(කේෂර ගුණතිලක)
මොනරාගල හුලංදාවේ විද්‍යාලයක ශිෂ්‍යයන් තිදෙනකු ලෝක ළමා දිනය යෙදුණු අද දින කසිප්පු පානය කර සිටින බවට ලද තොරතුරක් මත මොනරාගල පොලීසිය මඟින් එම ශිෂ්‍යයන් තිදෙනා පොලීසිය භාරයට ගෙන ඇත.
ශිෂ්‍යයින් තිදෙනා 10 සහ 11 වන් ශ්‍රේණි වල ඉගෙනුම ලබන අවුරුදු 16 සජ 17 වන වියෙහි පසුවන අය වෙති.
ඔවුන්ගේ මත් ගතිය (වෙරි) හිඳෙන තුරු පොලීසියේ රඳවා ගෙන මව්පියන් කැඳවා භාරදී තිබේ.
මේ අතර මොනරාගල මයුරගිරි කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යයින් කිහිප දෙනෙකු මත් ගතියෙන් සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත පාසලට ගොස් මත් ගුලි අලෙවි කරන කාන්තාවක්ද පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd