(ඇල්ල ප්‍රසාද් රුක්මල් ) මහියංගන එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක කරු වීරරත්න මහතා සිය ආසන සංවිධායක ධූරයෙන් අද (28) ඉල්ලා අස්විය . එම ඉල්ලා අස්වීමේ ලිපිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරිය වන තලතා අතුකෝරාළ මහත්මියට ලැබීමට සැලස්වූ බවද කරු වීරරත්න මහතා පැවසීය . එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ට මෙන්ම එක්සත් ජාතික පක්ෂය ට තමන් ආදරේ බවත් , පක්ෂය වැටී අසරණ වූ අවස්ථාවේ පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමෙන් කටයුතු සිදු කලබවත් හෙතෙම කීය . නමුත් එක්සත් ජාතික පක්ෂයට අරක් ගත් ,මහපොළොවේ පය නොගහපු කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපය නිසාවෙන් එක්සත් ජාතික පක්ෂය තව දුරටත් කඩා වැටෙමින් අගාධයකට යනබවත්, ඔවුන් .ආසන සංවිධායකවරුන් ගේ ප්‍රශ්න ගැටලු වලට ඇහුම්කන් නොදීම නිසාවෙන් තමන් කලකිරී මෙම තීරණය ගත් බවද කරු වීරරත්න මහතා වැඩිදුරටත් සදහන් කලේය .