(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිව් වසරක් පෙම් කළ තරුණයා එක්දරු පියකු බව දැනගත් විශ්ව විද්‍යාල සිසුවිය පෙම් සබඳතාවය නතර කිරීමත් සමගම එයට උරණවූ පෙම්වතා තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීයැයි කියන සිදධියකට එක් දරු පියකු වූ පෙම්වතා  අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ කුඩාමාදුව පාර සිසිල් සෙවණ උද්‍යානයේ පදිංචි එක්දරුපියකි.

එම සැකකරු සමග පැමිණිලිකාර තරුණියගේ සහ වෙනත් කාන්තාවගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය දර්ශන රැසක් ඇතුළත් ජංගම දුරකථය සහ ලැප්ටෝෆ් වර්ගයේ පරිගණකයද පොලිස් භාරයට ගෙන ඇත.

දකුණු පළාතේ පදිංචි 26 හැවිරිදි පැමිණිලිකාරිය 2022 වසරේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා කොළඹට පැමිණ ඇති අතර  එම විශ්ව විද්‍යාලයේම අධ්‍යාපනය ලබමින් සිටින අතරතුර සැකකරුද හඳුනාගෙන පසුව ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබූ බව පොලිසිය කියයි.

මෙම සබඳතාවය දෙපාර්ශවයේම මාපියන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර විවාහ වීමේ අපේක්ෂාවෙන් සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත.

එලෙස ගිය අවස්ථාවලදී නිරුවත්ව සිටිමින් ඡායාරූප හා වීඩියෝ පටද ලබාගෙන ඇති අතර ලිංගිකව එකට සිටින අවස්ථාවන්හිදී අසභ්‍ය දර්ශන පෙම්වතා විසින් ලබාගෙන ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත කළ බවටද තරුණිය කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.