(ගයාන් සූරියආරච්චි)

78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් යුද හමුදාවේ මෙිෂන් නොලත් නිලධාරින් සහ නිලධාරිනියන් 9158 කට උසස්වීම ලබාදී ඇති බව යුද හමුදාව පවසයි.

යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොඩ්රිගු මහතාගේ නියෝග පරිදි එම උසස්වීම් අද(04)වන දා දින සිටි බලපැවැත්වෙන් පරිදි ක්‍රියාත්මක වේ.

ඒ අනුව බලලත් නිලධාරීන් II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 260 දෙනකු, බලලත් නිලධාරී I  නිලයටත්, මණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 1211 දෙනකු බලලත් නිලධාරී II නිලයටත් උසස් කර ඇත. 

එමෙන්ම සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ පොමිණන් නොලත් නිලධාරින් 1704 දෙනකු, මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරීන් 2339 දෙනකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරීන් 2204 දෙනකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 1140 දෙනකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලබා දී ඇත.