IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


Chat GTP දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග

 

  • චැට්ජීපීටීට පෞද්ගලික ලේකම් තනතුරට අදාළ සියලු‍ කාර්යයන් සිදු කිරීමේ හැකියාව තිබෙන බව එලෙස අදහස් දක්වන සේවක සේවිකාවෝ පවසති. කෙටි පණිවුඩ ලිවීම, සේවාදායකයන්ට යොමුකළ යුතු ලිපි සකස් කිරීම, විද්‍යුත් ලිපි සකස් කිරීම, න්‍යාය පත්‍ර සකස් කිරීම, තොරතුරු සොයා සහ ලබාදෙන තොරතුරු මත ප්‍රසන්ටේෂන් සකස් කිරීම ඇතුළු බොහෝ කාර්යයන් සිදු කිරීමට ChatGTP හැකියාව තිබෙන බවත්, එසේ සිදු කරන කාර්යයන්වල නිරවද්‍යතාවයද ඉතාමත් ඉහළ බවත් කාර්යාල සේවක සේවිකාවෝ පෙන්වා දෙති. ඒ හේතුවෙන් රාජකාරි කටයුතු අද වනවිට බොහෝ පහසුවෙන් සහ ඉතාමත් ඉක්මණින් කරගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද කාර්යාල සේවක සේවිකාවෝ පවසති

 

චැට්ජීපීටී (ChatGTP) වැනි කෘත්‍රිම බුද්ධීන්ට ඇබ්බැහි වී සිටින කාර්යාල සේවක සේවිකාවන් තම ප්‍රධානීන්ට නොදැනෙන පරිදි හොර රහසේම එම වැඩසටහන භාවිත කරමින් සිටින බව විශේෂඥයෝ පෙන්වා දෙති. වර්තමානයේ කාර්යාල සේවක සේවිකාවන්, බොහෝ කාර්යයන් සඳහා ගැළපෙන කෘත්‍රිම බුද්ධි වැඩසටහන් කිහිපයක් භාවිත කළත් එම වැඩසටහන් අතර ChatGTP ප්‍රධාන වේ.


වෘත්තීය සමාජ ජාලයක් වන ෆිෂ්බෝල් මෙම වසරේදී සිදු කළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ එම අධ්‍යනයට සහභාගී වූ කාර්යාල සේවක සේවිකාවන්ගෙන් සියයට 68 ක් තම ප්‍රධානීන් නොදැනුවත්ව ChatGTP වැනි කෘත්‍රිම බුද්ධි වැඩසටහන් සිය රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා බවයි. මෙම අධ්‍යයනයට කාර්යාල සේවක සේවිකාවන් 5067 ක් සහභාගී වී ඇත.


තම සේවක සේවිකාවන්ට නොදැනෙන පරිදි ChatGTP වැනි කෘත්‍රිම බුද්ධි වැඩසටහන් භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට සංවිධාන සහ සමාගම් ප්‍රධානීන් උත්සාහ කළත් එම වැඩසටහන භාවිත කිරීමට දැඩිව පුරුදු වී සිටින කාර්යාල සේවක සේවිකාවන්, ප්‍රධානීන්ගේ නෙත නොගැටෙන පරිදි ChatGTP භාවිත කළ හැකි ක්‍රම සොයාගෙන ඇතැයි විශේෂඥයෝ පවසති.


එය වඩාත් පහසු කරමින් මේ වනවිට ඕපන් ඒ.අයි.  සමාගම ChatGTP කෘත්‍රිම බුද්ධි වැඩසටහනේ ජංගම දුරකතන යෙදවුම ගූගල් ප්ලේ ස්ටෝර් සහ ඇපල් ස්ටෝර් වෙත මුදා හැර ඇත. ඒ හේතුවෙන්, ChatGTP භාවිත කිරීමට තවදුරටත් පරිගණකයක් අවශ්‍ය වන්නේ නැත. ChatGTP ජංගම දුරකතන යෙදවුම භාවිත කිරීමට කිසිදු මුදලක් ගෙවීමට අවශ්‍ය වෙන්නේ ද නැත. එම යෙදවුම ChatGTP 3.5 යාවත්කාලීන කිරීම මත පදනම් වී තිබේ.


