
(සුජිත් හේවාජුලිගේ)
ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 1362කට වැඩි පාඩුවක් ලබා ඇත.
2025 වර්ෂයේ ජුනි මස ගිණුම් වාර්තාව අනුව මෙම පාඩුව දැක්වෙන බව විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාදී ඇති පිළිතුරක සඳහන්වේ.
විදුලි බිල අඩුවෙන් අය කිරීම හේතුවෙන් මෙම පාඩුව සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර විදුලි බල මණ්ඩලයට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතනවලින් මේ වනවිට කිසිදු ණය මුදලක් ගෙවීමට නැතැයිද එම පිළිතුරේ දැක්වේ.
ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රුපියල් කෝටි 1800කට වැඩි පාඩුවක් වාර්තා කර තිබිණ.
විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රුපියල් කෝටි 8400කට වැඩි ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය සියයට 121.8 ක පමණ ලාභදායීත්වයේ පහළ යෑමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd