IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


අවුල් සහගත පාසල් මිතුරු සම්බන්ධතා

පාසල් කාලය අවසන් කළ බොහෝ දෙනාට තම ජීවිතයේ මතකයන් අතර මිහිරිතම මතක ඇත්තේ බොහෝ විට පාසල් මිතුරන් සමගය. වයස් බේදයකින් තොරව පාසල් මිතුරන් ආශ්‍රය කිරීමට ලැබෙන්නේ අපට පාසල් කාලයේ දීය. මිතුරන් සමග දීර්ඝකාලීන මිතුරු සම්බන්ධතා පවත්වන්නේ කෙසේදැයි අප ඉගෙන ගන්නේ පාසල් කාලයේ දීය. මේ නිසාවෙන් මිතුරු සම්බන්ධතාවල සුවිශේෂීම අවධියක් වන්නේ පාසල් කාලයයි. 


වර්තමානයේ පාසල් සිසුන් අතර පවත්නා මිතුරු සම්බන්ධතාවල විශාල අවුල්සහගත බවක් පවතින බව අප සැමටම පෙනෙන්නට ඇත. මේ අවුල්සහගත බව වඩාත් හොඳින් දක්නට ඇත්තේ සම වයස් නොවන පාසල් සිසුන් අතර පවතින මිතුරු සම්බන්ධතාවලය. සම වයස් නොවන පාසල් සිසුන් යැයි අදහස් කළේ ඉහළ පන්තිවල සහ පහළ පන්තිවල ඉගෙනුම ලබන සිසුන් අතර ඇති මිතුරු සම්බන්ධතාය.


මේ අවුල් සහගත සම්බන්ධතා නිසා බොහෝ අයහපත් ප්‍රතිඵලවලට දරුවන්ට නිරන්තයෙන් මුහුණ දීමට සිදුවී ඇත. මෙයට ප්‍රධානතම හේතුව ලෙස මේ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී අවබෝධ වන්නේ පාසල් සිසුන් එකිනෙකාට ගරු නොකිරීමය. බොහෝ විට සමවයස් නොවන සිසුන් අතර පවතින සම්බන්ධතාවල දී එකිනෙකාට ගරු නොකරන විට ඒ සම්බන්ධතා පවත්වාගෙන යාමට හැකි වන්නේ නැත. අප අනෙකාව ගරු නොකරන විට අපට ද පෙරළා අනෙක් පුද්ගලයා ගරු කරන්නේ නැත.   


මෙයට කදිම උදාහරණය මිතුරු සම්බන්ධතාවල දී පාසල් සිසුන්ගේ කතා විලාසය නිසා එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය නැතිවී යාමයි. උදාහරණ වශයෙන් සඳහන් කරන්නේ නම් බොහෝ විට ඉහළ පන්තියක ඉගෙනුම ලබන සිසුවෙක් පහළ පන්තියක සිසුවෙකුට කතා කරන්නේ ‘බන්’, ‘උඹ’, ‘මූ’ වැනි ඉතා පහත් නොගැළපෙන වචනවලිනි. එවිට පහළ පන්තියේ සිසුවා ද අර වැඩිමහල් සිසුවාට ඇති ගෞරවය නැතිවී ගොස් ඉහත ආකාරයට නුසුදුසු ලෙස කතා කිරීමට පටන් ගනී. මෙය ලංකාවේ බොහෝ පාසල්වල දකින්නට ඇති විශාල ගැටලුවකි. මේ නිසා මේ මිතුරු සම්බන්ධතාවල දිගුකාලීන පැවැත්ම නැතිවී බොහෝ විට පාසල් සිසුන් අතර ගැටුම් ඇතිවන අවස්ථා වැඩිය.   


නමුත් අර ඉහළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවා පහළ පන්තියේ සිසුවාට ‘මල්ලී’ කියා කතා කළේ නම් ඒ සිසුවා ද ගෞරවනීය ආකාරයට ‘අයියේ’ කියා කතා කරන්නට ඉඩ තිබුණි. එසේ වූවා නම් කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැත. නමුත් බොහෝ පාසල්වල සිදුවන්නේ ඉහත සඳහන් ආකාරයටය.   


කෙසේ වෙතත් මේ ආකාරයට පහත් වචන/ නුසුදුසු වචන භාවිතය පාසල් සිසුන් අතර සිදුවූවාට කමක් නැත. එය නැති කිරීමට නොහැකිය වැනි තර්කයක් කෙනෙකුට ඇති විය හැකිය. මා කියන්නේ එසේ වචන භාවිතය සම වයස් සිසුන් අතර වූවාට එතරම් ගැටලුවක් නැත කියාය. එවිට එය ගැටුම්වලට තුඩු දෙන කාරණාවක් වන්නේ නැත. නමුත් එය සමවයස් නොවන සිසුන් අතර සිදුවුවහොත් එය ගැටලුවකි. මක්නිසාද යත් එසේ වූ විට එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය නැති වී යන නිසාය.   


කෙසේ නමුත් මේ පිළිබඳව පාසල් සිසුන්ට හරි හැටි අවබෝධයක් නැත. මේ නිසා ඔවුන් දිගටම මේ අවුල් සහගත මිතුරු සම්බන්ධතා ගොඩනගා ගනිමින්, ඒවා නිසා ගැටුම් ඇති කර ගනිමින් චක්‍රයක් ආකාරයට ගමන් කරමින් විශාල උගුලක සිරවී සිටී. මේ නිසා මේ සිසුන් පාසල් ජීවිතයේ දී වැඩි කොටසක් කරන්නේ මේ වියවුල් සහගත සම්බන්ධතා නිසා ඇතිවන ගැටලු නිරාකරණය කිරීමයි. නැවත ගැටලු ඇතිකර ගැනීමයි. මේ නිසා බොහෝ සිසුන් හට පාසල් ජීවිතයේ මිහිර විඳ ගැනීමට ඉඩ ලැබෙන්නේ ඉතා අඩුවෙන්ය.   
ඒ නිසා පාසල් සිසුන් සාර්ථක මිතුරු සම්බන්ධතා ගොඩනගා ගැනීමට සහ පවත්වා ගැනීමට පුරුදු විය යුතුය. සාර්ථක මිතුරු සම්බන්ධයක් යැයි අදහස් කරන්නේ එකිනෙකාට ගරු කරන මිතුරු සම්බන්ධතාවන්ය. මෙසේ සාර්ථක මිතුරු සම්බන්ධතා පවත්වන සිසුන්හට සාර්ථක ප්‍රීතිමත් පාසල් කාලයක් ගත කිරීමට නිතැතින්ම හැකි වනු ඇත. පාසල් කාලයේ ඉදිරියට පියවර තැබීම පහසුවනු ඇත. මේ නිසා අනෙකාට ගරුකිරීම පිළිබඳව දෙමව්පියන්, ගුරුවරුන් පාසල් දරුවන්ට කියා දෙන්නේ නම් නිරන්තරයෙන් මේ නිසා හට ගන්නා බොහෝ අයහපත් ප්‍රතිඵල මගහරවා ගැනීමට හැකිවනු ඇත.

   
සිතුම් කීඹියගේ, ගාල්ල.

 



අදහස් (0)

අවුල් සහගත පාසල් මිතුරු සම්බන්ධතා

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4129 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 67 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1523 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 499 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 177 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 288 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 608 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2109 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1834 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site