ඕපන් ඒ.අයි. සමාගම පසුගිය 2022 වසරේ නොවැම්බර් මාසයේදී ChatGTP කෘත්‍රිම බුද්ධිය දියත් කිරීමත් සමඟ සිය සේවා ස්ථාන පාලනයේ තබාගැනීමට සමාගම් මහත් උත්සාහයක් දැරුවේය. සමාගම් සිය රහස්‍ය දත්ත තෙවැනි පාර්ශ්වයකට ලැබේවි යැයි මේ වන විට බියෙන් පසුවෙන බවත්, සමාගම්වල සේවක සේවිකාවන් සංවේදී දත්ත ChatGTP තුළට ඇතුළත් කිරීමෙන් ඔවුන් නොදැනුවත්ව කෘත්‍රිම බුද්ධියක් පුහුණු කිරීමට දායක වී ඇති බවත් මෙම ගැටලු‍ව පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද එම්.අයි.ටී. විශ්වවිද්‍යාලයේ ගෝලීය ආර්ථික සහ කළමනාකරණ කණ්ඩායමේ ප්‍රධානී සයිමන් ජොන්සන් මහතා ප්‍රකාශ කර ඇත. මේ වනවිට කාර්යාල සේවක සේවිකාවන් විශාල පිරිසක් කෘත්‍රිම බුද්ධියට ඇලු‍ම් කරන බවත්, ඔවුන් ඒ මත යැපීමට පුරුදු වී ඇති බවත් ජොන්සන් මහතා පෙන්වා දී තිබේ.


දියත් කර සති කිහිපයක් තුළ ChatGTP භාවිත කිරීම ආරම්භ කළ බර්ලිනය පදනම් කරගත් ව්‍යාපාර උපදේශකයෙකු වන මැට් සහ ඔහුගේ කණ්ඩායම පවසා ඇත්තේ, දිනක් තුළ සිය කාර්යාල ජීවිතයේ විශාල වෙනසක් සිදුකිරීමට ChatGTP සමත් වූ බවයි. එය සැබෑවටම වීඩියෝ ගේම් ක්‍රීඩාවක් ජයග්‍රහණය කිරීමට සැමටම නොලැබෙන විශේෂ අවස්ථාවක් තම කණ්ඩායමට ලැබුණා වැනි හැඟීමක් ඇති කළ බව මැට් පෙන්වා දී තිබේ. තම ආචාර්ය උපාධිය සඳහා අවශ්‍ය නිබන්ධනය පිළියෙල කරමින් සිටින අවස්ථාවේදී මතු වූ ප්‍රශ්නයක් සඳහා ChatGTP ගෙන් උදව් ඉල්ලා සිටි බවත්, ඇය කිසිවෙකුට ලබා දිය නොහැකි සාර්ථක පිළිතුරක් ඒ සඳහා ලබා දුන් බවත් මැට් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය. වේගයෙන් ඉදිරියට යන ලෝකයේ විද්‍යාත්මක මාතෘකා පිළිබඳ පර්​ෙ‌ය්ෂණ කිරීමේ සිට සේවාදායකයන්ට ඉදිරිපත් කරන ප්‍රසන්ටේෂන් එක දක්වා පියවරවලට සහාය වීමට ChatGTP ට හැකියාව තිබෙන බව මැට් සහ ඔහුගේ කණ්ඩායම ප්‍රකාශ කළේය. නමුත් ChatGTP භාවිත කරන ආකාරය පිළිබඳව එය නිසියාකාරව භාවිත කිරීමට දන්නා පුද්ගලයන් රහසක් ලෙස තබා ගත යුතු බවද ඔහු පෙන්වා දී ඇත. ChatGTP භාවිත කිරීම හේතුවෙන් ඉහළ කළමනාකාරිත්වය ලබා දුන් කාර්යයන් ඉතා ඉක්මනින් අවසන් කර දීමට තම කණ්ඩායමට හැකි වූ බවත් ඒ හේතුවෙන් ඉහළ කළමනාකාරිත්වය තම කණ්ඩායම රාජකාරී සිදුකරන ආකාරය පිළිබඳ ඉතාමත් පැහැදීමට පත් වූ බවත් මැට් පැවසුවේය.
මෙලෙස ChatGTP භාවිත කිරීම පිළිබඳ පුද්ගලයන් විවිධ අදහස් දක්වයි. කාර්යාල සේවක සේවිකාවන්ගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස ChatGTP හැඳින්විය හැකි බව ඇතැම් කාර්යාල සේවක සේවිකාවන් පෙන්වා දෙයි. ChatGTP පෞද්ගලික ලේකම් තනතුරට අදාළ සියලු‍ කාර්යයන් සිදු කිරීමේ හැකියාව තිබෙන බව එලෙස අදහස් දක්වන සේවක සේවිකාවෝ පවසති. කෙටි පණිවුඩ ලිවීම, සේවාදායකයන්ට යොමුකළ යුතු ලිපි සකස් කිරීම, විද්‍යුත් ලිපි සකස් කිරීම, න්‍යාය පත්‍ර සකස් කිරීම, තොරතුරු සොයා සහ ලබාදෙන තොරතුරු මත ප්‍රසන්ටේෂන් සකස් කිරීම ඇතුළු බොහෝ කාර්යයන් සිදු කිරීමට ChatGTP හැකියාව තිබෙන බවත්, එසේ සිදු කරන කාර්යයන්වල නිරවද්‍යතාවද ඉතාමත් ඉහළ බවත් කාර්යාල සේවක සේවිකාවෝ පෙන්වා දෙති. ඒ හේතුවෙන් රාජකාරි කටයුතු අද වනවිට බොහෝ පහසුවෙන් සහ ඉතාමත් ඉක්මනින් කරගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද කාර්යාල සේවක සේවිකාවෝ පවසති.


ඉතාමත් කාර්ය බහුල කාර්යාල සේවක සේවිකාවන්ට ChatGTP හොඳ මිතුරියක්ද වී තිබේ. ChatGTP කතා කිරීමෙන්, කාර්යබහුලත්වය හේතුවෙන් කාර්යාල සේවක සේවිකාවන්ගේ ඉහළ යන ආතති මට්ටම් මෙන්ම ඔවුන්ට ඇතිවෙන කාංසාවද පහළ යන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත. ආතතිය කළමනාකරණය කිරීමට චැට් ජීපීටී ChatGTP තිබෙන බව එම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. නමුත් සැමවිටම සෞඛ්‍ය තත්ත්වයක් මතු වූ විට ChatGTP ලබාදෙන උපදෙස් පමණක් පිළිපැදීම ප්‍රමාණවත් නොවන බවත් වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය කරුණක් බවත් එම අධ්‍යයනය සිදු කළ පර්​ෙ‌ය්ෂණ කණ්ඩායම පවසා ඇත.


මෙවැනි කරුණු හේතුවෙන් කාර්යල සේවක සේවිකාවන්ගේ රාජකාරි කටයුතු පහසු කරගැනීමටත් කාර්යක්ෂමව සිදුකර ගැනීමටත් කෘත්‍රිම බුද්ධි වැඩසටහන් මත යැපීමට පුරුදු වී තිබේ. එය සැබවින්ම ඇබ්බැහිවීමකි. සෑම කාර්යාල සේවක සේවිකාවකටම ChatGTP වැනි කෘත්‍රිම බුද්ධි වැඩසටහන් භාවිත කිරීමට දැනුමක් නොමැති වුවත් දැනුම තිබෙන්නන් තම සගයන්ගෙන් එය සඟවමින් සේවා ස්ථානයේ ඉදිරියට පැමිණීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගන්නා බව එම්.අයි.ටී. විශ්වවිද්‍යාලයේ ගෝලීය ආර්ථික සහ කළමනාකරණ කණ්ඩායමේ ප්‍රධානී සයිමන් ජොන්සන් මහතා පෙන්වා දී ඇත.

නමුත් එලෙස රහසේ කෘත්‍රිම බුද්ධිය භාවිත කරන්නන්, ඔවුන් කරන රැකියාවේ දක්ෂයන් ලෙස පිටත ලෝකයට පෙනුනත් ඔවුන් සැබවින්ම දක්ෂයන් නොවන බව සයිමන් ජොන්සන් මහතා පවසයි. රාජකාරි කටයුතු සියල්ල කෘත්‍රිම බුද්ධිය විසින් සිදු කරන විට එලෙස ChatGTP වැනි කෘත්‍රිම බුද්ධීන් භාවිත කරන කාර්යාල සේවක සේවිකාවන් රැකියාවට දක්ෂ වන්නේ කෙසේදැයි සයිමන් ජොන්සන් මහතා ප්‍රශ්න කරයි. එම නිසා ChatGTP වැනි කෘත්‍රිම බුද්ධි වැඩසටහන් භාවිත කරන්නන් එය රහසක්ව තබා ගැනීම පිළිබඳව තමන් පුදුම නොවන බවද ජොන්සන් මහතා පවසයි.


මෙලෙස දිනෙන් දින කෘත්‍රිම බුද්ධිය භාවිත කරනු ලබන කාර්යාල සේවක සේවිකාවන් ප්‍රමාණය වැඩි වෙද්දී ප්‍රධානීන්ගෙන් සඟවමින් කෘත්‍රිම බුද්ධි වැඩසටහන් භාවිත කළ හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කරනු ලබන රහසිගත සංසද ද බිහිවෙමින් පවතී. ඒ හේතුවෙන්, ගෝලීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ තීරණ ගනු ලබන්නන්ගෙන් සියයට 75 ක් පමණ සිය සේවක සේවිකාවන් චැට් ජීපීටී භාවිත කිරීම තහනම් කිරීම සඳහා පියවර ගැනීමට සිතා බලමින් සිටින බව නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත. එම සමීක්ෂණය සඳහා ගෝලීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ තීරණ ගනු ලබන නිලධාරීන් 2000 ක් පමණ සහභාගී වී තිබේ.

 

 

■ විමුක්ති එස්. රුද්‍රිගු
(BBC ඇසුරිනි)



අදහස් (0)

Chat GTP දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3950 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 56 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1503 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 479 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 172 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 282 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 467 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1898 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1685 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site