(අංජුල මහික වීරරත්න)
තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්‌තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (20) සිට නැවත ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් එච්.එම්.ජේ.එම්. හේරත් මහතා පවසයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධති දෝෂයක් නිසා එම කටයුතු ඉකුත් සතියේදී අත්හිටැවිණි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය මේ වන විට යථාවත් කර ඇති බැවින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් සුපුරුදු පරිදි හෙට සිට ක්‍රියාත්මක බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd