(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නාරහේන්පිට  ප්‍රධාන කාර්යාලයේ ජාතික  ජනබල වේගය නියෝජනය කරන ලංකා සේවක සමිතියේ  සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට  පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොන්දොස්තර වරයකු ලෙස රැකියාව කරන්නෙකි.

එම කාර්යාලයේ ගිණුම් ලිපිකාරිනියකට අගෝස්තු මස 29 වෙනිදින  සිදුකළයි පවසන ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එම ලිපිකාරිනිය ශ්‍රී ලංකා ගමනා වන මණ්ඩලයේ සහ පුද්ගලික බස් ඒකාබද්ධ කාල සටහනක් යටතේ යටතේ ධාවනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සමග සමඟ ප්‍රධාන කාර්යාලයේ ඉහත ගැටලුව සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වී වී පිටතට පැමිණෙමින් සිටියදී සැකකරු ඇයට ලිංගික අතවර කර බැන තර්ජනය කර ඇති බව පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.