සිදුකළහ.   


මෙසේ විමර්ශන සිදුකරමින් සිටිය දී හදිසියේ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට තොරතුරක් ලැබිණ. ඒ රඹුක්කන ප්‍රදේශයේ නිවසකදී තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන තොරතුරක් දන්න කෙනෙක් සිටින බවත් ඔහු එම තොරතුර පොලිසියට වාර්තා කිරීමට බියෙන් පසුවන බවත්ය. ඒ අනුව පොලිසිය එම තොරතුර ලබාදුන් පුද්ගලයා මාර්ගයෙන් ඝාතනය පිළිබඳ විස්තර දන්නා පුද්ගලයා ගෙන්වා ගෙන රහසිගතව ඔහුගෙන් විස්තර ලබාගැනීමට කටයුතු කළේය.   


ඔහුගේ තොරතුරට අනුව රඹුක්කන හූරිමලු‍ව ප්‍රදේශයේ ජීවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් ඔහුගේ නිවස තුළදී මෙම ඝාතන දෙක සිදුකර තිබේ. එහෙත් එසේ ඝාතනය කර තිබෙන්නේ කවුද යන්න ගැන පොලිසියට නිසි තොරතුරක් වාර්තා නොවීය. ඒ මෙම අතුරුදන් දෙදෙනා යැයි පොලිසිය සැක කරනු ලැබීය. ඒ අතුරුදන් තරුණයන්ගේ දෙමාපියන් තම දරුවන් හූරිමලු‍ව ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මත්ද්‍රව්‍ය ලබාගන්නා බවට පොලිසියට කළ ප්‍රකාශය අනුවය. මත්ද්‍රව්‍ය ලබාගෙන මුදල් නොදුන්නේ යැයි චෝදනා කර මෙම ජාවාරම්කරු ඇතුළු‍ පිරිසක් විසින් තරුණයන් දෙදෙනෙකුට පහර දී ඝාතනය කර එම නිවසේ පිටුපස කුකුල් කූඩුවක් යට වළ දමා උඩින් කොන්ක්‍රීට් දමා ඇති බවද එය තමන් සියැසින්ම දුටු බවද ඔත්තුකරු පොලිසියට පවසා ඇත.   


එම තොරතුර අනුව වැඩිදුර විමර්ශන සිදුකළ පොලිසිය ඒ සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර අදාළ නිවස පරීක්ෂා කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගත්තේය. එම නියෝගය පරිදි නිවස පරීක්ෂා කළ පොලිසිය පසුගිය ජනවාරි 12 වැනිදා කෑගල්ල අතිරේක මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මියගේත්, කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්ත විජේරත්න මහත්වරුන්ගේ හා කෑගල්ල අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රඹුක්කන හූරිමලු‍වේ පිහිටි සැකකාර නිවස පරීක්ෂාවට ලක්කරනු ලැබීය. ඒ අවස්ථාවේ නිවසේ සිටි සැකකරුවන් පළාගොස් තිබිණ.   


මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු විවාහකයෙක් වන අතර ඔහුගේ ක්‍රියාකලාපය නිසා බිරිඳ හා දරුවන් ඔහු හැරදමා ගොස් වෙනම ජීවත්වන බව විමර්ශනවල දී අනාවරණය වි තිබේ. ඔහුට එරෙහිව කිසිවෙකුත් කිසිවක් ප්‍රකාශ නොකරන අතර එසේ යමක් ප්‍රකාශ කළහොත් එම පුද්ගලයාට මෙම ජාවාරම්කරුගේ දැඩි වදබන්ධනයට ගොදුරු වීමට සිදුවන බවද අනාවරණය වී තිබේ. එසේම ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කර උපයන මුදල්වලින් ගමේ දුප්පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම මළ ගෙවල්වලට උදව් කිරීම වැනි දේ සිදුකරන බවද ඒ නිසා කිසිවෙක් ඔහුට එරෙහිව කතා කිරීමට අකමැත්තක් දක්වන බවද විමර්ශනවල දී අනාවරණය වී තිබේ. ඒ නිසා මෙම නිවස තුළ විවිධ වද බන්ධනයන්ට ලක්වන තරුණයන් සම්බන්ධයෙන් දැන ගත්තද කිසිවෙක් ඒ ගැන කට හොල්ලන්නේ නැති බව ද අනාවරණය විය.   


රඹුක්කන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් මහේෂ්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් අබේරත්න යන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම නිවසට දැඩි ආරක්ෂාවක් සපයා එම රැකවල් මැද කොන්ක්‍රී තට්ටුව කපා ඉවත් කර වළ හාරනු ලැබීය.   


 එදින සවස් වන විට අඩි 4 ක් පමණ පස් ඉවත් කළ පසු ඉටි උරයක බහාලු‍ යමක් දැකිය හැකි විය. එය තවදුරටත් පාදා පරීක්ෂා කර බලන විට එහි මළ සිරුරක් තිබෙනු දැකිය හැකි විය. එය ගොඩට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයට යොමු කරනු ලැබීය. ඉන්පසු කළ කැණීමේ දී තවත් මළ සිරුරක් හමුවිය. ඒ පෙර මළ සිරුර හමු වූ ස්ථානයේම ඊට අඩි කීපයක් යටිනි. එය පොරෝනයක ඔතා තිබු අතර සිරුර වළ දමා තිබුණේ සැකකරුගේ නිවසේ මිදුලත් එහි තාප්පයෙන් එහා පැත්තට වන්නට අල්ලපු වත්තත් හසුවන පරිදි වළ හාරමිනි.   


 එම සිරුරු හඳුනා ගැනීම සඳහා අර්ෆත්ගේ හා අලීගේ පවුලේ ඥාතීන් පසුගිය 16 වැනිදා කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයට කැඳවනු ලැබු අතර අර්ෆත් පවුලේ ඥාතීන් සිය සහෝදරයාගේ සිරුර හඳුනාගත්හ. සිරුර ගොඩ ගන්නා අවස්ථාව වන විට එය බරපතළ ලෙස නරක් ව තිබු නමුත් ඔහු හැඳ සිටි ඇඳුම, දත් හා පපුවේ ස්වභාවය අනුව පවුලේ සාමාජිකයෝ එය හඳුනා ගත්හ. එහෙත් අලිගේ සිරුර හඳුනා ගැනීමට පවුලේ සාමාජිකයන් අසමත් විය. එය නැවතත් පවුලේ සාමාජිකයන්ට දැක ගැනීමට අවස්ථාව ලබාදෙන බවද එහිදීත් හඳුනා නොගත හොත් ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකිරීමට සිදුවනු ඇති බව ද පොලිසිය සඳහන් කළේය.   


 මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු ඇතුළු‍ තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් මාවනැල්ල කිරිංගදෙණිය පල්ලිය පාරේ පදිංචිකරුවෙකි. ඔහු සිය නිවසේ සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. කුරුණෑගල කොහිලේගෙදර සැලව පදිංචි අනෙක් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ වැලිඔය නිකවැව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ මහගෙදර සැඟවී සිටියදීය. ඔහු වැලිඔයට ගොස් තිබෙන්නේ ඝාතනයට ලක්වූ එක් තරුණයෙකුගේ යතුරුපැදියකින් බවද අනාවරණය වී ඇති අතර එයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

 

මුදිතා දයානන්ද සහ 
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



අදහස් (0)

මත් කුඩු රණ්ඩුවට මරා වළ දැමූ තරුණයෝ

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4272 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 79 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1544 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 516 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 182 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 295 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 833 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2377 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2039 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site