
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍ය සායනයකට යොමු කර ඇතැයි වාර්තාවේ.
එහිදී ඔහු වෛද්‍ය පරීක්ෂාවකට යොමු කිරීමෙන් පසු නැවතත් රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත. සේනාරත්න මහතා කලක සිට රෝගාබාධ කිහිපයකින් පෙළෙන බව දැනගන්නට ඇත.
රාජිත සේනාරාත්න මහතා රදවනු ලැබ සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ ‘එන්’ වාට්ටුවේය. එම වාට්ටුවේ රජයේ සේවකයෝ පිරිසක්ද රඳවනු ලැබ සිටිති.
එසේම මරණ දඬුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා වැලිකඩ බන්ධනාගාරයට නැවතත් මාරු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාරයේ ‘කේ’ වාට්ටුවේ තවත් රැඳවියන් පිරිසක් සමග රදවනු ලැබ සිටි. මේ අතර අතුරලියෙ රතන හිමියන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින අතර හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා රඳවා සිටින්නේ මීගමුව බන්ධනාගාරයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd